2024/05/26 ඉරිදා- ලග්න සහ රාහු කාලය

මැයි 26, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය සවස 04.48 6.22
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරන දවසකි.

වෘෂභ

සැළසුම් කීපයක් සාර්ථකවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් කරයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි.

කටක

වරින්වර ඇති කරන සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා අත් කරයි. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත්කල කිරීමක් ඇති කරයි. ආගමික සැලසුමකට යොමුවන දිනයකි.

සිංහ

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන දිනයකි.

තුලා

මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ණය ගණුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

වෘශ්චික

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. යටපත්වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතුකරන දිනයකි.

ධනු

අමතර වියදම් බහුලකරයි. ප්‍රමාදවූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව සැලසෙන දිනයකි.

මකර

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. විදෙස් ඥාතියකුගේ පැමිණීමක් සිදු කරන දිනයකි.

කුම්භ

අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පැවැති අවහිරතා කීපයක් මඟහරවා ගැනීමට හැකිවන දිනයකි. දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

මීන

වගකීම් බහුල කරයි. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. අසල්වැසි සුහදතාවයට හේතු ඇතිකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.