2024.10.01 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 1, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - සවස 03.01 - 04.32
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

වෘෂභ

මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් සහිත දිනයකි. ගේ දොර වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙයි.

මිථුන

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

කටක

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. විශේෂ කෙනකුගේ ඇසුරකට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.

සිංහ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

කන්‍යා

යහපත් මිත්‍ර සබඳතාවලට හේතු ඇති කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

තුලා

දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරයි. රැකියාවේ ගැටලුකීපයකට මුහුණපායි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

ධනු

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන දිනයකි.

මකර

පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.