වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ජනනායකයන් බිහිකරන තුලා ලග්නය
නොවැම්බර් 12, 2021
විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා ලග්නයෙන් ජන්මලාභය ලබන බොහෝ ජන්මීන් එක් පසෙකට බර නොවූ සමබර මානසිකත්වයෙන් යුත් යම් යම් ප්රශ්නවලදී නිවැරදි විනිශ්චයකට එළඹිය හැකිය. අපක්ෂපාත තීරණයක් නොගන්නා අයවලුන් වෙති.
මෙකී ගති ලක්ෂණයන් හේතුකොටගෙන තුලා ලග්න හිමියන් ජීවත් වන සමාජයේ පිරිසකට, ගමකට, නගරයකට, පළාතකට, රටකට නායකයන් වන්නේ නිරායාසයෙනි. මෙලෙස තුලා ලග්න හිමියන් නායකත්වයට නැඹුරුවීමට හේතු වන ප්‍රධාන කාරණය වන්නේ පොදු ජන කාරක ග්‍රහයන් දෙදෙනෙක් වන සෙනසුරු සහ සඳු යන ග්‍රහයන් දෙදෙනාගෙන් සෙනසුරු පොදු ජනතාව නිවේදනය කරන භාවයක් වන සිව්වැන්නවූ මකරයට අධිපති වීමත් සඳු නායකත්වය නිවේදනය කරන භාවයක් වන 10 වැන්න හෙවත් කර්ම ස්ථානයට අධිපති වීමයි. ඒ හැර තුලා ලග්නයට අධිපති වන සිකුරු ග්‍රහයා කරුණාවන්ත බව, ප්‍රසන්න බව, මනා පෙනුම, ත්‍යාගශීලිබව, ඇහුම්කන දෙන යන ගති ලක්ෂණ නිවේදනය කිරීම ද තුලා ලග්න හිමියන්ට නායකත්වය ලැබීමට හේතු භූත වන අනෙක් කාරණය වන්නේය.
එසේ වුවත් මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීමට අංක 1 ට ම මහෝපකාරිවන ගුරු ග්‍රහයා තුලා ලග්නාධිපති සිකුරුට සතුරු ග්‍රහයෙක් වීමත් තුලා ලග්න කේන්දරයේ ගුරුගේ බලය දුර්වල කරන උපචය භාවයන් 2 ක් වන 3 වැන්න වූ ධනුවෙන් 6 වැන්න වූ මීන රාශියන්හි ගුරු අධිපතිවීම හේතුකොටගෙන තුලා ලග්නයෙන් ශ්‍රේෂ්ඨ ජන නායකයන් මෙන්ම වචනාර්ථයෙන් ශ්‍රේෂ්ඨ යැයි කිව නොහැකි එහෙත් සිය රණ ශූර බව බළකාමය නිසා ජනනායකත්වයක් ලබා ගත් ජනනායකයින් ද තුලා ලග්නයෙන් ජනිත වන්නේය. ඒ අනුව තුලා ලග්න කේන්දරයට යෝග්‍ය.....සෙනසුරු ග්‍රහයා ලග්නය හෝ 4 වැනි භාවයේ පතිතව පිළිවෙළින් උච්ච හෝ මූල ත්‍රිකෝණ බලය ලබා සස නම් පංච මහා පුරුෂ යෝගය උදා කළ විට දී හෝ 7 අධිපති අඟහරු 4 වැන්නෙහි හෝ 7 වැන්නෙහි පතිතව පිළිවෙළින් උච්ච හෝ මූල ත්‍රිකෝණ බලය ලබා රුචක නම් පංච මහා පුරුෂ යෝගයක් යෙදුනු කල එවන් ග්‍රහ බලයක් ඇති තුලා ලග්න හිමියා රටකට, නගරයට ,පළාතකට, ගමකට හෝ අවම වශයෙන් සමිති, සමාගමකට නායකයෙක් වන්නේය. මෙකී කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ කේන්දර සටහන් කිහිපයක් අධ්‍යයනය කරමු.
1 සටහන
උපත 1926/08/13 සිකුරාදා දහවල් 11.10 ක්රියුබාවෙදී මකර නවාංශකයෙන් හත නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් උපත්තියේදී සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 00 මාස 03 දින 08 ක් ශේෂව තිබුණි.
අංක 1 උදාහරණ කේන්දරය අයත් වන්නේ 1959දී ගරිල්ලා ප්‍රහාරයකින් කියුබාවේ බලය අත්පත් කර ගෙන දශක 4 කට වඩා වැඩි කාලයක් කොමියුනිස්ට් පාලනයක් ගෙන ගිය කියාබානු ජනාධිපති පිදෙල් කස්ත්රෝටය.
එම තුලා ලග්න කේන්දරයේ මා ඉහත විග්රහ කර ඇති පරිදි සෙනසුරු ග්‍රහයා ලග්නයේ උච්ච වීමෙන් සස නම් පංච මහා පුරුෂ යෝගයත් 7 අධිපති අඟහරු ග්‍රහයා 7 වැන්නෙහිම පතිතව මූල ත්‍රිකෝණ බලය ලැබීමෙන් රුචක නම් පංච මහ පුරුෂ යෝගයක් යෙදී ඇත. ලග්න වර රැසක් වීමත් පංච මහ යෝගයට සම්බන්ධ කුජ, ශනි, ග්‍රහයන් දෙදෙනා වර රැසක යෙදීමත් කොමියුනිස්ට් නායක පිදෙල් කස්ත්‍රෝට දශක 4 කට වැඩි කාලයක් එරට පාලනය කිරීමට හැකි වූ අතර, මෙකී යෝගයකට සම්බන්ධ කුජ සහ ශනි ඔවුනොවුන්ට සම සප්තවම සිටීමෙන් අග්නි මරුත යෝගයක් උදා කර තිබීම නිසා රාජ්‍ය බලය ගරිල්ලා ප්‍රහාරයකින් අල්ලා ගැනීමටත් කෲර පාලනයක් ගෙන යෑමටත් හේතු විය.
2 සටහන
උපත 1925/10/13 උදේ 09.00 එංගලන්තයේදී මේෂ නවාංශකයෙන් මා නැකැතේ 2 වන පාදයෙන් උපත ලබා ඇති හෙයින් උපතේ දී කේතු මහ දශාව ඉදිරියට වර්ෂ 03 කුත් මාස 11 කුත් දින 10 කුත් ශේෂව තිබුණි.
දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ, අයෝම කත යන අනවර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ මහා බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල අගමැතිවරියක් වන මාග්‍රට් තැචර් මහත්මියටය. එම තුලා ලග්න කේන්දරයේ මහජනතාව නිවේදනය කරන 4 වැන්නාධිපති සෙනසුරු ලග්නයේ උච්චම සස නම් පංච මහ පුරුෂ යෝග සමඟ සේනක යෝගය උදා කරමින් සිටින්නේ මිත්‍ර ක්ෂේත්‍ර භාග්‍යස්ථානාධිපති බුධ සමඟය. එම ග්‍රහ බලය එතුමියට මහජන ඡන්ද බලයෙන් එරට අගමැති වරිය වීමට හැකි වූ අතර, වසර 11 ක් බ්‍රිතාන්‍ය අගමැති ධූරය හොබවමින් බ්‍රිතාන්‍යය යුරෝපා මහද්වීපයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකි වූ අතර, සිය පාලන කාලය තුළදී බ්‍රිතාන්‍යය තුළ ඇතිවූ ත්‍රස්තවාදි ප්‍රශ්නත් විදේශ රටවල්වලින් ඇති වූ සතුරු ප්‍රශ්නත් ඇයට සාර්ථක ලෙස මර්දනය කිරීමට හැකි විය.
3 සටහන
උපත 1889/04/20 සවස 6.30 ජර්මනියේදී තුලා නවාංශකයෙන් පුවසල නැකතේ 3 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 16 යි මාස 04 යි දින 06 ක් ශේෂව තිබුණි.
පහත දැක්වෙන තුන්වෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ දෙවන ලෝක යුද්ධයේදී මහා මිනිස් සංහාරයක් ඇති කළ නාසිනායක ඇඩෝලොෆ් හිට්ලර්ටත් පහත දැක්වෙන ඇඩෝලොෆ් හිට්ලර්ගේ තුලා ලග්න කේන්දරයේ ලග්නාධිපති සිකුරු මෙන්ම ජන්ම නක්ෂත්ර අධිපති සිකුරු 7 වැන්නේ සිටින්නේ බුද්ධියට කාරක බුධ සමඟ රුචක නම් පංච මහා පුරුෂ යෝග උදා කළ 7 වැන්නාධිපති අඟහරු සහ මෙපුර පාල නම් යෝගය උදා කළ 11 වැන්නාධිපති වූ උච්ච රවි සමඟය. එම ග්‍රහ බලය මහා බලකාමයක් මෙන්ම කෲර මානසිකත්වය ඇති වීමට හේතු භූත වූ ග්‍රහ බලයකි. ඒ හේතුකොටගෙන හිට්ලර් මුළු ලෝකයේම බලය අත්පත් කර ගැනීමට කටයුතු කළ නමුත් තුලා ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන සෙනසුරු 10 වැන්නේ එනම් රාජ්‍ය ස්ථානයේ සතුරු වීමත් භාග්‍ය ස්ථානාධිපති බුධ 7 වැන්නේ රවිට අස්තවීමත් හේතුකොටගෙන හිට්ලර්ගේ එම උත්සාහය ව්‍යාර්ත වූ අතර, පරාජය හමුවේ ඔහු සියදිවි හානි කර ගත්තේය. ඒ අනුව පාරුක් රජ, 6 වෙනි ජෝර්ජ් රජ, මහා අක්බර් අධිරාජයා , කනෂෙව් , ජෙනරාල්, ඩෙන්සිල් කොබ්බෑකඩුව, පිලිප් ගුණවර්ධන ,අතල් බිහාරි වජ්පායි ,වින්සන්ටන් චර්චිල් , ජෝසප් ස්ටාලින් වැනි දෙස් විදෙස් රාජ්‍ය නායකයන් තුලා ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති අතර, එයින් පැහැදිලි වන්නේ තුලා ලග්න නායකයන් බිහි කරන ලග්න විශේෂයක් බවයි.
ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා
෴ සබැඳි ලිපි ෴
සිකුරු වූ කල්හි ප්‍රධාන වශයෙන් මිනිස් වර්ගයාගේ පැවැත්මට උපකාරීවන ලිංගික ක්‍රියාවලිය සඳහා දායක වන ග්‍රහයෙකි. ඒ හැර මිනිසා ට පී්රතිමත්වීමට, පිනවීමට...
2023-09-07 18:30:00
ශකවර්ෂ 1945 ක් වූ සිංහ රවි 23 භාග නිකිණි අව නවවක තිථිය ලත් කිවිදින සිට එම රවි 30 භාග නිකිණි අමාවක ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි –...
2023-09-07 18:30:00
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්ෂක,මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධනපසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුලි මාසයේ උපන් අයගේ...
2023-09-07 18:30:00
බුධ කන්‍යාවේ ස්වක්ෂේත්ර වෙයිවිශ්වය ජයගන්නා බුද්ධිමත් දරු උපත්රාශි දොළසටම බුධ ආධිත්‍ය, ගජකේශරී, අමෘත විදුරවි යෝගකන්යා රවි 15 භාග බිනර මහේ අව තියවක...
2023-09-07 18:30:00
කෙනකුගේ මරණය ගැන කියැවෙන්නේ කේන්ද්‍රයේ අටවැනි භාවයෙනි. එය කුමන ආකාරයකින් සිදුවේ ද යන්න තීරණය වන්නේ අටවැනි කොටුවේ සිටින ග්‍රහයන් හා ඊට බලපාන ග්‍රහ...
2023-08-31 18:30:00
චන්ද්‍ර දින දසුනේ විශේෂ අවස්ථා කීපයක් හැකි පමණ කතා කිරීම වටින්නේ යැයි සිතුවෙමි. ‘චන්ද්‍ර දින දසුනේ අවසානය පසුගිය සතියෙහි සටහන් කළ බව ඔබට මතක...
2023-08-31 18:30:00
ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 16 භාග නිකිණි අව දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 22 භාග නිකිණි අව අටවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි -...
2023-08-31 18:30:00
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති...
2023-08-31 18:30:00
මිණිකැට කෙරෙහි මිනිසා ආකර්ෂණයට පත්වීම ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නකි. නොයෙක් ඉපැරැණි සංස්කෘතීන් තුළ ආශ්චර්යවත් ලක්ෂණික හා ගුණයන් බොහෝ මැණික්...
2023-08-24 18:30:00
ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.ඒ අනුව ගුරු...
2023-08-24 18:30:00
“මට ටිකට් එකක් ඇදෙයිද” යයි යම් අයකු විමසීමක් කළහොත් ඉන් බලාපොරොත්තු වන්නේ ලොතරැයියක් මඟින් හෙවත් ආයාසයකින් තොරව විශාල මුදලක් ලබා ගැනීමේ අපේක්ෂාවකි....
2023-08-24 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ සිංහ රවි 09 භාග නිකිණි පුර නවවක ලත් කිවිදින සිට එම රවි 15 භාග නිකිණි අව පෑලවිය ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-08-24 18:30:00
ඡ්‍යොතිෂයේ සුබ ග්‍රහයෝ, පාපී ග්‍රහයෝ කියල දෙආකාරයට ග්‍රහයින් නාමිකව හඳුන්වනවා. ඒ කිව්වේ රවි, කුජ, ශනි, රාහු – කේතු හා අවපාර්ශ්වයේ සඳු යන ග්‍රහයන්...
2023-08-17 18:30:00
කෙනකු උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයන්ගේ තත්ත්වයත්, එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත් ඔවුන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයත් අනුව තමන්ට...
2023-08-17 18:30:00
මිනිසාට නොයෙකුත් රෝග පිඩා ඇතිවේ, කේන්ද්‍රයේ ලග්න භාවයේ සෙමින් ගමන් කරන ග්‍රහයෙක් සිටී නම් ඔහුට අසනීපයක් ඇතිවීනම් එය සුව වීමට කල් පසුවේ,මෙය බලවත් ග්...
2023-08-17 18:30:00
ජන්ම පත්‍රයක 8 වැනි භාවය මගින් කියවෙන්නේ ආයාසයෙන් තොරව ලැබෙන දේවල්ය. ඒ නිසා හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව තියෙනවාද යන බව බලා ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම...
2023-08-17 18:30:00