2024.08.16 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - උදේ 10.42 - 12.15
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

මිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇතිවනු ඇත. සතුරු පීඩාවක් ඇති වීමට හෝ සතුරන් ඇති වීමට කරුණු යෙදෙන දිනයක් බැවින් කතාවේදී පරිස්සම් විය යුතුය.

වෘෂභ

වියදම් අධික වන අතර ණය වීමට පවා කරුණු යෙදේ. අන් අයගේ කතා නිසා තම සිතට දුක් සහිත ගතියක් ඇතිවනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි.

මිථුන

උත්සාහ වන්තව කටයුතු කරයි. ගතට, සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ඇතිවනු ඇත. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමට ද කැමැත්තක් ඇතිවේ.

කටක

තමා නොකළ වැරැද්දකට නිකරුණේ චෝදනා විඳීමට සිදුවනු ඇත. කරගෙන ආ කටයුතු ප්‍රමාදවීමට කරුණු යෙදේ. ශරීරාබාධයකට ද ඉඩ ඇත. ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුය.

සිංහ

අලුත් පිරිසක් ආශ්‍රයට ලැබෙනු ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. මිල මුදල් ලාභ මෙන්ම නොයෙක් ආකාරයේ කටයුතුවලින් ලාභ හිමිකරයි.

කන්‍යා

බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඥාතීන් ද තමා ගැන සතුටට පත්වන බවක් පෙනේ. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ.

තුලා

ශරීරයට අධික වෙහෙසක් ඇතිවේ. පපුවේ අමාරු ගතියක් ද ඇතිවනු ඇත. පින් දහම් කටයුතු කෙරෙහි ආශාවක් භක්තියක් ඇති කරන දිනයකි.

වෘශ්චික

නිශ්ඵල ගමන් බිමන් මෙන්ම අධික වියදම් ද යෙදෙනු ඇත. නියම වේලාවට කෑම බීම ගැනීමට නොහැකිව වෙයි. සිතේ සැකයක් ඇතිව කටයුතු කරයි.

ධනු

පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර අන් අයගේ ගෞරවයට ද ලක්වනු ඇත. විනෝදයට සිත ඇදී යන දිනයකි. සිතට සතුට ගෙන දෙන කරුණු ඇති කරයි.

මකර

බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් ගෙනදේ. වෙනත් අයකුගේ හෝ තමාගේ අසනීපයක් වෙනුවෙන් කතා කිරීමට සිදුවනු ඇත.

කුම්භ

ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. එමෙන්ම කරගෙන යන කටයුතුවලට ද බාධා මතුවේ. සිතේ පී‍්‍රතිය අඩුව යන දිනයකි.

මීන

නින්දට බාධා ඇති කරයි. අන් අය ගැන සිතේ සැකයක් ඇතිව කටයුතු කරනු ඇත. උදරාබාධ, සෙම් අමාරු, ජලයෙන් පීඩා ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.