විවාහ වුණාට මදි එය සාර්ථක කර ගැනීමටත් සිතන්න

පෙබරවාරි 25, 2022

 

වාසනාවන්ත බිරිඳක් සමඟ එක් වහලක් යට සැමියකුට ජීවත්වීමට ලැබෙන්නේ නම් ඔහු දිව්‍ය සම්පත්වලට සමාන සැපයක් විඳිනු ඇතැයි ජාතකරත්නාකරයේ සඳහන්ව තිබේ.

 

කායෙ¸සු මන්ත්‍රී කරණෙසු දක්ෂි

රූපෙසුලක්ෂ්මී සමයන්තරඥ

සෙනේහු මාතා ශයනේසුවශ්‍යා

ෂඩ්භිස්තුනාරිතුල මුද්භවන්ති

 

බ්‍රහස්පතීමෙන් දැන උගත් දක්ෂ බුද්ධිමත්ව ද ක්‍රියාවේ දක්ෂ ද රූපයෙන් ශ්‍රීකාන්තාව වේද ආගම අදහයි ද සෙනෙහසින් මවක්වේද ශයනයෙහි වෙසඟනක් බඳු වේද මෙම කරුණුවලින් පිරිපුන් කත සිය යුගදිවිය ආලෝකමත් කරයි.

කාන්තාවක් සිය රූසපුව නිසාම අන්න්‍යයන් වශීකරගන්නා අතරම නොමනා ක්‍රියාවන්හි ඇලීම හේතුකොට ගෙන මුළු මහත් සමාජයම විනාශය කරා ඇද දමන තැනට පත්වන්නීය.

නුස්ති ගංගා සමං තොයං නාසති සූර්ය

සමප්‍රභා නාවසජතිමාතා සමො බන්ධූර්

නාස්ති අන්න සමෝරසඞ

සමුදුර හා සමාන ජලයක් ද ඇස හා සමාන ආලෝකයක් ද මෑණියන් සමාන නෑයෙක් ද භෝජනය හා සමාන රසයක් මෙලොව නොමැත. මෙලොව ජීවත් වන කාලය තුළ දී විවිධ සමාජ තලයත් සමඟ ඇලීම් හා ගැටීම් ඇති වේ. සෑම පුරුෂයකුගේම ජීවිතය පටන් ගැනෙනුයේ විවාහයෙන් පසුවය. එය දෙවැනි උපතයි.

ස්ත්‍රී ජාතකාවලියේ සඳහන් පරිදි විවාහයේ පළමු මධුසමයේ සිට මුළු ජීවිතාන්තය දක්වාම දෙදෙනාගේ සිරුරුවලින් නිකුත්වන වර්ණ පදාසය නිල් සහ රතු සංයෝගය දම් පැහැයයි. (හිරුගෙන් ද ලැබේ) මුළු ලොවම අවදි කරනුයේ සූර්යය කිරණාවලියෙනි. වර්ණ 60103කින් කිරණ මේ මුළු විශ්වය හරහා දැවටී ඒකාලෝක වන්නේය. ලාදම්පැහැය යුගදිවියට ඉතාම හිතකරයි. මිනිස් සිරුරෙන් නිකුත්වන නිල් හා රතු වර්ණ දෙකම භෞතික සිරුරට බලය හා ශක්තිය ගෙනදේ. කායික හා මානසික සතුට හුවමාරු වේ. විවාහක යුවළකගේ මෙම රැස් කිරණාවලිය නිකුත් වී සංයෝගවීමෙන් ධනාත්මක පැතිකඩක් නිර්මාණය, වන බැව් වර්ණ විද්‍යාඥයින් අනාවරණය කර ඇත්තේය. ශ්‍රවණ භාෂාව, දෘෂ්‍ය භාෂාව, දේහ භාෂාව (බොඩිලැන්ග්වේජ්) සංඥා භාෂාව මානවයා සතු විශ්මිත ඉඟිවැලකි. මුල්ම වශයෙන් කටහඬට වශීවේ. ඉන්පසු දැක්ම හා බැඳීම් ඇතිවන්නේය.

අද අපි සුබසෙත හරහා මෙහි ඡ්‍යොතිෂ විද්‍යාත්මක පැත්තට හැරෙමු. ඔබ විවාහවන විටදී සිය බිරිඳගේ භෞතිකමය ජීවිතය ගැන වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීම වැදගත්ය. මේ ඒ පිළිබඳ ග්‍රහ සංයෝග සහ සුසංයෝග රූපිය හා අරූපිය සටහන් ගොනුවකි. රවි 7 වැන්නේ කේන්ද්‍රයේ සිටීම යුගදිවියට යහපත් නැත. කුජ 7 නීච වී සිටීමත් ශනි සමඟ සිංහ රාශියේ සිටීමත් නිසා සැමියා අත්හැරයන්නීය.

ශනි 7 සිටි කාන්තාව රෝග බහුල පුරුෂයකු සැමියා කරගනී. ඉතා මහලු විය හැකිය. ශනි උච්චනම් යහපත්ය. විවාහය ගෙන යයි. රාහු කේතු 7 සිටීමෙන් ද අශුභයි. උච්ච වූයේ නම් යහපත් වේ. නමුත් යුගදිවිය සරු නැත. ඝෘණ පැතිකඩකි.

හත්වැන්නේ චන්ද්‍රයා සමඟ කුජ ශුක්‍ර දෙදෙනා යෙදීමෙන් සැමියාට රහසින් පවට හැරේ. වෙන සබඳතා ගොඩනඟා ගනී. කුජ, බුධ, ගුරු, කිවි කටකයේ හෝ 7 වැන්නේ නම් ඇගේ රූපය දකින අය ඇයට වශී වේ. කාමයෙන් මුසපත් වී ඇය පසුපස යනු ඇත. විවාහයට අසුබයි.

කුජ, රාහු, රවි, ශනි 7 වැන්නේ හෝ සඳු දැකීමෙන් සැමියා කෙටි කාලකදී වෙන්වේ. දික්කසාදය ඉක්මන් වේ. අටවැන්න හෝ දොළොස්වැන්න කුජ රැසක් වී මේෂ, වෘශ්චික වී රාහු හැසිරේ නම් සැමියා අත්හරින්නීය. පාපියකු සමඟ කුජ 1, 4, 7, 8, 12 යන තැනක සිටීමෙන් තම සැමියා හැර වෙනත් සැමියන්ගේ රස පහස විඳින්නීය.

කුජ ශුක්‍ර දෙදෙනා පාපයෙක්ව දුර්වලව අංශක වල මාරුවීමෙන්ද කාමය නිසා අන්‍ය සබඳතා ගොඩනඟා ගනී. ශුභයෙක් දක්නා ලද පාපියෙක් දුර්වලව 7 සිටීමෙන් නම් සැමියාගේ සතුට අහිමිකර ගනී. පාපීන් 7තේ ලග්නයේ සිටීමෙන් ද විවාහයට අහිතකර තත්ත්වයන් උදා වේ. ශනි, කුජ දෙදෙනාගේ රැසක ශුක්‍ර සිට පාපීන් දැක්ම නිසා සඳු ලග්නයේ නම් වහ වහා පර පුරුෂ සේවනයේ යෙදේ. කුජ 8 වැන්නේ සුබ නැත. 8 සඳු නම් කම් සැප හීනයි. ශනි 8 රෝගියකු සැමියා වේ. රවි 9 නම් එයත් සුබ නැත. රාහු 7 සහ 8 ඉතාම අසුබයි. සැමියාට හොර රහසේ වෙනත් සබඳතාවලට වහා ගිජු වේ. විශේෂයෙන්ම දැන් ඔබට වඩාත්ම වැටහෙනවා ඇති ලග්නයත් දෙවැන්නෙත් හත සහ අටත් විවාහයට කොතරම් දුරට ග්‍රහබලපෑම් ඇද්ද කියා. විවාහ ජීවිත පිළිබඳ අතිවිශාල අත්දැකීම් රැසක්ම හරහා මෙවැන්නක් අනාවරණය කරමු. ගැහැනියකගේ අඟල් 3ක දිවෙන් අඩි 6 ක මිනිසකු වුවත් ජීවිතයේ මුදුන් හිණි පෙත්තටම රැගෙන යාමටත්, මරාදැමීමටත් හැකිවේ. එතරම් ගැහැනිය බලවත්ය. සිනහ වී කරගන්නට බැරි දෙය කඳුළෙන් ඇය වහාම ඉටුකර ගන්නීය.

දර්ශන චිත්තං වෛකල්‍යං ස්පර්ෂණං ධනනාසනම් - ශයනෙ මරණං කුර්යාත් ස්ත්‍රී පත්‍යක්ෂ.....

යෞවන රූපශ්‍රීයෙන් යුත් ස්ත්‍රීන් දැක්මෙන් පුරුෂ සිත විකල වේ. ස්පර්ෂයෙන් වස්තුව වැය වේ. වැලඳ ගැනීම ඉතාම අයහපත් වනු ඇත. මේ සියලු කරුණු කාරණා ප්‍රත්‍ය ශතක කරුවා නොමැති ඇසින් දැක ඇත.

මේ අතරේම

වසො ඉස්සරියං

ලෝකේ ඉත්ථි

භණ්ඪාන මුත්තමං

ලොව ඇති සියලුම භාණ්ඩ අතුරෙන් ස්ත්‍රිය නැමති භාණ්ඩය උතුම් වේ යැයි සංයුක්ත නිකායේ දක්වා තිබේ.

ඇතුවත් බැරි නැතුවත් බැරි ස්ත්‍රියක් සමඟ යුගදිවියක් ගෙවීම ඔය කියන තරම්ම අපහසු වැඩක් ද නොවන්නේය. හේතුව ඇයගේ මානසික හා කායික හැසිරීම හරි හැටි වටහාගෙන ඒ අන්දමට ක්‍රියා කිරීමෙන් සිය යුගදිවිය සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකි වේ. අවශ්‍ය වන්නේ ද ස්ත්‍රිය හරිහැටි හඳුනාගැනීමට ඔබ දැනුවත් වී සිටිය යුතුමයි. ලෝකාස්වාදණියටත් වඩා රන්රිදී, මුතු මැණික් වැනි ආභරණ ද ඇඳුම් සහ මුදල් වස්තුවට ඇති ආදරය තරාදියක් සේ සම තුළිතව තිබිය යුතුයි. ඒකයි ඇත්ත කතාව. සිය බිරිඳ ගැන නොසොයන ඇයට අවංකම ආදරය සෙනෙහස නොදක්වන තමා අතිශයින්ම ආත්මාර්ථකාමීව හැසිරෙන තැනට යම් සැමියෙක් පත්වුව හොත් ඇය ඔහුගේ හදවතින් පලා යනු නියතයි. ඇගේ උපන්දිනයට සාරියක්, මාලයක් හෝ තෑගි දෙන්න. ඔබ දෙදෙනා විවාහ වූ වසරේ දිනය ගැන මතක් කරන්න. හැමදාම මධුසමය ගත කරන අන්දමට ඔබේ බිරිඳ සමඟ ගත කරන්නේ නම් ඔබට කිසිම ප්‍රශ්නයක් උද්ගත නොවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.