සතියේ පඤ්චාංගය

අගෝස්තු 25, 2023

 

ශක වර්ෂ 1945 ක් වූ සිංහ රවි 09 භාග නිකිණි පුර නවවක ලත් කිවිදින සිට එම රවි 15 භාග නිකිණි අව පෑලවිය ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - සිංහ

කුජ - කන්‍යා

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

රවි - සිංහ

කුජ - කන්‍යා

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - මා ( 31 දා උදේ 09.31 පුවපල්)

කුජ - උත්‍රපල්

බුධ - උත්‍රපල් ( 28 දා දහවල් 01.39 පුවපල්)

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

අගෝස්තු 30 බදාදා උදේ 11.00න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා උදේ 07.07න් ගෙවේ. 30 බදාදා සිල්

 

 

චන්ද්‍ර චාරය

26 දා උදේ 08.36 ධනු

28 දා උදේ 10.38 මකර

30 දා උදේ 10.20 කුම්භ

 

 

දිනූ තත්ත්වය

අගෝස්තු 25 සිකුරාදා

සිංහ රවි 09 භාග නිකිණි පුර නවවක ලත් කිවිදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.22. අනුර නැකත උදේ 09.12න් ගෙවී දෙට නැකත ලබයි. නිකිණි පුර අටවක තිථිය අලුයම 03.10න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය සවස 06.45න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. බව කරණය අලුයම 03.10න් ගෙවී බාලවකරණය ලබා එය සවස 02.38න් ගෙවී කෞලවකරණය ලබා පවතී.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - ගිනිකොන

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

අගෝස්තු 26 සෙනසුරාදා

සිංහ රවි 10 භාග නිකිණි පුර දසවක ලත් ශනි දින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.21 දෙට නැකත උදේ 08.36න් ගෙවී මුල නැකත ලබයි. නිකිනි පුර නවවක තිථිය අලුයම 02.01න් ගෙවී පුර දසවක තිථිය ලබයි. විශ්කම්භ යෝගය සවස 04.21න් ගෙවී පි‍්‍රති යෝගය ලබා පවතී. කෞලවකරණය අලුයම 02.01න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.07න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - නැඟෙනහිර

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

අගෝස්තු 27 ඉරිදා

සිංහ රවි 11 භාග නිකිණි පුර එකොළොස්වක ලත් රවි දින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.20 මුල නැකත උදේ 07.16න් ගෙවී පුවසල නැකත ලබයි. නිකිණි පුර දසවක තිථිය අලුයම 12.05න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබා එය රාත්‍රී 09.29න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය දහවල් 01.23න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. ගරජකරණය අලුයම 12.05න් ගෙවී වණිජකරණය ලබා එය උදේ 10.53න් ගෙවී විෂ්ටිකරණය උදා වී එය රාත්‍රී 09.29න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - උතුර යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 28 සඳුදා

සිංහ රවි 12 භාග නිකිණි පුර දොළොස්වක ලත් සඳුදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.20 පුවසල නැකත අලුයම 05.16න් ගෙවී උත්‍රසල නැකත ලබයි. නිකිණි පුර දොළොස්වක තිථිය සවස 06.20න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. ආයුෂ්මන් යෝගය උදේ 09.54න් ගෙවී සෞභාග්‍යය යෝගය ලබයි. බවකරණය උදේ 08.01න් ගෙවී බාලවකරණය ලබා එය සවස 06.20න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - වයඹ යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 29 අඟහරුවාදා

සිංහ රවි 13 භාග නිකිණි පුර තෙළෙස්වක ගෙවී පුර තුදුස්වක ලත් කුජදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.20. උත්‍රසල නැකත අලුයම 02.43න් ගෙවී සුවන නැකත ලබා එය රාත්‍රී 11.50න් ගෙවී දෙනට නැකත ලබා පවතී. නිකිණි පුර තෙළෙස්වක තිථිය දහවල් 02.47න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. සෞභාග්‍යය යෝගය උදේ 06.02න් ගෙවී ශෝභන යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.39න් ගෙවී තෛතිලකරණය ලබා දහවල් 02.47න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස / කන

අමෘත කලාව - නළල/ බැම

මරු - බටහිර යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 30 බදාදා

සිංහ රවි 14 භාග නිකිණි පුර පසළොස්වක ලත් බුධ දින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.19 දෙනට නැකත රාත්‍රී 08.48න් ගෙවී සියාවස නැකත ලබයි. නිකිණි පුර තුදුස්වක තිථිය දහවල් 11.00 න් ගෙවී පුර පසළෝවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය අලුයම 01.50න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබා එය රාත්‍රී 09.33න් ගෙවී සුකර්ම යෝගය ලබයි. ගරජකරණය අලුයම 12.55න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 11.00න් ගෙවී විෂ්ටිකරණය උදා වී එදින රාත්‍රී 09.03න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස් මුදුන

මරු - නිරිත යෝගිනී - වයඹ

සුබ දිශාව - උතුර

අගෝස්තු 31 බ්‍රහස්පතින්දා

සිංහ රවි 15 භාග නිකිණි අව පෑලවිය ලත් ගුරුදින. ඉර උදාව 06.03 ඉරබැසීම 06.19. සියාවස නැකත සවස 05.48න් ගෙවී පුවපුටුප නැකත ලබයි. නිකිණි පුර පසළොස්වක උදේ 07.07න් ගෙවී නිකිණි අව පෑලවිය තිථිය ලබා පවතී. සූකර්ම යෝගය සවස 05.18න් ගෙවී ධෘති යෝගය ලබයි. බවකරණය උදේ 07.07න් ගෙවී බාලවකරණය ලබා එය සවස 05.14න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.