2024.08.07 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 7, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - දවල් 12.16 - 01.49
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැළකිලිමත් වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන දිනයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි.

කටක

පැවැති ගැටලුකාරී බවක් විසඳී යන බවක් පෙනේ. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි.

සිංහ

ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. නිතර විනෝදයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

කන්‍යා

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් මානසික අසහනය ගෙනදුන් ගැටලු කීපයකින් නිදහස අත් කරයි.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් නොවන දිනයකි.

ධනු

වරින් වර උදාසීන ගති ඇති කරන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ නොසන්සුන්කාරී ගති පැවැතුම් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරයි.

මකර

වගකීම් බහුල කරන දිනයකි. පවුලේ කෙනකු නිසා සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වරින් වර ඇති කරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කුම්භ

වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදාකරයි. පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ආගමික සැලසුමකට අතහිත දීමට කටයුතු උදාවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.