පලාපල කථනයේදී සඳුට වඩා විශාල මෙහෙයක් ඉටු කරන රවි

පෙබරවාරි 18, 2022

රවි ග්‍රහයාගේ රාශි බල

රවි ග්‍රහයා සිංහ රාශියේ ස්වක්ෂේත්‍ර බලය ලැබීමෙන් උපේන්ද්‍ර යෝගයද, මේෂ රැසේදී මෙකී රවි උච්ච බලය ලැබීමෙන් මයුරපාල යෝගය ද යෙදෙයි. ඒ නමුත් මෙකී යෝගයෙන් උසස් ශුභ ඵලයක් ලැබෙන්නේ මෙකී යෝග ලග්න කේන්දරයක පාපයන්ට ශුභ යැයි සැලකෙන 3,6,10,11 යන උපචය භාවයක යෙදීමෙනි. මෙහි උපචය භාව වලින් 10,11 යන උපචය භාවයන්දී රවි ශුභ දෘෂ්ටි ලබා බලවත් සිටිය කල අනෙක් උපචය භාවවල රවි සිටිනවාට වඩා ඉතා උසස් ශුභ ඵලයක් රවි ග්‍රහයාට හිමි මහ දශා අන්තර් දශාවලදි ලැබෙන්නේය.

එමෙන් ලග්න කේන්දරයක බලවත් රවි ග්‍රහයා දෙපස ලග්න කේන්දරයට ශුභ ඵල දෙන ග්‍රහයන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් යෙදීමෙන් උභයචාරි නම් යෝගය යෙදෙන අතර, ඒ අනුව මෙකී යෝගය ලග්නයේ දෘෂ්‍ය අර්ධයෙන් යෙදුණු විට ජීවිතයේ මුල් කාලයේදී එනම් වයස අවුරුදු 1 -30 දක්වාද අදෘෂ්‍ය අර්ධයේ නම් 50 හේ සිට ඉහළ වයස් සීමාවන්හිදී කේන්දර හිමියාට උසස් ශුභ ඵලයක් භුක්ති විඳීමට හැකි වන්නේය. ඒ නමුත් මෙකී යෝගය 2-7 යන මාරක භාව සහ 6,8,12 යන දෘෂ්ට භාවයන්හි යෙදීමෙන් එතරම් ශුභ ඵලයක බලාපොරොත්තු විය නොහැකි හෙයින් මෙකී යෝග යෙදී යුත්තේ එකි භාවයන් හැර 1,3,4,5,9,10,11 යන භාව බලය ඒ අනුව ධනය, බලය, රූප ශෝභාව, ප්‍රසිද්ධිය කාරුණික ගති ගුණ ලබා දෙන මෙකී උභයචාරි යෝගයෙන් උසස් ශුභඵල යක් භුක්ති විඳිය හැකි වෙන්නේ මෙකී රවි ග්‍රහයාට අයත් මහදශා අතුරු දශා වලදීය.

බටහිර ඡ්‍යොතිෂයේදි රවි ග්‍රහයාට ප්‍රමුඛත්වයක්දී පලාපල කථනය කරන අතර, ඉන්දියාව, ලංකාව, භූතානය, නේපාලය වැනි ලෝක ගෝලයේ නැඟෙනහර පිහිටි රටවල් සඳු ග්‍රහයාට ප්‍රමුඛත්වයක්දී පලාපල කථනය කරති. එයට හේතුව නම් ආගම ධර්මය, ඡ්‍යොතිෂ්‍යයට සම්බන්ධ කර ගැනීමයි. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයන් ආත්මයට (රවි නිවේදනය කරනවද බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් සිතට (සඳු නිවේදනය කරන) ද මුල් තැන දෙති. ඒ නමුත් ඒ පිළිබඳව තර්කානුකූලව සිතා බලන කල, මිනිස් සිරුරට ප්‍රාණය ලැබෙන්නේ හිරුගෙනි. එලෙස පණ ලැබුණු සිරුරට මෙලොව ජීවත්වීමට අවශ්‍ය සිහිය නැතිනම් විඤ්ඤාණය ලබා දෙන්නේ සඳුය. ඒ අනුව එතැනදී සිරුර සහ සඳු ලෞකිකය.

රවි එම සිරුර සහ සිතෙහි ක්‍රියාකාරිත්වයට මූලික වන රවි ලෝකෝත්තරය, එතැනදි සඳු ජන්මියාට සිහිය ලබා දෙන්නේ ආත්ම කාරක රවි විසින් ජන්මියා පෙර භාවයන්හි රැස් කරන ලද කුසල් /අකුසල් කර්ම ක්‍රියා කරවීමටය. ඒ එහෙයින් සඳුට ජන්මියා විසින් පෙර භාවයන්හි කළ කුසල් හෝ අකුසල් කර්ම වෙනස් කිරීමට කිසිඳු ශක්තියක් නැත. ඒ පිළිබඳව තවදුරටත් උදාහරණයක් මඟින් කරුණු පැහැදිලි කළහොත් සඳු ග්‍රහයා අපට ලබා දෙන්නේ සූර්යාගෙන් ලබාගත් ආලෝකයයි. එහෙයින් ජන්මියෙක් මෙලොවදී 80% ක්ම ක්‍රියාවට නංවන්නේ පෙර භාවයන්හි පුරුදු පුහුණු කරන ලද සහජ ගති ගුණයන්ය.

ඒ අනුව මෙරට සහ ඉන්දියාව වැනි රටවල සූර්යයා කේන්දරයට වඩා චන්ද්‍ර කේන්දරයට ප්‍රමුඛත්වයක්දී පලාඵල කථනය කිරීමට හේතුව නම් චන්ද්‍රයාට ලෞකික ජීවිතයට විශාල බලපෑම් කරන ග්‍රහයෙක් වන හෙයින් ජන්මියෙක්ගේ ලෞකික ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය චන්ද්‍ර කේන්දරයෙන් හෙළිදරව් කරගත හැකිවන නිසාය. ලග්න කේන්දරයක රවි ග්‍රහයා බොහෝ පාප පීඩිත වී ඇතත් චන්ද්‍ර ලග්නයේ ග්‍රහයන් ශුභව පිහිටා ඇත්නම් ජන්මියා උසස් දියුණුවක් ලැබිය හැකිය. ඒ නමුත් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නේ අයහපත් ක්‍රියා පටිපාටියක් තුළිනි. රවි ග්‍රහයා පාප පීඩිත නොවූ කේන්දර හිමියෙක් ගේ සඳු ග්‍රහයා මුල් කොට ගෙන ගොඩනගනු ලබන චන්ද්‍ර කේන්දරයේ ග්‍රහයන් ශුභව පිහිටා ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නේ යහපත් ක්‍රියාදාමයක් තුළිනි. ඒ නමුත් එවැන්නන් විරලය. එයට හේතුව මෙලොව යහපතට වඩා ඇත්තේ අයහපත වන හෙයිනි.

මේ පිළිබඳ ක්‍රිස්තු ධර්මය මුල්කර ගෙන ගොඩනැඟුණු බටහිර ඡ්‍යොතිෂ්‍ය දර්ශනයට අනුව බලන කල විශ්ව කේන්දරය හෙවත් විශ්වයේ උපන් ලග්නයෙහි අධිපති එනම් එළුවා සංකේතවත් කරන මේෂ රැසෙහි අධිපති පාපි අඟහරු වන අතර විශ්වයට නායකත්වය දෙන 10 වැන්න වූ මකර රැසෙහි අධිපති වන්නේ සෙනසුරු හෙවත් සාතන්ය. (යක්ෂයා) ඒ අනුව බටහිර ඡ්‍යොතිෂ්‍ය සාතන් හෙවත් මකරා මෙලොව පාලනය කරන අතර මකරා ගේ අණ ක්‍රියාත්මක කරන්නේ මෘගයාය හෙවත් මේෂ රැසෙහි අධිපති අඟහරුය. මෙහිදී අඟහරු සහ සෙනසුරු ග්‍රහ මණ්ඩලයේ දරුණුම පාප ග්‍රහයන් දෙදෙනා බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ සුළු දැනුමක් ඇති අය පවා දන්නා කාරණයක් වන හෙයින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු විග්‍රහ කිරීම අනවශ්‍ය දෙයි මා සිතමි.

අප මාතෘකාවට අනුව ලග්න කේන්දරයක රවි බලවත්ව පිහිටියා වූ ජන්මීන් ගේ දියුණුව සිදු වන්නේ රවි ග්‍රහයාගේ පාලනයට යටත් වන වයස අවුරුදු 50 සිට 70 දක්වා පවතින කාල සීමා වලදීය. උපතේ සිට අවුරුදු 30 දක්වා ජන්මියාව පාලනය කරන්නේ උපන් ලග්නයේ ලග්නාධිපතිය. වයස 30 සිට 50 දක්වා පාලනය කරන්නේ සඳුය. අවුරුදු 70 සිට 120 දක්වා ජන්මියා පාලනය කරන්නේ සෙනසුරු ග්‍රහයාය. මෙකී කරුණු පිළිබඳව නිරවුල් වූත් පැහැදිලිවත් අවබෝධයක් ලබා ගත හැක්කේ ලග්න කේන්දරයක් අධ්‍යයනය කිරීමෙන් වන හෙයිනි. අපි ඒ සඳහා පහත දැක්වෙන මෙරට විධායක ජනාධිපතිවරයෙක්ව සිටි දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ මේෂ ලග්න කේන්දරය උපයෝගි කර ගනිමු. ඒ අනුව පාඨකයන් ගේ අධ්‍යයනය සඳහනක් විග්‍රහ කරන කරුණු පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහාත් ලග්න සහ නවාංශක කේන්දර දෙකට අමතරව සූර්ය සහ චන්ද්‍ර කේන්දර ඇතුළත් කර ඇත.

උපත 1924 ජුනි 23

පූ.භා.3.27 පුවපුටුප නැකැතේ 2 පාදයෙන් ගුරුට වර්ෂ 11 යි මාස 09 දින 18 යි

ඉහත කේන්දර සටහන්වලින් ලග්න කේන්දරයේ ලග්නාධිපති පාපයන්ට ශුභ යැයි සැලකෙන උපචය භාවයක් වන 11 වැන්නවූ කුම්භ රැසෙහි මේෂ ලග්නයට ශුභ ඵල දෙතැයි සැලකෙන කේන්ද්‍රස්ථානාධිපතියෙක් වන 4 වැන්නාධිපති සඳු සමඟ යෝගව ඇත.

එම ලග්නාධිපති අඟහරු තවදුරටත් මධ්‍යම පරිවර්තන යෝගයකට සම්බන්ධ 2 -7 මාරක ස්ථානාධිපති සිකුරු සමඟ යෝගව සිටින ත්‍රිකෝණ ස්ථානාධිපතියෙක් වූ රවිගේ ශුභ බලපෑම ලක්ව ඇත. එමෙන්ම 8 වැන්නේ විමල නම් විපරීත රාජයෝගයකට සම්බන්ධව ඇති ලග්නයට යෝගකාරක ගුරුගේ කේන්දරය දෘෂ්ටියට භාජනය බලවත්ව ඇත. ලග්නාධිපති කුජ නවාංශකයේ ස්වක්ෂේත්‍රය. එනමුත් ලග්නාධිපති කුජ සතුරු , රාහු කේතු ගේ බලපෑමට ලක් වීමකි. ලග්නාධිපති වැන්නේ බාධක ස්ථානාධිපති සෙනසුරු 7 වැන්නේ නීච වර්ගෝත්තම බලයෙන් යුතු පතිත වීමත් එම ශනි තවදුරටත් මාරක ස්ථානාධිපති සිකුරුගේ පූර්ණ දෘෂ්ටිය ලක්වීම නිසා තවත් පැත්තක ලග්නාධිපති කුජ පාප පීඩිතව ඇත.

ඒ නමුත් පාප බලපෑමට වඩා ශුභ බලපෑම වැඩිය. එහි ප්‍රතිඵලයක් වන්නේ පේ‍්‍රමදාස මහතාට අවුරුදු 11 සිට 30 දක්වා පැවතුණු නීච වර්ගෝත්තම සෙනසුරුගේ මහා දශාකාලයේදි තියුණු ආයුධකින් තම විරුද්ධකරුවෙක් විසින් පහර එල්ල කරන ලද නමුත් ජීවිතය බේරුණි. ඒ උපතේ සිට වයස අවුරුදු 30 දක්වා පාලනයට යටත් වන ලග්නාධිපතිට, ලැබුණු ශුභ ග්‍රහ බලපෑම පාප ග්‍රහ බලපෑමට වඩා වැඩි වූ හෙයිනි. 30 පටන් අවුරුදු 50 දක්වා සඳුගේ බලපෑමට යටත්වන කුම්භ චන්ද්‍ර ලග්නයේ ලග්නාධිපති ශනි නීච වර්ගෝත්තමව භාග්‍ය ස්ථානයේ පතිතව ඇතත්, කුම්භ ලග්නයට යෝගකාරක බුධ /සිකුරු යන ග්‍රහයන් දෙදෙනා ඇති කර ගත් මහා පරිවර්තන යෝගයේ ශුභ බලපෑම සිකුරු ගේ පුර්ණ දෘෂ්ටිය තුළින් සෙනසුරුට ලැබීම නිසා සෙනසුරු බලවත්වූ අතර ඒ අනුව පේ‍්‍රමදාස මහතාට සඳුගේ පාලනයට යටත් වන වයස 30 සිට 50 දක්වා වූ කාල සීමාව තුළදී දේශපාලකයකු වශයෙන් උච්ච ස්ථානයක් කරා ළඟාවීමට හැකි වූ අතර එම කාලසීමාව තුළදී චන්ද්‍ර ලග්නයට යෝගකාරක මහා පරිවර්තන යෝගයක් උදාව කළ බුධ ග්‍රහයාගේ මහා දශාව ලැබීම ද ඒ මහතාගේ දේශපාලන කටයුතු සාර්ථක වීමට මහෝපකාරි විය.

පසුව රවිගේ පාලනයට යටත්වන වයස අවුරුදු 50-70 කාලසීමාව පිළිබඳව කරුණ හෙළිදරව් කරන මිථුන සූර්ය ලග්න කේන්දරයේ රවි තැන්පත් රාශි අධිපති බුධ දෛන්‍ය මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව 12 වැන්නේ සිටිමින් මිථුන ලග්නයට බාධක සහ මාරක ස්ථානාධිපති ගුරු ග්‍රහයා ගේ සප්තම දෘෂ්ටියට ලක්ව පීඩා වී තිබීමත්, මරණයට කාරක කේතු, හදිසි අනතුරු වලට කාරක සතුරු ස්ථානාධිපති කුජ සහ මාරක භාවයක් වන 2 අධිපති පාප පීඩිත සඳු සමඟ යෝගව ලග්නයේ සිටින ආත්ම කාරක රවි දැකීම හේතු කොට ගෙන පෙර ආත්මවලදී කරන ලද ප්‍රාණඝාතවලට පලදීමක් වශයෙන් වයස අවුරුදු 68දී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. ඒ අනුව ඝාතනයට ලක් වූ දෙස් විදෙස් රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් ගේ හඳහන්වල මෙකී රවි ග්‍රහයා පීඩා වී සිටීම එම රාජ්‍ය නායකයන් ගේ මරණ රවි ගේ පාලනයට අයත් වයස අවුරුදු 50-70 සිදු වීමට හේතුවූ ප්‍රබල ග්‍රහ බලයක් විය. එපමණක් නොව උප්පත්තියේදි ඇතිවන අංග විකලතාවන්ට, අන්ධ බවට , හෘද රෝග වලට පත් බොහෝ දෙනා ගේ හඳහන් වල උප්පත්ති කේන්දර සටහන් වල ලග්නාධිපති සමඟ රවි පීඩාවී සිටීම මා හට බොහෝ වර අත්දකින්නට ලැබුණ ග්‍රහ බලයකි. එපමණක් නොව දීර්ඝ කාලීන ව සිරබත් කෑමට සිදුවු බොහෝ දෙනාගේ සඳහන්වල මෙකී රවි 12 වැන්නේ දුර්වලව ශනි රාහු කේතු 12 වැන්නාධිපති යන ග්‍රහයන්ගේ පීඩා වීම හෝ සිව්වැන්නාධිපති 12 වැන්නේ යටකී ග්‍රහයන්ගෙන් සහ 12 වැන්නාධිපති හෝ පීඩාවී තිබීම කේන්දර පරීක්ෂා කිරීමේදි මා බොහෝ වර අත්දැක ඇති ග්‍රහ පිහිටීමකි. එමෙන් එම ග්‍රහ පිහිටීමක් ඇති කේන්දරයක සඳු ග්‍රහයා සමඟ බුධ පීඩා වී ඇත්නම් ඔහු හෝ ඇයට උමතු රෝගී තත්ත්වයක් නිසා බොහෝ කල් මානසික රෝහල්වල සිටීමට සිදු වනු ඇත. ඒ ආකාරයට ජන්මියාට මෙලොවදි භූක්ති විඳීමට සිදු වන ශුභ සහ අශුභ ඵල හෙළිදරව් කර ගැනීමට රවිත් රවි ග්‍රහයා මුල් කරගෙන ගොඩ නඟන සූර්යයා කේන්දරයක් මහෝපකාරි වන හෙයින් පලාඵල කථනයේදි චන්ද්‍ර ලග්නයට අවධානය යොමු කළ යුතුය. මන්දයත් ලෞකික ජීවිතයේ දියුණුව සිදු වෙන කාල පරාසයක් කිනම් අංශයෙන් ලෞකික දියුණුව සිදු වන්නේද යන කරුණු චන්ද්‍ර කේන්දරය මඟින් හෙළිදරව් කර ගත හැකි හෙයිනි. ඒ නමුත් ලෞකික ජීවිතයේ ස්ථිර බව බව රඳාපවතින්නේ පෙර ආත්මවල ලද කුසල් අකුසල කර්ම මත වන හෙයින් ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සූර්යා කේන්දරය පරීක්ෂා කළ යුතුය. මෙහි සත්‍යතාවය ඉහත ඉදිරිපත් කරන ලද උදාහරණ කේන්දරය මඟින් පාඨක ඔබට ඉතා හොඳින් අවබෝධ වන්නට ඇතැයි මා සිතමි.

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.