සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 8, 2023

ශකවර්ෂ 1945 ක් වූ සිංහ රවි 23 භාග නිකිණි අව නවවක තිථිය ලත් කිවිදින සිට එම රවි 30 භාග නිකිණි අමාවක ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි – සිංහ

කුජ – කන්‍යා

බුධ – සිංහ (වක්‍ර)

ගුරු – මේෂ (වක්‍ර)

ශුක්‍ර – කටක (නිවෘත)

ශනි – කුම්භ (වක්‍ර)

රාහු – මේෂ

කේතු – තුලා

යුරේනස් – මේෂ (වක්‍ර)

නැප්චූන් – මීන (වක්‍ර)

 

රවි – සිංහ

කුජ – කන්‍යා

බුධ – සිංහ (වක්‍ර)

ගුරු – මේෂ (වක්‍ර)

ශුක්‍ර – කටක (නිවෘත)

ශනි – කුම්භ (වක්‍ර)

රාහු – මේෂ

කේතු – තුලා

යුරේනස් – මේෂ (වක්‍ර)

නැප්චූන් – මීන (වක්‍ර)

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි – පුවපල් ( 14 දා අලුයම 03.26 උත්‍රපල්)

කුජ – හත

බුධ – පුවපල්

ගුරු –බෙරණ

ශුක්‍ර – අස්ලිස

ශනි – සියාවස

රාහු – අස්විද

කේතු – සිත

යුරේනස් – කැති

නැප්චූන් – පුවපුටුප

 

 

 

පෝය

සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා අලුයම 04.57 න් අමාවක ලබා 15 සිකුරාදා උදේ 07.11න් ගෙවේ. 14 බ්‍රහස්පතින්දා සිල්.

 

 

 

චන්ද්‍ර චාරය

10 දා උදේ 10.27 කටක

12 දා රාත්‍රී 11.02 සිංහ

 

 

දිනූ තත්ත්වය

සැප්තැම්බර් 08 සිකුරාදා

 

සිංහ රවි 23 භාග නිකිණි අව නවවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.02 ඉර බැසීම 06.15 මුවසිරස නැකත දහවල් 12.13න් ගෙවී අද නැකත ලබයි. නිකිණි අව නවවක තිථිය සවස 05.36න් ගෙවී අව දසවක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය රාත්‍රී 10.38න් ගෙවී වාරියන් යෝගය ලබයි. තෛතිල කරණය අලුයම 04.50 න් ගෙවී ගරජ කරණය ලබා එය සවස 05.36න් ගෙවී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – ලැම

මරු – ගිනිකොණ

යෝගිනි – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

 

සැප්තැම්බර් 09 සෙනසුරාදා

සිංහ රවි 24 භාග නිකිණි අව දසවක තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.02 ඉර බැසීම 06.14. අද නැකත දහවල් 02.30න් ගෙවී පුනාවස නැකත ලබයි. නිකිණි අව දසවක තිථිය රාත්‍රි 07.22න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය රාත්‍රි 10.38න් ගෙවී වාරියන් යෝගය ලබයි. වණිජ කරණය උදේ 06.23 න් ගෙවී විෂ්ටි කරණය ලබා එය සවස 07.22න් ගෙවී බව කරණය උදාව පවතී.

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – පෙකණිය

මරු – නැගෙනහිර

යෝගිනී – උතුර

සුබ දිසාව - දකුණ

 

සැප්තැම්බර් 10 ඉරිදා

 

සිංහ රවි 25 භාග නිකිණි අව එකොළොස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.14 පුනාවස නැකත සවස 05.09න් ගෙවී පුෂ නැකත ලබයි. නිකිණි අව එකොළොස්වක තිථිය රාත්‍රී 09.31න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. වාරියන් යෝගය රාත්‍රී 11.21න් ගෙවී පරිඝ යෝගය ලබයි. බව කරණය උදේ 08.23න් ගෙවී බාලව කරණය ලබා එය රාත්‍රි 09.31න් ගෙවී කෞලව කරණය උදාව පවතී.

විෂ කලාව – පතුල

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – උතුර

යෝගිනී – උතුර

සුබ දිසාව – දකුණ

 

සැප්තැම්බර් 11 සඳුදා

සිංහ රවි 26 භාග නිකිණි අව දොළොස්වක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.13 පුෂ නැකත රාත්‍රි 08.03න් ගෙවී අස්ලිස නැකත ලබයි. නිකිණි අව දොළොස්වක තිථිය රාත්‍රි 11.54 න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. පරිඝ යෝගය දවස පුරාම යෙදී පවතී. කෞලව කරණය උදේ 10.41න් ගෙවී තෛතිල කරණය ලබා එය රාත්‍රී 11.54 න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – දණහිස

මරු – වයඹ

යෝගිනී – නිරිත

සුබ දිසාව – උතුර

 

සැප්තැම්බර් 12 අඟහරුවාදා

සිංහ රවි 27 භාග නිකිණි අව තෙළෙස්වක තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.02 ඉර බැසීම 06.13 අස්ලිස නැකත රාත්‍රී 11.02 න් ගෙවී මා නැකත ලබයි. නිකිණි අව තෙළෙස්වක තිථිය දවස පුරාම යෙදී පවතී. පරිඝ යෝගය අලුයම 12.15 න් ගෙවී ශිව යෝගය ලබයි. ගරජ කරණය දහවල් 01.08න් ගෙවී වණිජ කරණය උදාව පවතී.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – කෙණ්ඩ

මරු – බටහිර

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

 

සැප්තැම්බර් 13 බදාදා

සිංහ රවි 28 භාග නිකිණි අව තුදුස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.12. මා නැකත දවස පුරාම යෙදී පවතී. නිකිණි අව තෙළෙස්වක තිථිය අලුයම 02.23 න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ශිව යෝගය අලුයම 01.12 න් ගෙවී සිද්ධ යෝගය ලබයි. වණිජ කරණය අලුයම 02.23න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 03.37න් ගෙවී ශකුණ කරණය ලබා පවතී.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – පතුල

මරු – නිරිත

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

 

සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා

සිංහ රවි 29 භාග නිකිණි අමාවක තිථිය ලත් ගුරු දින. ඉර උදාව 06.01 ඉර බැසීම 06.12 මා නැකත අලුයම 02.02න් ගෙවී පුවපල් නැකත ලබා පවතී. නිකිණි අව තුදුස්වක තිථිය අලුයම 04.51න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය අලුයම 02.08න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. ශකුණ කරණය අලුයම 04.51න් ගෙවී චතුෂ්පාද කරණය ලබා එය සවස 01.01 න් ගෙවී නාග කරණය උදාව පවතී.

විෂ කලාව– පෙකණිය

අමෘත කලාව – මාපටැඟිලි

මරු – දකුණ

යෝගිනී – ඊසාන

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.