රෝගාබාධ ගැන තත්කාල කේන්‍ද්‍රයෙන් බලන්න

ජූලි 28, 2023

 

බොහෝ පෙරදිග වෛද්‍යවරු රෝග නිගමනය සඳහා තත්කාල කේන්‍ද්‍රය භාවිත කරති. ඔවුහු රෝගියා පරීක්‍ෂා කරන අවස්ථාවේ තත්කාල කේන්‍ද්‍රය බලා ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගනිති.

එම රෝගයෙන්, රෝගියා සුවය ලබන්නේදැයි යන්න බව ඊළඟට පරීක්‍ෂා කෙරෙයි. ඒ අනුව රෝගියාට සුවය ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙයි. තත්කාල කේන්‍ද්‍රය භාවිතාකර රෝගය හඳුනාගත හැකි වන්නේ මෙසේය.

ජන්ම පත්‍රයක 6 වැනි භාවය, රෝග ස්ථානය ලෙස සැලකිල්ලට ගත්විට එම භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා රෝගාබාධ මොනවාද යන්න පෙන්වයි, එනම්, උපස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම් ගෙන සිටි රාශියේ පිහිටීම අනුව රෝගාබාධ වැලඳෙන ශරීර කොටස් හඳුනාගත හැකිය.

තත්කාල කේන්‍ද්‍රයක සඳු ග්‍රහයා ප්‍රශ්නකරුගේ සිත පෙන්වයි. මේ තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා 6 වැනි භාවය හිමිව 6 වැනි භාවයේම තැන්පත්ව සිටියි. සඳු ග්‍රහයා කේතුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. කේතු 8 වැනි භාවයේ තැන්පත්ව සිටියි. කේතු ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියේ සහ කුජ හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටින හෙයින්, සිකුරුගේ සහ කුජගේ නියෝජිතයකු ලෙස ක්‍රියා කරයි. මේ ග්‍රහයන් දෙදෙනාම, 6 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයෝ වෙති. ඒ අනුව මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු ග්‍රහයා,ප්‍රශ්නකරු රෝගියකු බවත් රෝගය දරුණු බවත් පෙන්වයි. මෙම තත්කාල කේන්‍ද්‍රයේ පළමු වැනි භාවය, ශනි හිමි කුම්භ රාශියේ, රාහු හිමි නක්‍ෂත්‍රයේ සහ රවි හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානයේ අධිපති රවි ග්‍රහයා. 7 වැනි භාවය අධිපතිව, 5 වැනි භාවයේ කටක රාශියේ සහ ශනිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය.

ශනි ග්‍රහයා. 1 වැනි සහ 12 වැනි භාව අධිපතිව, 12 වැනි භාවයේ කුම්භ රාශියේ තැන්පත්ව සිටියේය. රෝගාබාධ පිළිබඳ ප්‍රශ්නය විමසා ඇති නිසා, ප්‍රශ්නකරු රෝගාබාධවලට ගොදුරුවන බවත්, රෝහල්ගත වීමෙන් පසුව, සුවය ලබන බවත් පෙන්වයි.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 6 වැනි භාවය, සඳු හිමි කටක රාශියේ, ශනි හිමි නක්‍ෂත්‍රයේ සහ ගුරු හිමි උපස්ථානයක යෙදී ඇත. උපස්ථානයේ අධිපති ගුරු ග්‍රහයා. 2 වැනි සහ

11 වැනි භාව හිමිව 2 භාවයේ මේෂ රාශියේ තැන්පත්ව සිටියේය. මේ සඳහා කාල පුරුෂයාගේ ශරීර කොටස් වෙන්කර ඇති ආකාරය බලන්න. මේෂ රාශිය මඟින් කාල පුරුෂයාගේ හිස පෙන්වයි. ඒ නිසා හිසට සම්බන්‍ධ ආබාධ ඇති කරයි.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ දැන් පවතින්නේ කේතුගේ මහ දශාවයි. දශාව අධිපති කේතු ග්‍රහයා තැන්පත්ව සිටියේ, 3 වැනි සහ 10 වැනි භාව අධිපතිව, 6 වැනි භාවයේ තැන්පත්ව සිටින කුජගේ නක්‍ෂත්‍රයකය. කේතු ග්‍රහයා, සිකුරු සහ කුජගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වෙයි. සිකුරු, 4 වැනි සහ 9 වැනි භාව හිමියාව 6 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා කේතුගේ මහ දශාව තුළ, ප්‍රශ්නකරු රෝගාබාධවලට ගොදුරුවන බව පෙන්වයි.

ක්‍රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 16 වැනි දින සිට 2024 මාර්තු මාසයේ 27 වැනි දින දක්වා කේතුගේ මහ දශාවේ, ශනිගේ භුක්තිය පවතියි.

භුක්තිය අධිපති ශනි ග්‍රහයා, 1 වැනි සහ 12 වැනි භාව අධිපතිව 12 වැනි භාවයේ සහ රාහුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා, 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

රාහු ග්‍රහයා, කුජ සහ කේතුගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වෙයි. කුජ, 4 වැනි සහ 9 වැනි භාව හිමියාව 6 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ නිසා ශනිගේ භුක්තිය තුළ, ප්‍රශ්නකරු රෝගාබාධවලට ගොදුරුවන බව පෙන්වයි.

ක්‍රිස්තු වර්ෂ 2023 ජූලි මාසයේ 09 වැනි දින සිට 2023 සැප්තැම්බර් මාසයේ 16 වැනි දින දක්වා කේතුගේ මහ දශාවේ, ශනිගේ භුක්තිය සහ සිකුරුගේ අන්තරය පවතියි. අන්තරය අධිපති සිකුරු ග්‍රහයා, 4 වැනි සහ 9 වැනි භාව අධිපතිව 6 වැනි භාවයේ සහ කේතු නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. කේතු 6 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකි. ඒ නිසා මේ කාල සීමාව තුල ප්‍රශ්නකරුට රෝගාබාධවලින් පීඩා ඇති වෙයි.

දශාව සහ අතුරු දශා අධිපති ග්‍රහයන්ගේ සහ දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් අධ්‍යයනය කළ විට මේ ප්‍රශ්නකරු රෝගාබාධවලින් පීඩා ඇතිවන කාල සීමා තෝරා ගත හැකි වෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.