හතේ රාහු කොහොමද?

පෙබරවාරි 25, 2022

 

ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි රාහුගේ හැසිරීම ගැන වැඩි උනන්දුවක් සෑම කේන්ද්‍ර හිමියකුම දක්වනු ඇත. රාහු ජීවිතයේ ඝෘණ පැත්ත වැඩි කරන අතර, ධනාත්මක පැත්ත අඩුකරන බැව් පැහැදිලිය. කේන්ද්‍රයක සත් වැනි රාශියට අසුබම ග්‍රහයා කුජ අඟහරු වන අතර රාහු මේ තත්ත්වයට වැටේ.

 

රාහු බොහෝ විට කරන්නේ අවුල් ඇතිකිරීමයි. භේද කිරීම වෙන් කිරීම කළකිරවීම මෙන්ම මානසික හා කායික වදවේදනා දැඩි ලෙස අත්කරදීම රාහුගේ චරිත ලක්ෂණයකි. හත් වැන්න මේෂ හා ධනු රාශියක් වීම වඩාත් අනිටු විපාකගෙන දේවි. රාහු දශාව තුළ ද යම් යම් භේදකාරී තත්ත්වයන් විවාහය තුළ ඇති කරයි. රාහුගේ දෝෂය මඟහැරීමට නම් අනෙක් කේන්ද්‍රයෙන් රාහු සිටිය යුතු යි. රවි හෝ කුජ සිටීමත් යෝග්‍ය වේ. එහෙත් තුන හෝ 11 හෝ ධනු මීන හෝ කටක රැසක් වී බලවත්ව ගුරු සිටියොත් හත් වැන්න දකින නිසා තරමක දුරට අඩුවේ. රාහු හත සිට සිකුරු නීච වී නම් ඇය විවාහයට පෙරත් පසුවත් ලිංගික සබඳතා රහසේ ඇතිකරගන්නීය. රාහු 7 අශුභ ලෙස සිටි තරුණයන් රැසකගේ කේන්ද්‍රයේ හත්වැන්නේ රාහු දුර්වලව පැවතින.

රාහු ග්‍රහයෙක් නොවේ ඡායාවකි. ඔහු සේයා ග්‍රහයෙකි. පොළොව වටා සඳු ගමන් කිරීමේදීත් පොළොවට එක්තරා බලවේග දෙකක් බිඳගෙන යෑමට සිදුවේ. දෙපස සිදුවන එකී බලවේග දෙක රාහු කේතු නමින් විය. එනිසා කිරණ බලශක්තියද වේගවත්ය. රාහු හොඳ තැන් තිබේ. කේන්ද්‍රයේ 6, 11, 3, 12 යන තැන් ය. නරකම තැන හත් වැන්න. රාහු හත් වැන්නේ සිටින ධනු ලග්න හිමි කතකට විවාහයෙන් අධික ලෙස පීඩා විඳින්නට සිදු විය.

ඇගේ කේන්ද්‍රයේ හත්වැන්නේ රාහු සිටියේ මකරයේ නීච වී සිටි ගුරුගේ නැකතකය. නීච බුධ විසින් ද හත දැක්කාය. රාහු සිටියේ සඳුගෙන් අට වැන්නේ ය. මේ කරුණු බරපතළය.

මේ කේන්ද්‍ර හිමියා උත්‍රපුටුප නැකැත හිමි 2 අධිපති ශනි උච්ච වීම නිසා 11 සිටීමත් හේතුවෙන් ධන කුවේරයෙක් විය. ගුරු චන්ද්‍ර යෝගය ද බලවතකු කළාය. කේන්ද්‍රයේ 7 / 8 රාශි දෙකම දශාව ඇත්තේ ය. හත් වැන්නේ රවි රාහු සිටියදී හත අධිපති බුධ අට වැන්නේ විය. විවාහ කාරක ශුක්‍ර අට වැන්නේ ය. බුධ ශුක්‍ර නීච කුජගෙන් පීඩා ලැබුවා ය. මේ ධනවතාගේ විවාහය අමිහිරි බවට පත් විය.

යුග දිවිය අවුල් විය. සැමියාගේ සිත වෙනත් පැතිවලට යන්නට විය. ඒ නිසාම ප්‍රශ්න වැලක් නිර්මාණය විය. ධනය නිසා සමාජයේ වැජඹුණත් සිත විනාශයටම පත් විය. මෙතැන දී රාහුට රවිත් එකතු වී තව තවත් ජීවන ප්‍රශ්න වැඩි කරන ලැබුවේ ය. මොහුගේ බිරිඳ මරා දැමීමට උත්සාහ කළේ ය. සමහර දිනවල ඇය දරුවන් සමඟ රෑ ගත කළේ දර මඩුවේ ය. ඇගේ කේන්ද්‍රයේ ද හත් වැන්නේ රාහු මකරයේ නීච විය. ගුරුගේ නැකැතය. නීච බුධ විසින් දකින ලදී.

රාහු සිටියේ සඳුගෙන් අට වැන්නේ ය. මෙම කරුණු යහපත් නොවීය. විවාහ දිවිය අපායක් බවට පත් විය. කුජටත් වඩා රාහු හත් වැන්නේ සිටීමෙන් යුගදිවියේ නීරස භාවය තව තවත් උද්දීපනය කරනු ඇත. දෙදෙනාගේම රාහු වෙතොත් තරමක් දුරට පීඩනය අවම වී යුගදිවිය ඇල්මැරුන අන්දමට ගෙවිය හැකි ය. යුගදිවියේ කායික පැත්තේ වින්දනයේ සෞන්දර්යමත් බව ගැබ්වී නොමැත. කාන්තාවකට කොහෙත්ම නොගැළපෙන්නේ “ස්ත්‍රී ශයනෙ වෛශ්‍යානම්” යන්න ස්ත්‍රිය යහනේ දී වෙසගනක් විය යුතු යැයි යන්න ප්‍රත්‍යශතකයේ සඳහන් වී ඇති අන්දමටය. කිසිම විටෙක රාහුගෙන් එකී රසය නොලැබෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.