ඔබත් උපන්නේ ජූලි 20 සිට 26 දක්වා දිනෙකද?

ජූලි 19, 2024

 

ජුලි 20 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ ද්විත්ව ආකාරයෛ් බලපෑමට යටත් වේ. ඔබ සෞම්‍ය නිර්මාණශීලී පුද්ගලයෙකු වන අතර ඔබ වටා අති විශාල මිත්‍ර සමාගමක් දකින්න ලැබේ. විශේෂයෙන් ඉතාමත් ළාබාල අය සමඟ ද මිතුරු සබඳතා ඇතිවන අතර එයට අමතරව බොහෝ ප්‍රබල සබදකම්ද ඔබට හිමිය.

අනුන්ගේ කරදරයකදි දුකට පත්වීම ඔබගේ සිරිතක් වන අතර තම පවුල වෙනුවෙන් ඉතාමත්ම ප්‍රබලව කැප වී කරන්නකු ද වේ. රට රටවල සංචාරය කිරිමට උපතින්ම ඔබට වාසනාව ඇති අතර නිතරම තැනින් තැන ඇවිදින රැකියාවක නියැළීමට සිදුවන ස්වභාවයක් දක්නට ලැබේ. විදේශගත සම්බන්ධතා සහිත රැකියා, දේශපාලනය, කලාව වැනි අංශයන් හි රැකියා ආර්ථික දියුණුවට යහපත් වේ.

 

ජූලි 21 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ පිරිස් පාලනයට ඉතාමත් කැමැති අයෙකු වන අතර එම නිසාම සෑම ස්ථානයකදි ම පාලන බලය ලබා ගැනීමට උත්සහා කරනු ඇත.

නීතිගරුක බව ඔබේ ඉතාමත් හොඳ ලක්ෂණයක් වන අතර නියෝග ඉටුකිරිමේහිලා ඉතාමත් සාර්ථක වේ. ඕනෑම ගැටලුවක් කරුණු විශ්ලේෂණය කොට අනිත් අයට පෙන්වා තහවුරු කිරිමේ හැකියාව ඔබට ඇත. ලෞකික සැප සම්පත් ලැබිම් අතින් ඉතා වාසනාවන්ත වන ඔබට විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබිමට වසනාව ඇත. ග්‍රන්ථ ප්‍රකාශනය පුවත්පත් කලාව රඟපෑම ආදිය ආර්ථිකය සාර්ථක කරගැනීමට යහපත්වේ. සෞඛ්‍යමය ගැටලු වශයෙන් ප්‍රමාණය ඉක්මවා වෙහෙස වීම නිසා ස්නායු දුර්වලතාවලට ලක්වීම දැක්විය හැකිය.

 

ජූලි 22 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඉතාම ස්වාධීන පුද්ගලයකු වන ඔබ නීතිවලට කොටු වී සිටීමට ප්‍රිය කරන්නේ නැත. ඔබටම ආවේණික වූ අදහස් පෙරදැරි කරමින් කටයුතු කරන අතර පවතින ක්‍රියාරාමුව වෙනස් කිරිමට උත්සාහ කරනු ඇත. සමාජය වෙනස් කිරිමේ ක්‍රියවලිය කෙරෙහි ඔබ ප්‍රබල උත්සහයක් ගන්න පුද්ගලයන් වේ.

විවාහයෙන් පසුව වෙනම නිවෙසක පදිංචි වන්නේනම් විවාහය සාර්ථක විය හැකිය.ආර්ථික අපහසුතා වරින් වර මතු වෙයි. එහෙත් නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කිරිමෙන් ඒවා විසඳා ගැනීමට සෑම විටම ඉඩ ලැබේ. ආර්ථික දියුණුව සඳහා අපනයන අංශ ගුරු වෘත්තිය නීතිය ගණකාධිකරණය ආදිය යහපත් වේ.

ජූලි 23 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සුවිශේෂි තීක්‍ෂණ ඥාණයක් බුද්ධිමත් භාවයත් හිමි ඔබට ජීවිතයේ ඕනෑම පරාජයක් අභිබවා නැඟී සිටිමට හැකියාව ඇති අතර ඕනෑම ගැටලුවක් කරුණු විශ්ලේෂණය කොට අනිත් අයට පෙන්වා තහවුරු කිරිමේ හැකියාව ද ඇත. ඕනෑම භාෂාවක් ඉගෙනීමට විශේෂ දක්ෂතාවයක් තිබෙන අතර අන් අයට වඩා වේගවත්ව හැදැරීමට හැකියාව ඇත. කුමන රැකියාවක නියුක්ත වුවත් දක්ෂතාවය හා උපායශීලි භාවයක් නිසාම පෙරමුණට පැමිණේ. ඔබ සෑම තැනකදී ඉතා කඩිසර පුද්ගලයන් වශයෙන් කැපි පෙනේ නිදහසේ පවා සිටිමට වේලාවක් නැත. කාලය යම් කටයුත්තක යොදා උපරිම පල නෙලා ගනී. වෛද්‍ය වෘත්තිය ව්‍යාපාර ආර්ථික දියුණුව සඳහා යහපත් වේ.

ජූලි 24 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. නිරන්තරයෙන් අන්‍යන්ගේ ඊර්ෂ්‍යාවට භාජනය වන ඔබ සතුටින් විනෝදයෙන් ජීවත් වීම එකම පරමාර්ථය කර ගනී. කිසි විටෙක දුක් වේදනා සහිතව ජිවත්වීමට ඔබේ කැමැත්තක් නොමැත. රසවත් ආහාරපාන ඇඳුම් පැලඳුම් හා යාන වාහන ලබා ගැනිම සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ආහාරවල රසවත් භාවය පිළිබඳව ඉතා උනන්දු වේ.

ඕනෑම අවස්ථාවකදි ඊට සරිලන ලෙස කටයුතු කිරිම ඒ අනුව හැසිරිම ඉතා සාර්ථකව සිදුකරන ඇත. පළමු විවාහය සාර්ථක වන්නේ නැති ප්‍රවණතාවයක් පෙන්වන බැවින් අවුරුදු 25ට පෙර විවාහ වීම සුදුසු වන්නේ නැත. ආර්ථික දියුණුව සඳහා කලාව මුල්‍ය අංශය ආභරණ වෙළෙඳාම ආදිය සුදුසු වේ.

 

ජූලි 25 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. ඉතාම ස්වාධීන පෞරුෂයක් ඇති ගැඹුරු සිතිවිලි ඇති අයෙකු වන ඔබ විවිධ පර්යේෂණ කිරීම සඳහා විශේෂ දක්ෂතාවයක් දක්වයි. ඔබ නිහඬ භාවය ප්‍රිය කරන අතර රහසිගතව කටයුතු කිරිමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබ කියන කරන දේ කිසිකෙනකුට පවසන්නේ නැත.තමන්ගේ අවශ්‍යතාවය කුමන අන්දමකින් හෝ ඉටුකර ගැනිම ඔබගේ එකම පරමාර්ථයයි. විවාහය බොහෝ අවබෝධයකින් විය යුතුය. යම් හෙයකින් විවාහය කලකිරුණොත් එය මුළු ජීවිතය පුරාම පවතී. ආර්ථික දියුණුව සඳහා ගුරු වෘත්තිය දේශපාලනය රහස් පරික්ෂක කටයුතු ආදිය ගැළපේ.

 

ජූලි 26 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජූලි මාසයේ වුවත් රවි ග්‍රහයා සිංහ රාශිගතව ගමන් කරන බැවින් සිංහ රාශි අධිපති රවි ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ හොඳ සංවිධාන ශක්තියක් ඔබට හිමි නමුත් සියලු අභියෝග ජය ගැනීමට ඉවසීමෙන් වෙහෙසී කටයුතු කළ යුතුය.

ඔබ යුක්තිය සාධාරණත්වය අගය කොට සලකන බැවින් බොහෝවිට නීතිය හා සම්බන්ධ වෘත්තීන්වල නියැළෙන ස්වභාවයක් දැකිය හැකිය. ලෞකික වශයෙන් යම් අසාර්ථක භාවයක් පවතී. ජිවිතයේ බොහෝවිට කණගාටුදායක සිදුවීම් බහුලය. නිරන්තරයෙන් අපකිර්තියට පත්වීමට ඉඩ ඇත. ආර්ථික දියුණුව සඳහා දේශපාලනය ගුරු වෘත්තිය හොඳින් ගැළපේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.