මානසික රෝගයක් වන කාංසාව ඇතිවීම කෙරෙහි බලපාන ජ්‍යොතිෂමය කරුණු

පෙබරවාරි 11, 2022

 

යහපත් දිවි පැවැත්මක් සඳහා කායික මෙන්ම මානසික සෞඛ්‍යය ද යහපත් විය යුතු අතර මානසික රෝග නොමැතිවූ විට නිරෝගි මනසක් හිමිවේ. කාංසාව යනු මානසික රෝගයක් වන අතර එය මානසික රෝග අතුරින් ප්‍රධානතම රෝගයක් ලෙස සැලකේ එසේම මෙම රෝගය ආතතිය සහ විෂාධය යන මානසික රෝග සමඟ ද සමීප සබඳතාවයක් දක්වයි.

 

ලෝක ජනගහනයෙන් 4% නැත්නම් මිලියන 275 ක් පමණ මෙම රෝගයෙන් පෙළෙන අතර මෙයින් 62% ක්ම කාන්තාවන් වේ. මෙයින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බවයි. ලංකාවේ ජනගහනයෙන් 4.5% සිට 5.5% ප්‍රමාණයක් මෙම රෝගයෙන් පෙළෙන බව අනුමාන කරණ අතර වැඩිහිටියන් මෙන්ම ළමයින් ද මීට අයත්වේ.

මෙම රෝගයෙන් පෙළෙන අය තුළින් හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

විශේෂිත හේතුවක් නොමැතිව නිරතුරුවම කනස්සල්ලට පත්වීම සහ එදිනෙදා වැඩකටයුතු හරියාකාරව කිරීමේ ඇති අපහසුතාවය කිසියම් සමාජමය කටයුත්තකදි නැත්නම් සභාවකදි ඉදිරිපත්වීමේදී ඇතිවන පසුගාමි බව නැත්තම් අධික සබකෝලය සහ එවැනි ඉදිරිපත්වීමකදී තමාගේ ඇති දුර්වලතා හඳුනාගෙන අන්‍යයන් තමාට අපහාස කර තමා අපහසුතාවයට පත්කරති යන භීතිය ඇතිවීම කිසියම් ස්ථානයකට යාමේදී මෙන්ම උස් ස්ථානයකට නැඟීමේදී එලිවේටරයක හෝ පාලමක් මතින් ගමන් කිරීමේදි ඔන්චිල්ලා පැදීමකදි තමාට මාරාන්තික අනතුරක් සිදුවේය යනුවෙන් අහේතුකව භීතියට පත්වීම සහ එවැනි දෑ සඳහා ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කිරීම කිසියම් පිරිසුදු කිරීමකදී නැත්නම් අස්පස් කිරීමකදි එම කාර්යය අනවශ්‍ය ලෙස කිහිප වරක් නැවත නැවතත් කිරීම සාධාරණ හේතුවකින් තොරව අනවශ්‍ය ලෙස තමා මරණයට පත්වේය නැත්නම් බරපතල අනතුරකට ලක්වේය යන සිතුවිල්ල මත මහත් භීතියට පත්වීම සමහර සත්වයන්ට දක්වන අධික භීතිය (කැරපොත්තන් වැනි) මෙම මානසික ආබාධයට අදාළ රෝග ලක්ෂණ පහත දැක්වේ.

තදින් හුස්ම ගැනීම සහ හද ගැස්ම ඉහළ මට්ටමක පැවතීම

මස් පිඩු මෙන්ම පපුව තද කිරීමක් වැනි හැඟීමක් නිරතුරුවම ඇතිවීම

වැඩිවෙමින් පවතින කනස්සලු ගතිය නොසන්සුන්කම සහ විඩාබර ගතිය

සමහරවිට අතපය වෙව්ලිම සහ අධික ලෙස දහඩිය දැමිම

සිත එක්තැන් කර ගැනීමේ මෙන්ම බොහෝ දෑ මතක තබා ගැනීමේ අපහසුතාවය

මෙම ආබාධය ඇතිවීමට ජානමය හේතූන් මෙන්ම පාරිසරික හේතුන් ද බලපාන බව පෙන්වා දී ඇත.

ඡ්‍යොතිෂමය වශයෙන් මානසික ආබාධ වලට මුල්වන්නේ වන්නේ සඳු, බුධ , ගුරු සහ ශනි යන ග්‍රහයන්ය මෙයින් සඳු (ධ්භදච සහ මනස අතර සමීප දෘශ්‍යමාන සබදතාවයක් පවතින බව අප කවුරුත් දන්නා දෙයකි. උමතු බව ඉංග්‍රිසියෙන් හඳුන්වන්නේ .ධ්භදචබඪජ යනුවෙනි එය ධ්භදචජභඵ යන ලතින් වචනයෙන් බිදී ආ වචනයකි විශේෂයෙන් හොඳින් නිරීක්ෂණය කළහොත් යම් මානසික ආබාධයකින් පෙළන අයකුගේ හැසිරීම චන්ද්‍ර කලාවලට අනුව වෙනස්වන ආකාරය පහසුවෙන් හඳුනාගත හැකිය මෙහිදි චන්ද්‍ර කලා යනුවෙන් හඳුන්වන්නේ සඳ, පෘථිවිය වටා සිදුවන පරිභ්‍රමණයට අනුව ඇතිවන පසළොස්වක, අව අටවක, අමාවක සහ නැවත පුර අටවක වශයෙන් අප දකින කලාවන්ය. අමාවක සිට පසළොස්වක කරා යාමේදි එම මානසික ආබාධ වල වැඩිවීමක් හඳුනාගත හැකිය. ගුරු ග්‍රහයාගෙන් නියෝජනය වන්නේ යම් අයකුගේ බුද්ධිය සහ තාර්කික බවයි. ගුරු ග්‍රහයාගෙන් පරිණත බව සහ නුවණ නියෝජනය වේ. ශනි මූලික වන්නේ රෝග කාරක ග්‍රහයා වශයෙනි.

කෙසේ වෙතත් කාංසා රෝගයේදි වඩාත් වැදගත්වන්නේ සඳු, ලග්නාධිපති සහ ශනි යන ග්‍රහයන්ය මෙහිදී ලග්නයෙන් යම් අයකුගේ දේහ ලක්ෂණ සහ ශාරීරික තත්ත්වය ප්‍රකාශ වන අතර ලග්නාධිපති සහ සඳු යන ග්‍රහයන් පීඩාවට පත්වීම හෝ බෙලහීනවීම සහ මෙම ග්‍රහයන් 8 වන රාශිය සමඟ ඡ්‍යොතිෂමය වශයෙන් සම්බන්ධවීම මෙම කාංසා රෝගී තත්වයට මූලිකවේ. එසේම ලග්නාධිපති 8 වැන්නේ සිටීම හෝ 8 වැන්නාධිපති ලග්නයේ සිටිම මෙන්ම ශනි සහ සඳු සංයෝගවි දුෂ්ඨ රාශියක සිටීම හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්වීමද මෙම රෝගී තත්ත්වයට හේතුවේ. කෙසේ වෙතත් මෙම රෝගයේ අඩු- වැඩි කම් තීරණය වන්නේ නැත්නම් ඉහත දක්වන ලද ග්‍රහයන්ගේ සෘණාත්මක බලපෑම් වල ස්වභාවය තීරණය වන්නේ එම ග්‍රහයන් සහ 8 වැන්න අතර පවතින සම්බන්ධතාවයේ සවභාවය මතය

ලග්නය කටක හෝ මිථුන වී 8 අධිපති ග්‍රහයා ශනි වන විට ලග්නාධිපති සහ සඳු සමඟ සම්බන්ධ වීමෙන් මෙම රෝගී තත්ත්වය වඩාත් උත්සන්න විය හැකිය එසේම යම් ජන්ම පත්‍රයක ලග්නාධිපති සඳු ග්‍රහයා මෙන්ම 6 වැන්න සහ 9 වැන්න බලවත් නම් මෙම රෝගී තත්ත්වය බොහෝ දුරට සමනය කරගත හැකිය

මෙම රෝගී තත්ත්වයට ඡ්‍යොතිෂමය ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ. ජන්ම පත්‍රයේ පීඩාවට පත් සඳුගෙන් ඇතිවන අයහපත් බලපෑම්වලට ප්‍රතිකර්මයක් ලෙස චන්ද්‍ර කාන්ත මැණික් ඇල්ලු රිදී මුදුවක් පළදින්න. එම මුදුවට ශනිට සහ ලග්නාධිපතිට ගැලපෙන මැණික් ඇල්ලීම වඩාත් සුදුසුය. හැකි නම් දින 16 ක් හෝ 21 ක් ඕම් නමා ශිවය යන පාඨය දිනකට 108 වරක් බැගින් ගායනය කරන්න.

සඳුදා දින 16 ක් හෝ 21 ක් නිරාහාරව සිටින්න.

කාන්තාවක් නම් රිදී ආභරණ පළදින්න.

වැඩිහිටි නිවාසයක සිටින වියපත් කාන්තාවන් හට සඳුදා දිනකදි දානයක්දි එම අයගේ ආශිර්වාදය ලබා ගන්න.

මෙම ප්‍රතිකර්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ප්‍රවීන ඡ්‍යොතිෂවේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසු බව සළකන්න.

මීට අමතරව වෙනත් බටහිර ප්‍රතිකර්ම කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මනෝ විද්‍යා උපදේශකවරයකු ලවා CBT (cognitive behavioural Tharapy) නම් චිකිත්සාව කර ගැනීමෙන් ද සුවතාවයක් ලබාගත හැකිය

 

මනෝවිද්‍යා, උපදේශක සහ ප්‍රවීන ඡ්‍යොතිෂවේදි

ටී. එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.