වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි රාහුගේ හැසිරීම ගැන වැඩි උනන්දුවක් සෑම කේන්ද්‍ර හිමියකුම දක්වනු ඇත. රාහු ජීවිතයේ ඝෘණ පැත්ත වැඩි කරන අතර, ධනාත්මක පැත්ත...
2022-02-24 18:30:00
වාසනාවන්ත බිරිඳක් සමඟ එක් වහලක් යට සැමියකුට ජීවත්වීමට ලැබෙන්නේ නම් ඔහු දිව්‍ය සම්පත්වලට සමාන සැපයක් විඳිනු ඇතැයි ජාතකරත්නාකරයේ සඳහන්ව තිබේ....
2022-02-24 18:30:00
2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ...
2022-02-24 18:30:00
මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන්...
2022-02-24 18:30:00
වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන...
2022-02-17 18:30:00
2022 පෙබරවාරි 26 සෙනසුරාදා සවස 3.50 ට කුජ හෙවත් අඟහරු කටක ලග්නයෙන් කන්‍යා නවාංශකයෙන් කුජ හෝරාවෙන් ගුරු පංචම කාල හෝරාවෙන් ස්වකීය උච්ච රාශියවන මකර...
2022-02-17 18:30:00
රවි ග්‍රහයාගේ රාශි බලරවි ග්‍රහයා සිංහ රාශියේ ස්වක්ෂේත්ර බලය ලැබීමෙන් උපේන්ද්‍ර යෝගයද, මේෂ රැසේදී මෙකී රවි උච්ච බලය ලැබීමෙන් මයුරපාල යෝගය ද යෙදෙයි. ඒ...
2022-02-17 18:30:00
දහසක සිහින සැබෑ කරමින් ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්වන්නේ ජීවිතයේ සුන්දරම අත්දැකීම විඳගන්නටය. එය විවාහයයි. එය කෙනකුට මිහිරි අත්දැකීමක් වුවත් තවත් අයකුට...
2022-02-17 18:30:00
යහපත් දිවි පැවැත්මක් සඳහා කායික මෙන්ම මානසික සෞඛ්‍යය ද යහපත් විය යුතු අතර මානසික රෝග නොමැතිවූ විට නිරෝගි මනසක් හිමිවේ. කාංසාව යනු මානසික රෝගයක්...
2022-02-10 18:30:00
ස්ත්‍රී පුරුෂ දෙදෙනකු ප්‍රේමනීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් යටට සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය.ප්‍රජාවගේ පැවැත්ම වන්නේ යහපත්...
2022-02-10 18:30:00
මෙලොව ජීවත්වන මිනිසා ඇතුළු සියලු සත්වයින් මොහොතක් හෝ වැඩිපුර ජීවත්වීමට ආශා කරති. කුරා කුහුඹුවන් ඇතුළු තිරිසන් සතුන් අනතුරක් දුටුසැණින් ආරක්ෂක...
2022-02-10 18:30:00
විපරිත රාජ යෝගය යෙදෙන්නේ ලග්න කේන්දරයකට දැඩිව අශුභ ඵල දෙතැයි සැලකෙන 6, 8, 12 යන දුෂ්ට ස්ථාන සහ එහි අධිපතියන් කේන්ද්‍රකොට ගෙනය. ඒ අනුව ලග්න කේන්දරයක 6...
2022-02-03 18:30:00
මෙහෙම ලිවුවේ කියවල අවසාන වන කොට වැඩියෙන් අවබෝධ කරවන්නයි. ඕනෑම දෙයක් උගැන්නුවට වැඩක් නැහැ අවබෝධ නොවෙනව නම්. නමුත් අවබෝධය තිබෙනව නම් උගැන්නුවේ නැති...
2022-02-03 18:30:00
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා...
2022-02-03 18:30:00
රාශි චක්‍රයේ සියලුම රාශි උප කොටස්වලට බෙදී ඇත්තේ මෙසේය, නක්ෂත්ර වළල්ලේ මේෂ රාශිය තුළ, කේතු හිමි අස්විද, සිකුරු හිමි බෙරණ යන නක්ෂත්ර දෙකත් රවි හිමි...
2022-01-27 18:30:00
කලත්‍ර ස්ථානය ජල රාශියක් හෝ ද්වි ස්වභාව රාශියක් හෝ වී කුජ එහි සිටීම අයහපත් බව කිව යුතු ය. හත අධිපති සහ දෙක අධිපති බලවත්ව සිටිවිට හත සුබ ග්...
2022-01-27 18:30:00