2024.08.17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - උදේ 09.09 - 10.42
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවෙයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා කැපී පෙනීමට කැමැති කාලයකි.

මිථුන

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් පෙනේ. ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

කටක

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොවන බවක් පෙනේ. මානසික සැහැල්ලුව අඩුකරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

සිංහ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට හැකිවන දිනයකි.

කන්‍යා

ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලන් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.

තුලා

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

ධනු

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. දනට පිනට ළැදි දිනයකි.

මකර

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.