ඊජිප්තුවෙන් ලොවට හඳුන්වා දුන් දින දර්ශනයේ කථාව

ජනවාරි 25, 2019

දොළොස් මාසය හෙවත් මාස දොළහ ගැන කථාකරන විට මුලින්ම මතකයට නම්වන්නේ කැලැන්ඩරය නොහොත් දින දර්ශනයයි. එම කැලැන්ඩරය නොහොත් දින දර්ශනය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ඊජිප්තුවටයි. ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේදී මෙම දින දර්ශනය ප්‍රථමයෙන් නිකුත්කර ඇත. පෘතුවිය වටා සූර්යයා යන ගමන පාදක කොට සකස්කරන ලද දින දර්ශනයේ මුල්ම මාසය හා දිනය යෙදී ඇත්තේ ජනවාරි මාසයට හා එම මාසයේ පළමුවනදාටයි. එදින නව වසරක ආරම්භය ලෙස සලකමින් ජනවාරි ජනේරුව මහත් ඉහළින් සැමරීමට රටවල් පියවරගෙන ඇත.

දොළොස් මසක පමණ කාලයක් නිම කරමින් ග්‍රහමඩුල්ලේ දොළොස්වැන්නා වූ මීන එම රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ඇරඹෙන ජනවාරි මාසය ජනේරුව වශයෙන්ද නම් කර ඇත. ජනවාරි මාසය තාරකා ශාස්ත්‍රඥයකු වූ සොසිජනස් සීසර්ගේ අනුදැනුම මත සකස්කර ඇත. ජනවාරි මාසය මුහුණු දෙකකින් යුත් ජානුස්නම් මුහුණු දෙකකින් යුත් නුවණට අධිපති දෙවියා වෙනුවෙන් නම් කර ඇති බවද කියති. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් උදාවන ජනවාරි මාසයේදී අතීත හා අනාගතය බලන බවත් රෝමන්වරු විශ්වාස කරති.

ජනවාරි මාසය (දුරුතුමස)

ජනවාරි මාසය නීතිගතකර ඇත්තේ සොප් පියුලියන් අධිරාජ්‍යයා විසිනි. ජනවාරි මාසය කලින් අවසන්ව තිබුණේ දින තිහකට සීමාවන අයුරිනි. එහෙත් පසුව එය දින තිස් එකකින් අවසන්වීමට සුදුසු ලෙස සකස් කිරීමට ජූලියස් සීසර් පියවරගන්නා ලදී. රෝම දෙවඟනයට අයත් ප්‍රබල දෙවියකු වූ ජානුස් දෙවියා සිහිපත් කිරීම සඳහා වසරක් ගෙවී නව වසරක් ලබන මුල් මාසය වූ ජනවාරි මාසයේදී ජානුස් දෙවියා සිහිකරමින් පුද පූජා පවත්වන ලදී.

අප රටේ ද ජනවාරි පළමුනවදාට උදාවෙත්ම විහාරස්ථානවල දේවස්ථානවල දේවාලවල සහ කෝවිල්වල නව වසරට සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දෙසුම් බෝධිපූජා , පුද පූජා මෙන්ම සෙත් ශාන්තිද පවත්වති. දේවස්ථානවල තිස් එක් වනදා රාත්‍රි දොළහේ සිට දේව මෙහෙයන් පවත්වති. දුරුතු මාසය ලෙස හෙළ බසින් නම් කොට ඇති දුරුතු මාසයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම අනුරාධපුරයේ වැඩවසන ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස අලුත් සහල් මංගල්‍යයද පැවැත්වේ. කැලණිය රජ මහා විහාරයේ දුරුතු මහ පෙරහර පැවැත්වෙන්නේද ජනවාරි මාසයේදීය. වසරක උදාවත් සමගම ආරම්භවන ජනවාරි මාසය වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල උත්සව පවත්වති.

පෙබරවාරි මාසය (නවම් මස)

පවුනුස් නම් වනාන්තරයට අධිපති දෙවියකු සිහිපත් කරමින් පෙබරවාරි යනුවෙන් නම් කොට ඇති. පැරණි රෝමන්වරු විසින් පෙබරවාරි මාසය විශේෂ මාසයක් ලෙස සලකා උත්සව පැවැත්වීමට පියවරගන්නා ලදී. මෙදින රෝම පූජකවරුන් එළු සම් වියළා සාදා ගත් දිගැති සම්පටි රැගෙන මහ මඟ දුවයමින් එහෙ මෙහෙ ගමන් කරන අයට පහරදීම චාරිත්‍රයක් වූහ. මෙසේ පාරේ ගමන් ගන්නා තරුණියන් පූජකවරුන්ගේ පහරට ලක්වුවහොත් ඇය ඉතා වාසනාවන්තියක් වන බවටද විශ්වාස කෙරිණ. මේ නිසා මෙදින වැඩි වශයෙන් මහමඟ ගමන් කරනු ලබන්නේ කාන්තාවන්වීම විශේෂ සිද්ධියකි. පෙබ්රු නමින් හඳුන්වන මෙම සම්පටිය නම් කොට ඇත්තේ පවිත්‍රතාවය යන්නයි.

පෙබරවාරි මාසය අපටද විශේෂ මාසයක් වන්නේ අප රට නිදහස ලබා ඇත්තේද පෙබරවාරි මාසයේ හතරවන දා වන බැවිනි. එමෙන්ම නවම් මාසය වූ පෙබරවාරි මාසයේදී නවම් මහා පෙරහැරද පවත්වන බැවිනි.

මාර්තු මාසය ( මැදින් මාසය)

මේ මාසයට මාර්තු යනුවෙන් නම් තබා ඇත්තේ මාරිස් දෙවියා සිහිවීම සඳහාය. වසන්ත සමයේ උදාවත් සමඟම මාරිස් නම් කුජ ග්‍රහයාට පුද පූජා පැවැත්වූ පැරණි රෝමන්වරු පෙබරවාරි මාසය ආරම්භ වන දින තිස් එක සඳහා මාර්තු යන නම භාවිතයට ගත්හ. මාරිස් දෙවියා අස්වැන්නට මෙන්ම වගාවට අධිපති මහා බලැති දෙවියකු ලෙස වැදුම් පිදුම් ලැබූහ. මාර්තු මාසය පැරණි රෝමන්වරු ඔවුන්ගේ පළමු මාසය වශයෙන්ද සැළකූහ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන- බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.