වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
දුකඳුරු බදාදා සඳ නොබලනු සෙනසුරාදා
චන්ද්‍ර දින දසුනේ විශේෂ අවස්ථා කීපයක් හැකි පමණ කතා කිරීම වටින්නේ යැයි සිතුවෙමි. ‘චන්ද්‍ර දින දසුනේ අවසානය පසුගිය සතියෙහි සටහන් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. අද නව චන්ද්‍ර මාසයේ ඇරඹුම හෙවත් පුර පස පෑලවිය එසේත් නැතහොත් හඳ පුරාගෙන එන පළමු දිනය ඔබේ ජීවිතයට අතිශය වැදගත් වනු ඇත. මෙදින කිරිබත් පිස ආහාරයටගැනීම සෞභාග්‍යයජනක යැයි පැවසේ. අමාවක ගෙවීමෙන් පසුව උදාවන ඉර උදාවේදී එසේත් නැති නම් කළුවර පෝය ගෙවී උදාවන ඊළඟ දිනයේ උදේ කිරිබත් පිස නිවෙසේ අය සමඟ එක්ව අනුභව කිරීමෙන් එම මාසය පුරා සතුට, සමඟිය රැඳෙන්නේ යැයි විශ්වාස කෙරේ. අමාවක දින එසේ කිරීම සුදුසුයැයි මතයක් ද තිබේ. එහෙත් උමා ඡ්‍යොතිෂය න්‍යායන්ට අනුව පුර පෑලවිය දවස ඒ සඳහා සුදුසුවන බව පැවසිය යුතුය. එය හේතු යුක්ත සහගතය.
ඉදින් ධනාත්මක චින්තනය පිළිබඳ මෙකල බොහෝ දෙනාගේ උනන්දුවක් ඇත. නව ආරම්භයක් ලබාදීම සඳහා මේ දවස ඉතා සුදුසුය. ආත්මීය දෝෂ වෙනුවෙන් පොඩි හෝ පිනක් සිදුකොට විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දිව්‍ය කොට්ඨාසවලට පින් පෙත් දීමෙන් මහඟු ප්‍රතිඵල අත්වන්නේ යැයි කියා තිබේ. බිඳ වැටී ඇති, ඇණහිට ඇති බණ භාවනා කටයුතු ආරම්භය සඳහාත් මේ දවස ඉතාමත් සුදුසුය. කුණ්ඩිලිනි භාවනා වඩන්නන්ට, චක්‍ර භාවනා වඩන්නන්ට මේ දවස විශේෂ වේ. එසේම ශිව වන්දනාව සඳහා මෙය මහෝපකාරි වන දවසකි. ‘නවශිවාය’ යන මන්ත්‍රය දැනුම දියුණු ප්‍රඥාව වර්ධනය සඳහා පුර පෑලවිය දවසේ යොදා ගත හැකිය. ශිව දෙවියන් වෙනුවෙන් පූජා කොට එම මන්ත්‍රය 108 වතාවක් නිහඬව පරිසරයේ සජ්ඣායනය කිරීම මහඟු ප්‍රතිඵල ගෙනදීමට සමත් වනු ඇත. ඔබ එය “ඕම් නමයිවාය’ යනුවෙන් භාවිත කරන්නේ නම් ඔබට එරෙහි බලවේග එනම් ලෙඩදුක්, සතුරු කරදර ආදියට සහනයක් වනු ඇත. “ඕම් ශිවාය නමෝ” යන මන්ත්‍රය ඔබ ශිව දෙවියන් නැමදීම සඳහා මෙදින යොදා ගන්නේ නම් එම මන්ත්‍රය ඔබේ පූර්ව භාග්‍යය මතු කරනු ඇත. ප්‍රවේශම් විය යුතුය. හොඳින් පින් පෙත් දී ගායනා කළ යුතුය. පින්දීමට පුණ්‍ය කර්ම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ඔබට අලුත් දෙයක් ඉගෙන ගත හැකිය. මන්ත්‍රයේ අක්ෂර වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වෙනස් වන බවය. ඒ නම ශිවාය මූල මන්ත්‍රයයි.
පුර පෑළවිය ගැන තවත් රහසක් පවසමි. සිංහල උමා ඡ්‍යොතිෂ්‍යයෙහි රන්වන් කාලය කියා එකක් ඇත. “මාසේ ලත් තැන දෙපැයක් එක තැන” යැයි පදයක් සිංහල දඬුමරණ ශාස්ත්‍රයෙහි වේ. එය සුවිශේෂී කියමනකි. මේ රන්වන් කාලය ඒ හා සබැඳිය. එහෙත් මෙය ලිතක් කියවා ගත හැකි අයට පමණක් සොයාගත හැකි එකකි. පෙර මිනිසුන් මෙය කෙසේ ගැණ ගත්තා දෝයැයි නිශ්චිතව නොදන්නා නමුත් ඔව්හු එය ගැන ඇති බව මූලාශ්‍ර අනුව පෙනී යයි.
පුර පෑලවිය උදාවූ තැන් සිට ඉංගී‍්‍රසි මිනිට්ටු 48ක් ගිය තැන් පටන් තවත් මිනිට්ටු 48ක් ගෙවන තැන දක්වා කාලය රන්වන් කාලය වේ. ඊට හේතු කීපයක් වන අතර, සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන සිංහල දඬුමරණ ශාස්ත්‍රයෙහි ඒ ගැන ලස්සන අදහසක් ඉදිරිපත් කරනු ලැබේ. මේ මොහොත ප්‍රභාෂ්වවරය, සිතන පතන දෑ සමෘද්ධියට පත්වන මොහොතකි. සිතීම පැතීම ද ක්‍රමවත්ව සිදු කළ යුතුය. එසේ නොකළොත් ගැටලු මතු විය හැකිය. රත්‍රන්වලට ලෝභ වූ මිනිසා අල්ලන අල්ලන සියලු දේ රත්‍රන් වේවා’ යි කළ පැතුම අමතක නොකළ යුතුය. අංගුලිමාල මහ තෙරුන් පෝරිසාද නම් ජව සම්පන්න පුරුෂයකුව ඉපිද සිටි කල පසේ බුදුකෙනකුට සත්කාර කොට ‘මා දකින අය භය භිරන්ත වේවා’ යැයි ප්‍රාර්ථනයක් කළ බව ද අංගුලිමාල චරිත කතාවේදී එහි ප්‍රතිඵලයක් සේ දකින සැණින් මිනිසුන් භය භිරන්තව ඇද වැටුණු බව පැවසේ. එහි මූලාශ්‍රය නම් මා මතකයේ නැත. ඉදින් එසේ හෙයින් නිවැරැදිව ප්‍රාර්ථනා සිදු කිරීමට ඔබ අප කවුරුත් වග බලා ගත යුතුව ඇත.
ඉහත කියන ලද රන්වන් කාලයේදී ඔබේ ඉෂ්ට දේවතාවාට පින් පෙත්දි මල් පහන් පූජාකර එළඹෙන මාසයේ සාර්ථකමය ප්‍රාර්ථනා කළ හැකිය. එය ශුභ දිශාවක් බලා සිදුකිරීම ප්‍රතිඵල තව දුරටත් වර්ධනය වීමට හේතුවකි. ඔබේ නම – නැකතට සහ එකී මොහොතකටම ගැළපෙන සුබ දිසාව තෝරා ගැනීමෙන් ඔබේ ජයග්‍රහණය තව දුරටත් ශාක්ෂාත් කරගත හැකිවනු ඇත. ඉර උදාව යනු අලුත් දවසක උදාවකි. පැරැන්නෝ දවස ගෙවී අලුත් දවසක් උදාවන කල්හි අහසෙහි රන්වන් ඉරක් දුටුහ. අහස පලාගෙන, අඳුර පලාගෙන, අඳුර ඉරාගෙන එන එයට “ඉරා” යැයි නම් තබන ලද බවත් එහි ‘ඉ’ ලොප්ව ‘රා’ සූර්යයා සඳහා යෙදුණ බවත් දැක්වේ. මෙහිදි දවස උදාවේදී උදාවන ‘රන්වන් රේඛාව‘ හා සමානව ගුණයක් රන්වන් කාලය තුළ උදාවේ අලුත් දවසක උදාව ඔබට ප්‍රමෝදය ගෙනේ. අලුත් මාසයක උදාව ද එසේම ය.
ඉදින් මෙසේ ඇරඹෙන චන්ද්‍ර මාසයේදී දවසක් දෙකක් යන විට අහස පිරිසුදු නම් ඔබට අහසෙහි චන්ද්‍ර බිම්බය දකින්නට ලැබේ. ‘බාල වයස චන්ද්‍රඞ’ සර්ව ලෝකෛක වන්ද්‍යඞ’ යැයි කී පරිදි බාල සඳු හෙවත් නව මාසයේ උදාවන සඳු සියලු ලෝවැසියන්ගේ වන්දනාවට සුදුසු බව පැවසේ. ඡ්‍යොතිෂය අනුව සඳු සිත හා සබැඳිය, හද හා සබැඳිය සියලු සැප දුක් හට ගත්තේ සිතෙහි බව අප මෙහිදී අමතක නොකළ යුතුය. මෙකී බාල චන්ද්‍රයා දකිනු ලබන දවස අනුව සුබ අසුබ විපාක දක්වනු ලබන කවියකි.
‘දුටොත් සඳ ඉරිදා – සැපතක් වේය සඳුදා
දුකඳුරු බදාදා – සඳ නොබලන් සෙනසුරාදා’
යන කවිය අනුව ඉරිදාවක මුලින්ම නව සඳ දුටුවොත් එහි යහපත් භාවය සඳුදාට අත්විඳිය හැකි බව පවසයි. “දුකඳුරු බදාදා’ යහපත් භාවය සඳුදාට අත්විඳිය හැකි බව පවසයි. “දුකඳුරු බදාදා’ යන්න සමහරු ‘ද’ යන්නෙහි සඤ්ඤකය හැර බදාදා සඳ බැලීමෙන් දුක දුරුවේයැයි කියන්නට ද පෙළඹී තිබේ. කලියුගයෙහි හැටි එසේය. කෙසේ වෙතත් දුක් සහ අඳුර යන ප්‍රතිඵලය බදාදා හඳ බැලීමෙන් ගෙන දෙන බව ඉන් පැවසේ. ඡ්‍යොතිෂ විද්‍යාත්මකවද එය තහවුරු වන බව ඡ්‍යොතිර්වේදීහු දනිති. සෙනසුරාදා ද සඳ දැකීම – බැලීම සුබදායක නොවන බව සඳ නොබලන් සෙනසුරාදා’ යන පදය අනුව පැහැදිලි වේ. ඉදින් මෙහි නොකී සෙසු දවස් මධ්‍යස්ථ බව සිතිය යුතුය.
සඳ බැලීමේ කිසි අගයක් ප්‍රතිඵලයක් නැත යැයි ඔබට සිතිය හැකිය. පර්යේෂණාත්මකව මාස හතර පහක් හඳ බැලීම සහ බලන දවස සටහන් කර තබා එම මාසයේ සුබා සුබ විපාක පිළිබඳව අවබෝධයෙන් සිටිය හැකිය. එහි සත්‍යතාවයක් වේද නොවේද යන්න ඔබටම තීරණය කළ හැකිය. සිංහල අලුත් අවුරුද්දේදී නව සඳ බැලීමේ චාරිත්‍රයක් ඇති බව මෙහිදී ඔබට සිහිපත් විය යුතුය. ඒ සඳහා නැකත් සදන්නේ රාජ්‍ය නැකත් කමිටුවය. ඔබට සත්‍ය වශයෙන්ම සුබ නැකත් අවශ්‍යනම් ඒ සඳහා ප්‍රාමාණික දැනුමක් ඇති අයකුගේ සේවා ලබා ගැනීම සුදුසුය. ඔබේ ගමේ දෛවඥ තෙමේද සමහර විටක ප්‍රාමාණික විය හැකි බව ඔබ අමතක නොකළ යුතුය.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවයද මෙහිදී ඔබ අමතක නොකළ යුතුය. “සඳ” ජාතියකට දේශයකට අයිති එකක් නොවේ. එය සමස්ත ලෝකවාසී කාව්‍යයන්ටම අයිති අනර්ඝ වස්තුවකි. එම වස්තුව අපේ උන්නතිය සඳහා යොදාගන්නේ කෙසේදැයි අපි නොදනිමු. දැන දැනත් සමහර ඒවා ප්‍රතික්ෂේප කරමු. එහෙත් බුද්ධිමතා එය පර්යේෂණාත්මකව විමසා බලනු ඇත. තර්කානුකූලව සිතා බලනු ඇත. විමසුම් ඇසකින් බලනු ඇත. ඉදින් චන්ද්‍ර දින දර්ශනයේ පළමු දවසත්, අවසාන දවසත් සහ හඳ බලන දවසක් ගැන සංක්ෂිප්ත අදහසක් අප ඔබට තිළිණ කළෙමු. සඳ ගමන අනුව දින 30ක් වේ. මේ දින 30 ගුණ 30ක් වේ. සත්‍ය වශයෙන්ම දින 32කි. ඒ එක් පසකට දහසය දහසය බැගිනි. “සොළොස් කලා සපිරුනු සඳ” යනුවෙන් එහි රහස හෙළිදරව් කෙරේ.
මනෝවිද්‍යා උපදේශක,
පාරම්පරික ශාස්ත්‍රඥ
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු