2024.08.13 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - සවස 03.20 -04.53
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. අවිවේකී ලෙස දවස ගෙවීයන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

හදිසි තීරණයක් අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුවීමට ඉඩ ඇත. අමතර වියදම් බහුල දිනයකි.

මිථුන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හිතවතුන්ගේ ප්‍රශංසා හිමිකරන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

කටක

වගකීම් බහුල කරයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවේ. පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යන බවක් පෙනේ.

සිංහ

සිත් අමනාපයක් මඟහැරී යයි. අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීම් සහිත දිනයකි.

කන්‍යා

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හිතවතුන්ගෙන් ප්‍රශංසා හිමිකරයි. වගකීම් බහුල දිනයකි.

තුලා

අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

වෘශ්චික

ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.

මකර

නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාගෙන දෙන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.

මීන

විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිපල අත්නොවන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.