සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 4, 2024

ශක වර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 18 භාග වප් පුර දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 24 භාග වප් පුර අටවක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා

කුජ - මිථුන

බුධ - කන්‍යා

ගුරු - වෘෂභ

ශුක්‍ර - තුලා

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - හත ( 10 දා දහවල් 02.07 සිත)

කුජ - පුනාවස

බුධ - හත (06 දා දහවල් 11.49 සිත)

ගුරු - මුවසිරස

ශුක්‍ර - සා (05 දා අලුයම 12.07 විසා )

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා දහවල් 12.29න් පුර අටවක ලබා 11 සිකුරාදා දහවල් 12.04න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්.

චන්ද්‍ර චාරය

04 දා අලුයම 05.07 තුලා

06 දා සවස 05.32 වෘශ්චික

09 දා අලුයම 04.09 ධනු

දිනූ තත්ත්ූවය

ඔක්තෝබර් 04 සිකුරාදා

කන්‍යා රවි 18 භාග වප් පුර දියවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.58 ඉර බැසීම 06.01 සිත නැකත සවස 06.38න් ගෙවී සා නැකත ලබයි. වප් පුර පෑළවිය තිථිය අලුයම 03.00න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය අලුයම 04.25න් ගෙවී වෛධෘති යෝගය ලබයි. බවකරණය අලුයම 03.00න් ගෙවී බාලවකරණය ලබා එය සවස 04.16න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - ගිනිකොන

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 05 සෙනසුරාදා

කන්‍යා රවි 19 භාග වප් පුර තියවක තිථියලත් ශනිදින ඉර උදාව 05.58. ඉර බැසීම 06.00. සා නැකත රාත්‍රී 09.33න් ගෙවී විසා නැකත ලබයි. වප් පුර දියවක තිථිය අලුයම 05.32න් ගෙවී පුර තියවක තිථිය ලබයි. වෛධෘති යෝගය අලුයම 05.22න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. කෞලවකරණය අලුයම 05.32න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 06.42න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 06 ඉරිදා

කන්‍යා රවි 20 භාග වප් පුර ජලවක තිථිය ලත් රවිදින ඉර උදාව 05.58. ඉර බැසීම 6.00. විසා නැකත දවස පුරාම යෙදී පවතී. වප් පුර තියවක තිථිය උදේ 07.50න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය උදේ 06.09න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. ගරජකරණය උදේ 07.50න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.51න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - උතුර

යෝගිනී - නිරිත

සුබ දිශාව - දකුණ, නැඟෙනහිර

 

ඔක්තෝබර් 07 සඳුදා

කන්‍යා රවි 21 භාග වප් පුර විසේනිය තිථිය ලත් සඳුදින, ඉර උදාව 05.58. ඉර බැසීම 05.59 විසා නැකත අලුයම 12.11න් ගෙවී අනුර නැකත ලබයි. වප්පුර ජලවක තිථිය උදේ 09.47න් ගෙවී පුර විසේනිය තිථිය ලබයි. පී‍්‍රති යෝගය උදේ 06.40න් ගෙවී ආයුෂ්මත් යෝග ලබයි. විෂ්ටිකරණය උදේ 09.47න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 10.36න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - වයඹ

යෝගිනී - දකුණ

සුබ දිශාව - උතුර

 

ඔක්තෝබර් 08 අඟහරුවාදා

කන්‍යා රවි 22 භාග වප් පුර සැටවක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.58. ඉර බැසීම 05.59. අනුර නැකත අලුයම 02.25න් ගෙවී දෙට නැකත ලබයි. වප් පුර විසේනිය තිථිය දහවල් 11.17න් ගෙවී පුර සැටවක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය උදේ 06.51න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. බාලවකරණය දහවල් 11.17න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 11.49න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිශාව - උතුර

 

ඔක්තෝබර් 09 බදාදා

කන්‍යා රවි 23 භාග වප් පුර සතවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.58. ඉර බැසීම 05.58. දෙට නැකත අලුයම 04.09න් ගෙවී මුල නැකත ලබයි. වප් පුර සැටවක තිථිය දහවල් 12.12න් ගෙවී පුර සතවක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය උදේ 06.37න් ගෙවී ශෝභන යෝගය උදා වෙයි. තෛතිලකරණය දහවල් 12.12න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ලැම

මරු - නිරිත යෝගිනි - වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 24 භාග වප්පුර අමවක තිථිය තිථිය ලත් ශනිදින ඉර උදාව 05.57 ඉර බැසීම 05.58 මුල නැකත අලුයම 05.16න් ගෙවී පුවසල නැකත ලබයි. වප් පුර සතවක තිථිය දහවල් 12.29න් ගෙවී පුර අමවක තිථිය ලබා පවතී. ශෝභනයෝගය අලුයම 05.54න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. ගරජකරණය අලුයම 12.27න් ගෙවී වනිජකරණය ලබා එය දහවල් 12.29න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - දකුණ යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.