2024.08.15 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - දවල් 01.47 - 03.20
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පිඩාගෙන දෙන දිනයකි.

වෘෂභ

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැඩිවන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මිථුන

පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. වෙනදාට වඩා ආගමික වැඩසටහන්වලට නැඹුරුතාවයක් දක්වයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කටක

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.

කන්‍යා

ආගමික භක්තිය දනවන කටයුතු කීපයක් සිදුකිරීමට අවස්ථාව සැලසේ. දරුවකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හිතවකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. පෙම් සබඳතාවයකට පැටලීමට ඉඩ ඇති දිනයකි.

ධනු

පවුලේ වගකීම් වැඩිකරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරයි.

මීන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.