2024.09.13 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.12
රාහු කාලය - උදේ 10.35 - 12.07
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සාධාරණ රැකියාවක නිරත වේ. වැඩකටයුතුවලට දක්ෂය. පැවැති උදාසීන ගති මඟ හැරී යයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරන බවක් පෙනේ.

මිථුන

උසස් අය හා ඇසුරට කටයුතු උදා කරයි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි.

කටක

නැති වූ දෙයක් නැවත හිමි කරයි. චාම් බව පිරිසුදු බව අගය කරන බවක් පෙනේ. ස්ථිර ප්‍රතිපත්ති ඇතිව කටයුතු සිදු කරයි.

සිංහ

ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වයි. අමතර ඉගෙනීම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. ගුප්ත ශාස්ත්‍රයට යොමුවන දිනයකි.

තුලා

රහස් සබඳතාවයකට මුල පුරයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. අරපිරිමැස්මෙන් කටයුතු කරන දිනයකි.

වෘශ්චික

ශරීර ශක්තිය දුර්වල කරයි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.

ධනු

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් ඇති කරයි. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

මකර

ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකි වෙයි. එදිනෙදා කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරයි. සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ.

කුම්භ

පැවැති කරදර කීපයක් මඟහැරී යන දිනයකි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැත්තක් දක්වයි. රැකියාවේ කටයුත්තක් සම්බන්ධව පැවැති බාධාවක් මඟහැරී යයි.

මීන

තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ දානමය පින්කමක් සිදුකිරීමට කටයුතු යෙදේ. යන එන තැන කැපී පෙනෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.