වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පාඩම් මාලාව
රාශි චක්‍රයේ සියලුම රාශි උප කොටස්වලට බෙදී ඇත්තේ මෙසේය, නක්ෂත්ර වළල්ලේ මේෂ රාශිය තුළ, කේතු හිමි අස්විද, සිකුරු හිමි බෙරණ යන නක්ෂත්ර දෙකත් රවි හිමි කැති නක්ෂත්රයේ පළමුවැනි පාදයත් සමඟ නක්ෂත්ර දෙකකුත් තවත් පාදයකුත් සමඟ නක්ෂත්ර පාද 9 කින් සංයුක්ත වෙයි.
මේෂ රාශියේ උපස්ථාන චක්‍රය 1.
මේ අනුව මේෂ රාශියේ අංශක 30 ඇතුළත පිහිටා ඇති ඕනෑම භාව ස්ඵුටයක් හෝ ග්‍රහ ස්ඵුටයක්, රාශිය අධිපති කුජ ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි. එසේම මේෂ රාශියේ අංශක 00 සිට අංශක 13 -20 දක්වා ප්‍රදේශය ඇතුළත පිළිටා ඇති ඕනෑම භාව ස්ඵුටයක් හෝ ග්‍රහ ස්ඵුටයක් මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහයාගේ සහ අස්විද නක්ෂත්රය අධිපති කේතු ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි.
එසේම මේෂ රාශියේ අංශක 13.20 සිට අංශක 26.40 දක්වා ප්‍රදේශය ඇතුළත පිහිටා ඇති ඕනෑම භාව ස්ඵුටයක් හෝ ග්‍රහ ස්ඵුටයක්, මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහයාගේ සහ බෙරණ නක්ෂත්රය අධිපති සිකුරු ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි.
උදාහරණයක් ලෙස මේෂ රාශියේ අංශක 10.00 හි පිහිටි භාව ස්ඵුටයක් හෝ තැන්පත්ව ඇති ග්‍රහයකු, මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහයාගේ ද බෙරණ නක්ෂත්රය අධිපති සිකුරු ග්‍රහයාගේ සහ මේෂ රාශියේ අංශක 9 20 00 සිට 11 26 40 දක්වා ඇති උපස්ථානය අධිපති ශනි ග්‍රහයාගේ ද පාලනයට යටත් වෙයි. මෙයින් පෙන්වන්නේ ක්රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව රාශි චක්‍රයේ ඕනෑම ස්ථානයක් ග්‍රහයන් තිදෙනකුගේ පාලනයට යටත් වන බවකි.
වෘෂභ රාශියේ උපස්ථාන චක්‍රය 2.
රාශි චක්‍රයේ මේෂ - වෘෂභ, මිථුන - කටක, සිංහ - කන්‍යා, තුලා - වෘශ්චික, ධනු - මකර සහ කුම්භ - මීන යන රාශි සන්ධිවල යෙදෙන උප ස්ථානයන් ඉහත සඳහන් රාශි දෙකටම බැගින් අයත් වෙති, ඒ නිසා ඉහත කී රාශි සන්ධිවල යෙදෙන සියලුම උපස්ථාන රාශි බෙදී යන සන්ධිය ඔස්සේ නැවතත් බෙදා ඇත. මෙම සටහනෙහි පෙන්වා ඇත්තේ මේෂ රාශිය අවසානයේ සහ වෘෂභ රාශියේ මුල් කොටසෙහි රවිගේ නක්ෂත්රය සකස් වී ඇති ආකාරයයි.
මෙහි අංක 22 පෙන්වන උපස්ථානය මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහයාගේ ද කැති නක්ෂත්රය අධිපති රවි ග්‍රහයාගේ සහ උපස්ථානය අධිපති රාහු ග්‍රහයාගේ ද පාලනයට යටත් වෙයි. අංක 23 පෙන්වන උපස්ථානය වෘෂභ රාශියේ අධිපති සිකුරු ග්‍රහයාගේ ද, කැති නක්ෂ්රතය අධිපති රවි ග්‍රහයාගේ සහ උපස්ථානය අධිපති රාහු ග්‍රහයාගේ ද පාලනයට යටත් වෙයි. රාශි අධිපති පමණක් වෙනස් වී ඇත.
මීළඟට මිථුන රාශියේ සිට ඉදිරියට අධ්‍යයනය කරමු.
පී. එච්. ඩබ්ලිව්. සිල්වා
-----------------------------
ඉතා දුර්ලභ ගණයේ නන්දා යෝගයක්
2022 පෙබරවාරි මස 06 වෙනි රවි දින උදේ 07.35 ට උතුර බලා ළිං කැපීම යහපති. (නන්දා යෝගයකි) මෙම නන්දා යෝගය යෙදෙන අන්දම මොහොර්ති චින්තාමණියේ මෙසේ සඳහන් වේ.
සිත, අද, රේවති, මුලය, සියාවස
කැති, අස්ලිස සහ රවි කුජ දෙදවස
තිථි එකසය එකොළස වුණ එදවස
ඇති සුබ නන්දා යෝගෙලු පෙර බස
එසේ කවියෙන් විස්තර කළ පරිදි මේ දිනට රවි දිනත් ශටවක තිථියත් රේවතී නැකැතත් යෙදී ඇත. එසේම සඳුගේ තත්කාල හෝරාවේ සඳුගේ පංචම හෝරාවේ යෙදී ඇත. කුම්භ ලග්නයෙන් නැකැත උදා වී තිබේ.
මෙම ලග්නයෙන් ගුරු පිහිටා ඇත. එසේම චන්ද්‍රයා මීන රාශියේ ය. 8 වැන්න ශුද්ධ වී ඇත. ඒ නිසා මේ නැකැත ඉතා බලසම්පන්න වේ. මෙම නැකැතින් ළිං කැපීමෙන් ඉතා ඉක්මනින් පිරිසුදු ජලය ලැබේ.
එසේම නියඟ කාලයක වුවත් ජලය සිඳී යන්නේ නැත. ළිං කැපීම වැව් අමුණු බැඳීම, පොකුණු සෑදීම, ඇළවේලි බැඳීම වැනි ජලාශි‍්‍රත කටයුතු කිරීමට මෙම නැකැත ඉතා යෝග්‍ය බව මොහොර්ති චින්තාමණියේ සඳහන් වේ. ඒ නිසා මෙම නැකැත ප්‍රයෝජනයට ගැනීමට සුබසෙත පාඨකයින් උනන්දු වෙත්වා.
එසේම මෙම නැකැත කිතුල්මල්වල කැරැල්ල කැපීමට ඉතා අගනා නැකැතක් බව කිව යුතු වේ. පහත සඳහන් නැකැත් හිමි අයට මේ නැකැත ඉතා ශුභදායක වේ. මුල, අද, මා, අනුර, පුස, අස්විද, පුවපල්, බෙරණ, අද, සා, සියාවස, උත්‍රසල, රෙහෙන, හත, සුවන
ඡ්යෝතිෂ්ශාස්ත්රඥ
මහතුං ජාතුංග