එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලග්න දොළහටම සුබ කාලයක්

සැප්තැම්බර් 8, 2023
  • බුධ කන්‍යාවේ ස්වක්ෂේත්‍ර වෙයි
  • විශ්වය ජයගන්නා බුද්ධිමත් දරු උපත්
  • රාශි දොළසටම බුධ ආධිත්‍ය, ගජකේශරී, අමෘත විදුරවි යෝග

කන්‍යා රවි 15 භාග බිනර මහේ අව තියවක තිථිය ලත් රිවි දින රාත්‍රී 08.38ට ඤාණකාරක බුධ උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍රව කන්‍යා රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

බුධ ග්‍රහ සංක්‍රමණය මූලිකව මිථුන, කන්‍යා, ධනු, මීන, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, මේෂ රාශි 09කින් ජන්ම ලාභය කෙරෙන දරු දැරියන් ශ්‍රී ලාංකේය මෙන්ම විශ්ව රාජ්‍යයන් පුරා ධනාත්මක මෙන්ම ගුණාත්මකව ද දැනුම අවබෝධය ආශි‍්‍රතව ඤාණවන්ත බුද්ධිමත් ලෙස ඔක්තෝබර් 01 - 19 අතර සක්වළ පහළ වෙන්නේය. එසේම ඉහත කී රාශි නවය සමඟ රාශි දොළසටම අතිශය දුර්ලභ ප්‍රබල සුබා සුබ ග්‍රහයෝග රැල්ලක් උදාවෙනු ඇත. බුධ ආධිත්‍ය, ගජකේෂරී, අමෘත, විදු රවි යෝග රාශි දොළසටම බලපැවැත්වෙනු ඇත.නිර්මාණලාභී, ව්‍යාපාරික, කෘෂිකාර්මික ජනතා විවාහයට ප්‍රෞඪත්වය මෙන්ම පෞරුෂත්වය උදාවෙන්න, දවස තුළ කිසිදු කාර්යභාරයක් නොමැති වැඩ නොකරන ජනතාව අතරින් විශ්වය පුරාවට වැඩක් ඇත්තෝ නොවන සුලුවෙයි.

නව තාක්ෂණික සහ විද්‍යාත්මක වැඩකරන නිර්මාණශීලී ජනතාවක් නිර්මාණය වෙන්නේය. රාජ්‍ය පරිපාලන නීති ව්‍යවස්ථා සංශෝධනයද මාධ්‍ය ලේඛන සන්නිවේදන ක්ෂේත්‍රයද සක්‍රීය වෙමින් ප්‍රාණවත් වෙයි. ජල විදුලි සම්පාදක මධ්‍යස්ථාන මෙන්ම කෘෂිකාර්මික ජනතාවට සහනසේවා සැලසෙමින් අගහිග දුෂ්කරතා දුරු කෙරෙනු ඇත. ගමනා ගමන පහසුකම් තරවෙයි. මැතිවරණ දේශපාලනික නවකයන්ට දැනුම අවබෝධය ලබාදෙන ක්‍රම ඇතිවේ. දූෂණය, භීෂණය පිටු දකින මුග්ධකම් නොකෙරෙන දැනුම අවබෝධයක් ඇති තරුණ ජන කොටස් ඉදිරි මැතිවරණය සඳහා පුහුණු කෙරෙයි.

දේශගුණික කාලගුණික විපරීත විපර්යාස, කුණාටු, ජල ගැලීම්, නායයෑම්, භූ චලන, යාත්‍රා, ගුවන්, මහාමාර්ග, අනතුරු 2023 ඔක්තෝබර් 20 දක්වා ලොව පුරා දැකිය හැකි වේ. අධ්‍යාපනික, සෞඛ්‍ය, වාණිජ, පැතිකඩ ආශි‍්‍රත වූ කොන්ත්‍රාත්කරණ මාෆියාව ලෝකයෙන්ම දුරස්ථ කෙරෙයි. ශ්‍රී ලංකා ජනරජ රාශි ග්‍රහ සටහනට අනුව 09 වැන්නෙහි ගජකේෂරී යෝගබලය ප්‍රබලව ක්‍රියාත්මක කෙරෙයි. ආගමික නායකයින්, නීති විශාරදයන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කෙරෙන 09 වැන්නට ප්‍රබලව යොමුවීමෙන් රාජ්‍යය නායකයන්ගේ සුවිශේෂී බැල්මක් යුගකාලීනව නිර්මාණය වෙයි. බුද්ධියෙහි බලය සංකේතවත් කෙරෙමින් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයට උගත් වියතුන් අතරින් රාජ්‍යය පාලන පිරිස් නිර්මාණය විය හැකිය. රාජ්‍ය විරෝධී කටයුතු බොහෝ දුරට ඉවතට යනු පෙනී යයි. විවිධ කාර්මික සේවා මෙන්ම නවතම තාක්ෂණික ක්ෂේත්‍රයක ප්‍රවර්ධනයක් දෘෂ්‍යමාන කෙරෙයි.

මේෂ රාශිය

ලග්නය 08 මෘත්‍යු ස්ථානය අධිපති අඟහරු රෝග සතුරු ස්ථානගතව ද බුධ ආධිත්‍ය යෝගබලය ද යෙදී ඇත. 06 වැන්නෙහි කුජ සතුරුව ද කේන්දර ස්ථාන සතරේම සිකුරු, රාහු, කේතු, ප්ලුටෝ සතුරුව ද යුරේනස්, නැප්චූන්, ප්ලුටෝ, ගුරු, ශනි, වක්‍රව ද විද්‍යාමානව ඇත. ඔක්තෝම්බර් 19 අලුයම 01.17 දක්වා මෙකී ග්‍රහචාරය බිහිසුණු වෙයි. සොර සතුරුබලවේග වයිරස්, රෝගාබාධක උත්සන්න වීමක් ද යෙදෙණු ඇත. හදිසි තීරණ දුරු කළ යුතු ය.

වෘෂභ රාශිය

රවි බුධ යෝග බලය 05 වැන්නේ ද සැඟවුණ රෝග 06 වැන්නේ ද සස යෝග බලය 10 වැන්නේ ද ප්‍රබලව යෙදෙයි. අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග දියුණුව මන්දගාමී වෙයි. පදිංචි ස්ථානගතව උසස් දියුණුවකට පාත්‍ර කෙරෙයි. ලැබීම් අංශයෙන් දූ දරු අධ්‍යාපනය, දියුණුවෙයි. තිරසර හැඟීම් දීප්තිමත් වෙයි.

මිථුන රාශිය

බුධ ආධිත්‍ය මෙන්ම පංච මහා පුරුෂ යෝග අතරෙන් භද්‍රා යෝගය බුධගෙන් ද 04 වැන්නෙහි යෙදීමද අයස්ථානය වූ 11 වැන්නෙහි ලැබීම් පිළිබඳව ගුරු චන්ද්‍රගෙන් ගජකේෂරී යෝග බලය ද යෙදී ඇත. මෙම ග්‍රහචාරය අනුව පදිංචි ස්ථානගත දියුණුව සැලසෙයි. දූ දරු අධ්‍යාපනික පසු බිම ශුභවාදී වෙයි. රැකියා ආදායම් සතුටුදායක වෙයි.

කටක රාශිය

10 වැන්න වූ කර්මස්ථානගතව ගුරු චන්ද්‍ර යෝගයෙන් ගජකේෂරී බලයද හේතු කොට ගෙන 03 වැන්නෙහි බුධ ආධිත්‍ය බලය මත බොහෝ දුරට රැකියා ආදායම් මාර්ග දියුණුව සලසයි. පදිංචියෙහි ආරම්භක කටයුතු සතුටුදායකව නිමවෙනු ඇත. තරමක් දුරට සොර සතුරු බලවේග ද ක්‍රියාත්මක විය හැකිය.

සිංහ රාශිය

රවි, බුධ ආධිත්‍යය යෝග බලය 02 ධනස්ථානගතවද ගුරු චන්ද්‍ර යෝග බලය 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරු 07 වැන්න වූ පවුල් ජීවිතය කෙරෙහි ද මේ අනුව උසස් දියුණුවකට පාත්‍ර වෙමින් පවතිනු ලබයි. සබඳතා, විවාහ කටයුතු සාර්ථක වෙයි. උසස් දියුණුවකට, ව්‍යාපාරිකමය රැකියා මාර්ග මෙන්ම දූ දරු අධ්‍යාපනික කටයුතු ද ජයවෙයි.

කන්‍යා රාශිය

රවි, බුධ ආධිත්‍යය යෝග්‍ය ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරු රෝග සතුරු ස්ථානය වූ 6 වැන්නේ ය. ගුරු චන්ද්‍ර ගජකේශරී බලය 8 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව 4, 8, 12 ත්‍රිකෝණස්ථානය ශක්තිමත් වෙයි. රෝගාබාධක සුව අතට හැරෙයි. මන්දගාමීව පැවැති කාර්යභාරයන් කාර්යශීලී බවට තුඩුදෙයි. තුරග තරග විභාග විජයග්‍රහණය කෙරෙයි. ප්‍රභූ ජනයාගේ ආශිර්වාදයට මෙන්ම අනුග්‍රහයට ලක්වෙයි.

තුලා රාශිය

සබඳතා විවාහ මංගල කටයුතු මෙන්ම සියලු ආකාර වූ ලැබීම් කෙරෙහි ගුරු චන්ද්‍ර ගජකේෂරී යෝග බලය ක්‍රියාත්මක වෙයි. රවි, බුධ සංයෝගය තුළින් බුධ ආධිත්‍ය යෝගබල 12 වැන්නෙහි ක්‍රියාත්මකවීම ද 05 සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව පවුලේ ප්‍රගතිය ශීඝ්‍රයෙන් වර්ධනය වීමෙහි ග්‍රහරටාවක් ක්‍රියාත්මක වෙයි. සාමකාමී සහජීවනයටද පවුලෙහි පී‍්‍රතිමත් බවට ද බාධක ගෙනදෙයි.

වෘශ්චික රාශිය

04 වැන්නෙහි සස යෝග බලයද බුධ ආධිත්‍ය යෝග බල අයස්ථානය වූ 11 වැන්නෙන් ද ගුරු චන්ද්‍ර ගජකේෂරී යෝග බලය 06 වැන්නෙන්ද ඤාණකාරක බුධ සංක්‍රමණයෙන් උදාව ඇත. මේ අනුව පදිංචි භූමිය, නිවාස සහ ව්‍යාපාරික පසුබිමෙහි සතුටුදායක බවක් ගෙනදෙනු ඇත. දූ දරු අධ්‍යාපනය, විවාහ කටයුතු සාර්ථක වෙයි. ආරම්භක දියුණු සහගත කටයුතු මෙන්ම උසස්වීම් විජයග්‍රහණය සාර්ථක බවට තුඩුදෙයි.

ධනු රාශිය

වර්තමාන රැකියා ආදායම් මාර්ග සමඟ බාහිර ව්‍යාපාර සේවා කටයුතු සතුටු දායක වේ. 05 ගුරු, චන්ද්‍ර ගජකේෂරී යෝග බලයෙන් ද 10 වැන්නෙහි කර්මස්ථාන ග්‍රහචලිත බලයෙන්ද යුතු වෙයි. එසේම 10 වැන්නෙහි බුධ ආධිත්‍ය යෝග බලයද බුධගෙන් පංචමහා පුරුෂ යෝග අතරෙන් ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව උදාවන භද්‍ර යෝගය ධනය බලය, සබඳතා, විවාහ, රැකියා, අධ්‍යාපන කටයුතු දියුණුවෙයි. 03 වැන්නෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ ග්‍රහබලය ශනිගෙන් සතුටුදායක වෙයි.

මකර රාශිය

ගජකේෂරී යෝග බලය 04 වැන්නේ ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරු 02 වැන්න ධනස්ථානගතව ද බුධ ආධිත්‍ය යෝගය 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද ක්‍රියාත්මක වෙයි. මේ අනුව පදිංචි නිවාසය, භූමිය හෝ ව්‍යාපාරික ස්ථානය ආශි‍්‍රතව නවතම කටයුතු රැසක් ආරම්භ කිරීමට සුදුසු කාලයෙකි විද්‍යමානවෙයි. ලැබීම් සහිත සුබදායි කාල පරාසයකි.

 

කුම්භ රාශිය

ශනිගෙන් සස යෝග බලය ලග්නගතව ද ගුරු චන්ද්‍රගෙන් 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ගජකේෂරී යෝග බලයද 08 වැන්න වූ මෘත්‍යු ස්ථානයෙහි බුධ ආධිත්‍ය යෝගබලය ද බලපා ඇත. පවුල් ඒකකයෙහි උසස් දියුණුවක් මෙන්ම ආරම්භක සියලු කාර්යය භාරයන්ගේ දියුණු සහගත බවක් උදාවෙයි. දූ දරු දියුණුව මතුවෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි.

මීන රාශිය

ඉතා සතුටට පත්විය යුතු කරුණු කීපයකට උරුමකම් කියයි. සතුරුබලවේග නිසා පවුලෙහි සමඟියට බාධක යෙදිය හැක. තැන්පත් ධනය හෝ ධනෝපායන මාර්ග කීපයකට මඟ සැලසෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව ද තුටුපහටුවිය හැකි සුවිශේෂී හේතු සාධක කීපයක් උදාවෙයි. ගජකේෂරී යෝග බල ක්‍රියාත්මකවීම දෙවැන්නේ සිදු වේ. බුධ ආධිත්‍යය යෝගය සමඟ භද්‍ර යෝගය උදා වී ඇත. බුධ මාරුවෙන් ජයග්‍රහණ රැසක් අත්පත් වෙයි.

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.