2024.08.18 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව.06.24
රාහු කාලය - සවස 04.51 - 06.24
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන දිනයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි.

කටක

පැවැති ගැටලුකාරී බවක් විසඳී යන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග ගෙනදෙන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි.

සිංහ

ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. නිතර විනෝදයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. ගැටලු කීපයකින් නිදහස අත් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අන් අයගෙන් උපකර හිමිකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කරන දිනයකි. පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ.

ධනු

වරින් වර උදාසීන ගති ඇති කරන බවක් පෙනේ. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි.

මකර

වගකීම් බහුල කරන දිනයකි. වරින් වර ඇති කරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කුම්භ

වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදාකරයි. ආගමික සැලසුමකට අතහිත දීමට කටයුතු උදාවේ. නිතර තමා හමුවට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.