වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්...
2022-01-27 18:30:00
බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම්...
2022-01-27 18:30:00
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්රහස්පතී පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති...
2022-01-20 18:30:00
යමකුගේ සෙනසුරු බලවත්ව සිටියදී රවි හෝ සඳු ඔහු දුටුවහොත් ඔහු විදේශගත නොවිය යුතුය. පාප ග්‍රහයන් නවවැන්නේ සිටීම හෝ රවි සඳු දෙදෙනා එහි සිටියදී අසුබ...
2022-01-13 18:30:00
යම්කිසි පුද්ගලයකුට අදාළව ශුභ කාර්යයක් කිරීමට ශුභ නැකැතක් සෑදීමේදී එම පුද්ගලයා උපන් නැකැතට ගැළපෙන නැකැතක් තෝරා ගත යුතුය. මේ අනුව සම්පත්, ක්ෂේම, සාධක,...
2022-01-13 18:30:00
දින දර්ශනය ගැන සඳහන් කරන විට ඊජිප්තුව අමතක කළ නොහැකි ය. ඒ මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ඊජිප්තුව නිසයි. එය ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී එළි දක්වා...
2022-01-06 18:30:00
ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සිටින බැතිමතුන් තෙරුවන් සරණ යෑමත් දේව වන්දනාවත් එකට ගොනුකර තිබෙන බැව් පෙනේ. සමහර විට බුදුන්වහන්සේට වැඳීමටත් වඩා දේව...
2022-01-06 18:30:00
බැබලීම –ආලෝකය – දීප්තිය යන්න ඡ්‍යොතිෂ් ශාස්ත්රයේ අරුතයි. අනාදිමත් කාලයක සිට පැවත එන මේ මාහැඟි විෂයය අද කොතෙක් ලොව දියුණු වුවද මුල් තැනේ වැජඹෙයි. ඡ්...
2022-01-06 18:30:00
යම් කෙනෙක් මෙලොව ජනිත වූ මොහොතේ ක්ෂිතිජයේ පිහිටා තිබූ ග්‍රහ තාරකාවන්ට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය සැකසේ. ඒ අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ උපන්...
2022-01-06 18:30:00
අපේ පැරණි අය ගොවිතැන් කටයුතු සහ වෙදකමේදී ඉගෙනීම් කටයුතුවලදී ඡ්‍යොතිෂ විද්‍යානුකූලව නැකත් යෝග සහ කරණ උපරිම අයුරින් යොදා ගත්හ.සාමාන්‍ය අය පවා යෝග හා...
2021-12-30 18:30:00
බොහෝ කලකට පෙර රෝමවරුන් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක් පවත්වනු ලැබීය.3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු එහි නරපති...
2021-12-23 18:30:00
දෙවියන් වහන්සේ යෝබ්ට මෙසේ ප්‍රකාශකොට ඇත. “කට කැති නැකැතයි සෞම්‍ය ගුණ බන්ධන කරන්ට පුළුවන්ද? අහසෙහි නියමයන් තා නොදන්නෙහි ද එහි ආණ්ඩුව පොළොවෙහි තබන්ට...
2021-12-23 18:30:00
විවාහය යනු විනෝදයට කරන ක්‍රියාවක් නො වේ. සෑම කෙනෙක් ම විවාහ වන්නේ දෙදෙනා අතර මුළු ජීවිත කාලයට ම සාර්ථක යුග දිවියක් ගත කිරීමටය. කොතරම් සාර්ථක යුග...
2021-12-23 18:30:00
සඳු සිතට හා සිකුරු සෞන්දර්යට බලපෑම් කරන ස්ත්‍රී කාරක තාරුණ්‍යයේ ග්‍රහයින් දෙදෙනෙකි. පාපීන් නොවෙති. ශුභ ඵල කාරකත්වයේ ගෙන දෙන ග්‍රහයින් යුගලකි. කිරි...
2021-12-16 18:30:00
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු...
2021-12-16 18:30:00
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි වෙයි. කුඩා වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත්...
2021-12-16 18:30:00