සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 1, 2023

ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 16 භාග නිකිණි අව දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 22 භාග නිකිණි අව අටවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ

කුජ - කන්‍යා

බුධ - සිංහ (වක්‍ර)

ගුරු - මේෂ (වක්‍ර)

ශුක්‍ර - කටක (වක්‍ර)

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුවපල්

කුජ - උත්‍රපල් ( 03 දා උදේ 07.14 හත)

බුධ - පුවපල්

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

සැප්තැම්බර් 06 බදාදා සවස 03.45න් අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා සවස 04.20න් ගෙවේ. 06 බදාදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

01 දා උදේ 09.40 මීන

03 දා උදේ 10.44 මේෂ

05 දා සවස 03.07 වෘෂභ

07 දා රාත්‍රී 11.17 මිථුන

 

දිනූ තත්ත්වය

සැප්තැම්බර් 01 සිකුරාදා

සිංහ රවි 16 භාග නිකිණි අව දියවක තිථියලත් කිවිදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.18. පුවපුටුප නැකත සවස 03.01න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. නිකිණි අව පෑළවිය තිථිය අලුයම 03.21න් ගෙවී අව දියවක තිථිය ලබා එය රාත්‍රී 11.55න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ධෘති යෝගය දහවල් 01.13න් ගෙවී ශුල යෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.21න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.37න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 11.55න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - ගිනිකොණ

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 02 සෙනසුරාදා

සිංහ රවි 17 භාග නිකිණි අව තියවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.03 ඉර බැසීම 06.18 උත්‍රපුටුප නැකත දහවල් 12.36න් ගෙවී රේවතී නැකත ලබයි. නිකිණි අව තියවක තිථිය රාත්‍රී 08.56න් ගෙවී අව ජලවක තිථිය ලබයි. ශුල යෝගය උදේ 09.26න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය උදේ 10.21න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 08.56න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - උතුර

 

සැප්තැම්බර් 03 ඉරිදා

සිංහ රවි 18 භාග නිකිණි අව ජලවක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.03. ඉරබැසීම 06.17. රේවතී නැකත උදේ 10.44න් ගෙවී අස්විද නැකත ලබයි. නිකිණි අව ජලවක තිථිය සවස 06.32න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය උදේ 06.02න් ගෙවී වෘධි යෝගය ලබයි. බවකරණය උදේ 07.36න් ගෙවී බාලව කරණය ලබා එය සවස 06.32න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - උතුර යෝගිනී - නිරිත

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 04 සඳුදා

සිංහ රවි 19 භාග නිකිණි අව විසේනිය තිථිය ලත් සඳුදින. ඉර උදාව 06.03 ඉර බැසීම 06.17 අස්විද නැකත උදේ 09.31න් ගෙවී බෙරණ නැකත ලබයි. නිකිණි අව විසේනිය තිථිය සවස 04.50න් ගෙවී අව සැටවක තිථිය ලබයි. වෘධි යෝගය අලුයම 03.15න් ගෙවී ධෘම යෝගය ලබයි. කෞලවකරණය අලුයම 05.29න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.50න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - වයඹ යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

 

සැප්තැම්බර් 05 අඟහරුවාදා

සිංහ රවි 20 භාග නිකිණි අව සැටවක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.03 ඉර බැසීම 06.16 බෙරණ නැකත උදේ 09.04න් ගෙවී කැති නැකත ලබයි. නිකිණි අව සැටවක තිථිය සවස 03.54න් ගෙවී අව සතවක තිථිය ලබයි. ධෘම යෝග අලුයම 01.03න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබා එය රාත්‍රී 11.28න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. ගරජකරණය අලුයම 04.11න් ගෙවී වණිජකරණය ලබා එය සවස 03.54න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

 

සැප්තැම්බර් 06 බදාදා

සිංහ රවි 21 භාග නිකිණි අව සතවක තිථියලත් බුධදින. ඉර උදාව 06.02 ඉර බැසීම 06.16 කැති නැකත උදේ 09.24න් ගෙවී රෙහෙණ නැකත ලබයි. නිකිණි අව සතවක තිථිය සවස 03.45න් ගෙවී අව අටවක තිථිය ලබයි. හර්ෂණ යෝගය රාත්‍රී 10.30න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.39න් ගෙවී බවකරණය ලබා එය සවස 03.45න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - නිරිත

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 07 බ්‍රහස්පතින්දා

සිංහ රවි 22 භාග නිකිණි අව අටවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.02 ඉර බැසීම 06.15 රෙහෙන නැකත උදේ 10.29න් ගෙවී මුවසිරස නැකත ලබයි. නිකිණි අව අටවක තිථිය සවස 04.20න් ගෙවී අව නවවක තිථිය ලබයි. වජ්‍ර යෝගය රාත්‍රී 10.06න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.54න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 04.20න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - දකුණ

යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.