2024.06.11 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 11, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - සවස 03.18 - 04.52
සුබ දිශාව - උතුර

 

මේෂ

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් සිදු කරයි. අවිවේකී ලෙස දවස උදා කරන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

කටක

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. අලුත් ඥාති හිතවත්කම්වලට කටයුතු උදා කරන බවක් පෙනේ. විනෝදයෙන් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගන්නා දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

වෘශ්චික

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගනී.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

මකර

නොසිතූ සිත් කලකිරීමක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදුකරන බවක් පෙනේ. වියදම් අධික වන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. උදරගත ආබාධයකින් සුවය හිමිකරයි.

මීන

ලැබීම් අතින් යහපත් දිනයකි. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.