ලෝකෝත්තර පැත්තට බර විසා නැකැත් හිමියෝ

ජුනි 28, 2024

 

අති ලුබෙධාති පාපීචනිෂ්ටුරඞ

කළහපි‍්‍රයඞ

විශාඛායානං නරොජාතො

වෛශ්‍යාහරන රතොභවෙත්

විසා නැකතින් උපත ලැබීමෙන් සහ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව විමසා බලන විට විවිධ මතිමතාන්තර ගැබ් වී ඇත්තේය. සියල්ලම ඉතාම හොඳත් නැත. නරකත් නැත. එය ලොව දහමයි. ඉක්මණින්ම සියල්ල වහා වෙනස් වන සුලුය.

විසා නැකත හිමිව උපත ලබා ඇත්නම් ඔහු ඉතාම ජනපි‍්‍රයත්වයට පත් වන්නේය. වාසනාව හිමිවේ. කීර්ති ප්‍රශංසා ලබයි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන වැඩ කිරීමට සමත්ය. කැපී පෙනෙන චරිතයකි. අඩු ඉගනීමක් ඇත. සමාජ තලයේ ක්ෂේත්‍රයේ ඔහුව පිළිගැනීමක් වන්නේ බුද්ධිමත් උගතෙකු වශයෙන්ය. සෑම පැත්තකින්ම ඉතාම දක්ෂ වේ. ක්‍රීඩා විෂයන්ට ඉතාම දක්ෂතා දක්වන්නෙකි. පැරැණි කාලයේ නම් සූසැට කලා ශිල්පයන්හි දක්ෂතා දක්වන්නෙකි. පෙර කරන ලද පින් ඇත්තේය. උපතින්ම විවිධ කලා නිර්මාණ අංශයන්ට කැපී පෙනෙන දක්ෂතාවලින් පිරිපුන්ව තිබේ. විදේශගත රටටවල ද මොහුගේ නම ප්‍රචාරය වේ. ගත්කතුවරයකි. නිර්මාණශීලි වේ.

විශේෂයෙන්ම රහස් ඔත්තුසේවා අංශයට අති දක්ෂතා කැපී පෙනේ. ඕනෑම කටයුත්තක් බලා සිට ඊටත් වඩා හොඳින් කරයි. කඩිසරයි. ඒ අතරම කරුණාවන්තයි. භේදයක් නැත. නිහතමානීය. නිදහසට ගරු කරයි. චාම් ගති ඇත. ලෝකෝත්තර පැත්තට බරයි. මනීවිද්‍යාත්මක පැත්තද හදාරයි. අන්‍යයන්ගේ සිත් කියැවීමට දක්ෂ වේ. දේහ ලක්ෂණ හා සිරුරේ භාෂාව ගැන මනාව දන්නේය. ඒ සඳහා වැඩි උනන්දුවක් ද තිබේ.

අපි නිරන්තරයෙන් කල්පනා කළ යුත්තේ පුහුදුන් මිනිසා යනු මනස මැරි මැරී උපදින ස්වභාවයෙන් යුක්ත චක්‍රයක්ය. මුළුමහත් පංචාංගයම ඡ්‍යොතිෂයෙදී වහා වෙනස් වෙමින් දෝලනය වන්නකි. අප පුද්ගලයෙකු ගැන ඔහු මේ අන්දමේ ක්‍රියාකරයි යැයි කිසිම විටක ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් උදාවූ නැකැත හිමි වන අයගේ ඉදිරි අනාගත වැඩ කටයුතු ගැන ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බලන විට තේරුම් ගැනීමට හැකි වේ.

ලග්නයකින් හෙළිවන ජීවන තොරතුරු මෙන්ම නැකැතකින්ද හෙළිවන ජීවන තොරතුරුවල වෙනස්කම් ඇතත් සම තත්ත්වයේ සියල්ලම සිදුවේ. ලග්න දෙකක් ගැලපීම්වලට වඩා නැකත් දෙකෙහි ගැලපීම් තුළදී ද 10 විවිධ ක්‍රමවේදයක් දස පොරොන්දම් සීහුම් හරහා ගණනය කෙරේ.

විශේෂයෙන්ම විවාහයකට එහි බලපෑම් තිබිය හැකිය. විවිධ මත දරණ ඇතැම් අය නැකත් ගැනද අදහස් දක්වති. ඒ අයගේ මානසික ක්‍රියාවලියක ස්වභාවයයි. ඍෂි මතයන් එකිනෙකට වෙනස්වූවත් එක්තරා තැනකට ගොනුවන බැව් ඇත්තකි. අපි එය නුවණින් මැන ගත යුතුවේ. ස්ත්‍රී පාර්ශ්වය ගැන ඇතුළතින් නිරීක්ෂණය කිරීමේදී විසා නැකත හිමිව උපන් තැනැත්තිය සුකොමළ ඇඟපසඟකින් යුක්ත දුටුවන් මන බඳින මෙන්ම කාන්තිමත් නෙත් යුගලක් වීමද වාග්චාතුර්යයෙන් සමන්විත වූද වාසනාවන්ත කාන්තාවක් වේ. ආගම දහමට ළැදිය. සෑම අංගයකින් පිරිපුන්ව ධනසම්පත් හිමිවේ. උපතින්ම සම්පත් හිමිකාරියෙක් වන්නීය. ඇගේ සිරුරද මහා සම්පතකි.

විසා නැකත් හිමි සමහර යුවතියන් සිය රූ සපුව ප්‍රදර්ශනය කර රූ රැජිනි සම්මානයන්ද දිනා ගන්නීය. විශාල ආර්ථිකමය වාසි අත්වන අතර විශ්ව ගෞරවයන්ටද පාත්‍රවන බැව් ඇත්තකි.

සම්මාන ලබාගත් විසා නැකැත හිමි කාන්තාවන් අපේ රටේ ද සිටී. යුගදිවියද අතිශයින්ම සාර්ථක වන්නේ ඇගේ පෙර වාසනාව නිසාය.

විසා නැකතට පුෂ,අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල , කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරිස, සිත, දෙනට , අද, සා, සියාවස යන නැකත් ඉතාම සුබයි. ගැළපේ. අස්ලිස , දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අසුබ නැකත් වේ.

විසා නැකතේ 1 වැනි පාදයේ දැරියක් වැඩිවියට පත් වී නම් තරමක පීඩා ඇතිවේ.

2. වැනි පාදයේ නම් යුගදිවිය සාර්ථක වේ. ධනවත් සැමියෙක් ලැබේ.

3 වැනි පාදයේ නම් යුගදිවිය තුලනාත්මක වුවත් පටලැවිලි හට ගනී. අතරමඟ වෙනස් වේ.

4. පාදයේ නම් සාර්ථක යුගදිවියක් ගෙවයි.

 

විසා නැකතින් මල්වර වූයේ නම් වැඩිවයස් ගතවීමේදී තරමක පීඩාකාරි තත්ත්වයන්ට ද මුහුණදීමට සිදු වේ.

සමහර විට දරුඵල ද හීනවීමට ඉඩ තිබෙන බැව් පැහැදිලිය.

ඔබ විසා නැකතින් උපන් පුරුෂයෙකු හෝ කාන්තතාවක් නම් තරුණ වියට පාතබත්ම තාරුණ්‍යයේ සෞන්දර්ය චාරිකාව අරඹන විටදී හමුවන කෙනා සමඟ මිත්‍රත්වයක් පළමුව ඇතිකර ගැනීමේදි කල්ගතවීමට පෙර දෙදෙනාම ඇතුළතින් හැරි හැටි හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු වේ. විසා නැකැත් හිමියා නිරන්තරයෙන්ම බුද්ධිගෝචරව ක්‍රියාකරන නිසා දෙපක්ෂයම ඉතාම සුහදශීලිව කතා බහ කර හැරි හැටි හඳුනා ගැනීම වැදගත්ය.

දෙදෙනාගේම මානසිකමය හැසිරීම හරිහැටි සම්බන්ධවීම අනිවාර්ය වේ. සමහර විසා නැකත් හිමි දෙපක්ෂයම පෙම්සබඳතාවලදී කල්ගතවත්ම මුලදී තිබුණ උණුසුම තරමක් දුරට ඇල්මැරේ. පේ‍්‍රම කිරීමත් කල් දමන තැනකට පත්වන බැව් පෙනේ. සමහර විට වැඩිහිටි හා දෙමාපියන්ගේ බලපෑම් මත දෙදෙනාගෙන් එක් අයෙකු වෙනස් වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථා ඕනෑ තරම් යෙදී තිබේ. වැඩිකල් ගතවීමට පෙර යුගදිවියට ඇතුළු වීමට දෙදෙනාම සැලසුම් කර ගැනීම අතිශයින්ම වැදගත් වේ. නැකත් 27 තුළ ඇති 16 වැනි නැකත විසා සුවිශේෂි නැකතක් වීමද විශේෂ බව කිව යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.