වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.08.14 බදාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - දවල් 12.15 - 01.48
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන බවක් පෙනේ.
වෘෂභ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. අලුත් කටයුත්තක් ආරම්භ කරන දිනයකි.
මිථුන
වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. හදිසි ගමනකට සැලසුමක් සකස්කර ගන්නා දිනයකි.
කටක
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස්කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි.
සිංහ
වගකීම් බහුල කරන කටයුත්තක් සිදු කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන දිනයකි.
කන්‍යා
අමතර වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.
තුලා
වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.
වෘශ්චික
හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකීපයක් මතුකරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදතාවයෙන් කටයුතු කිරිමට අවස්ථාව උදාකරයි. නව ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුකරන දිනයකි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.
මකර
නොසිතූ ගැටලුකාරී බවක් මතු කරයි. ගතට සිතට විනෝදය අඩුකරන බවක් පෙනේ. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි.
කුම්භ
අමතර ලැබීම් ගෙනදෙන මාර්ග කීපයක් යෙදේ. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු අධික කරයි. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
මීන
ඉවසිලිවන්ත කටයුතු සිදු කරයි. පවුලේ ගැටලුකාරී බවක් දුරදිගයාමට ඉඩ ඇත. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩුකරයි. අඟහිඟතා මතුවන දිනයකි.