රසවත් මොහොතකට බිස්කට් සහ පාන්වලින් කෑම බීම

නොවැම්බර් 26, 2018

තේ වෙලාවට බිස්කට් එකක් කන එක දැන් පුරුද්දටම ගිහින් වගේ නේද? නිකම්ම තේ එකේ පොඟවගෙන කන බිස්කට් එකෙන් ඊට වඩා රස කෑම ටිකක් හදන්න පුළුවන්.

තේ වෙලාවට විතරක් නෙවෙයි අතුරුපසක් විදිහටත් ගන්න පුළුවන් බිස්කට්වලින් හදන රසම රස කෑම ටිකක් තමයි අද අරන් ආවේ.

ඒ වගේම පාන් ස්විස්රෝල්, පාන් වඩේ ඇතුළු රසවත් පාන් රෙසිපි කිහිපයක් ද අප ඔබට ගෙන එනවා. මේ කෑම වට්ටෝරු ඔබේ කෑම මේසයට නව පෙනුමක් ගෙන දේවි.

 

මික්ස්ඩ් ෆෘට් බිස්කට් පුඩිං

 

පුඩිං වර්ග ආහාරයට ගන්න හැමෝම දක්වන්නේ ප්‍රියතාවයක්. මාරි බිස්කට්, ක්‍රීම් චීස්, පලතුරු කැබලි වැනි අමුද්‍රව්‍ය යොදා සකසන මේ පුඩිං වර්ගය ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

මාරි බිස්කට් 16 ක්

ක්‍රීම් චීස් තේ හැඳි 3 ක්

ෆ්‍රෙෂ් ක්‍රීම් කප් 1 ක්

මික්ස්ඩ් ෆෘට් ජෑම්

සීනි තේ හැඳි 2 ක්

දොඩම්, කෙසෙල්, ඇපල්, මිදි වැනි පලතුරු වර්ගවලින් කපා ගත් කැබලි

ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1 ක්

සාදන ක්‍රමය

පළමුව ජෙලි පැකට් එක වතුර කෝප්ප 1/2 කට මිශ්‍ර කරගන්න. එයට කපාගත් පලතුරු එකතුකර ළිපේ තබා විනාඩි දෙක තුනක් පිසගන්න.

දැන් මාරි බිස්කට්වල ජෑම් තවරා බිස්කට් දෙක බැගින් එකිනෙක අලවාගෙන එක් බිස්කට් ජෝඩුවක් හතරට කපාගන්න.

ඉන්පසු ෆ්‍රෙෂ් ක්‍රීම්වලට සීනි සහ ක්‍රීම් චීස් එක්කර බීට් කරගන්න. පිළිගැන්වීමට සුදුසු වීදුරු බඳුනක බිස්කට් ලේයර් එක පළමුව දමන්න. එයට උඩින් පලතුරු සහ ෆ්‍රෙෂ් ක්‍රීම් ලේයර් එකක් විදියට දමාගන්න. නැවත ඒ ආකාරයටම බිස්කට් ලේයර් එකත්, පලතුරු ලේයර් එකත් එයට උඩින් ෆ්‍රෙෂ් ක්‍රීම් ලේයර් එකත් දමා ගන්න. ශීතකරණයේ පැය තුන හතරක් තබා පිළිගන්වන්න.

-------------------------

 

බිස්කට් ඇන්ඩ් ක්‍රීම් ෆජ්

චොකලට් බිස්කට්වලට පොඩිත්තන් නම් ඉතාම කැමැතියි. චොකලට් බිස්කට් යොදා සකසන මේ අතුරුපසෙත් රස බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

චොප් කරගත් චොකලට්

බිස්කට් ග්‍රෑම් 75 ක්

සීනි මෙෂරින් කප් 1 ක්

කැබලි කපාගත් බටර්

ග්‍රෑම් 125 ක්

මිල්ක්මේඩ් කුඩා ටින් එකක්

චොප් කරගත් චොකලට්

ග්‍රෑම් 200 ක්

ග්ලූකෝස් සිරප් මේස හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

පළමුව මිල්ක්මේඩ්, සීනි, බටර් සහ ග්ලූකෝස් සිරප් එකට මිශ්‍රකර, බුබුළු නගින තෙක් ඩබල් බොයිල් ක්‍රමයට රත් කරමින් මිශ්‍ර කරගන්න.

එය ළිපෙන් ඉවත්කර හොඳින් චොප් කරගත් චොකලට් සහ බිස්කට් එක්කර චොකලට් දිය වෙනතුරු මිශ්‍ර කරගන්න.

ඉන්පසු සෙන්ටිමීටර් 18 ක් දිග සහ පළල හතරැස් ට්‍රේ එකකට ඔයිල් පේපර් අතුරා ගෙන එයට මිශ්‍රණය දමාගන්න.

මිශ්‍රණය නිවෙන්නට හැර, රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.