වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
රාහු සහ කේතු
රාහු සහ කේතු පාප ග්‍රහයන් ලෙස ඡ්‍යොතිෂ ශාස්ත්රයේ හඳුන්වනු ලබන අතර ඒ අනෙකුත් ග්‍රහයන්ට වඩා ගුප්ත ලෙසින් මිනිස් ජීවිතයට බලපෑම් එල්ලකළ හැකි ශක්තියක් රාහුට සහ කේතුට ඇති නිසා විය හැකි ය.
මේ ග්‍රහයන් දෙදෙනා සංඥා ප්‍රබෝධ ශක්තියෙන් යුක්ත හෙයින් ඔවුන් සිටිනා රාශීන්ගේ ගුණය ගනු ලබයි. සෘෂි මතයට අනුව රාහුගේ සප්තම දෘෂ්ටිය දැකිය හැකි කේතු සම්පූර්ණයෙන්ම රාහුට විරුද්ධ ස්වභාවයක ප්‍රතිඵල දෙන බවට ප්‍රකාශ වේ.
රාහු සහ කේතු නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයා පෘථිවිය වටා යන ගමනේ දී හා පෘථිවිය සූර්යයා වටේ යන ගමනේ දී එම කක්ෂය කැපෙන සංධිස්ථානය තුළිනි. රාහුගේ හැඩරුව හිස නාගයෙකු මෙන් ද ශරීරය මිනිසෙකු මෙන් ද වේ. ප්‍රධාන ක්‍රියාව ඇවිද්දවීමයි. අසුරයන්ගේ රජ ලෙස ප්‍රචලිත රාහු බුද්ධිය අතින් හීන වේ. නමුත් සූර්යයාට වඩා වේගවත් ය. ඇසුරු කරන අයගේ ගතිගුණ ගනී. පතිඳු ලෙසද නම් කරයි. ඒ සර්පයින්ගේ රජ ලෙස හඳුන්වන බැවිනි.
රාහුගේ කාරක ලක්ෂණ වන්නේ රැස් කිරීම මිථ්‍යා තර්ක, විදේශයන්හි ඇවිද්දවීම, නපුරු සිතිවිලි නිත්‍යානුකූල නොවන යුගදිවි, රළු කථාව, දූෂණය පෙනහළු දුර්වලතා, තාවකාලික ආදර සබඳතා ආදියයි.
රාහු ස්තෝත්‍රය වුර්ධ කායම් මහා වීර්යං චන්ද්යා දිත්යම් විමර්ධනම්
සම්භිකා ගර්ග සම්භූතම්
තබි – රාහුමි ප්රණාමි මාහ්යමි
ඡ්‍යොතිෂවේදී, පානදුර සෞම්‍යා සජීවනී පෙරේරා