2024.06.09 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - සවස 04.51 - 06.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

සිතට දුක් සහිත දිනයකි. නොකළ වැරැදිවලට දෝෂාරෝපණ අසන්නට සිදුවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට යාමෙන් කරදර ඇතිවේ. පපුව සම්බන්ධ පීඩා ඇතිවන දිනයකි.

වෘෂභ

ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. මිල මුදල් ලැබීම අතින් යහපත් කරයි. දියුණුවට යම් යම් කරුණු ඇති වන අතර තරඟ වාදවිවාදවලට පි‍්‍රය කරයි.

මිථුන

සැප පහසුවට අවශ්‍ය දෑ මිලදී ගැනීමට හැකිවන අතර ආගමික කටයුත්තකට හෝ දානමය කටයුත්තකට සහභාගිවීමට ලැබේ. ගෙදර දොර වාසනාවන්ත දිනයකි.

කටක

සිත් සංකා ගෙන දෙන සිදුවීම් ඇති වන අතර නොකළ වැරදිවලට චෝදනා එල්ල වනු ඇත. හුදකලා වී කටයුතු කිරීමට පවා සිත් දෙනු ඇත. සිතේ සතුට අඩු වී යන දිනයකි.

සිංහ

නොගැළපෙන ඇසුරකට හේතු ඇතිකරන දිනයක් වන අතර නින්දට බාධාවීම්ද ඇති කරයි. සෙම් අමාරු පිළිබඳ පීඩා ඇතිවිය හැකි බවක් පෙනේ.

කන්‍යා

දියුණුව පිළිබඳ සිතා කටයුතු කරයි. ධෛර්යමත්ව කටයුතු කිරීම නිසා තම ඉලක්කය කරා යාමට හැකි වන අතර සතුරු කරදර පැන නැගීමේ අවදානමක් පවතින බැවින් පරිස්සම් විය යුතු ය.

තුලා

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. දියුණුවට බාධා ගෙන දෙන සිදුවීම් ඇති කරයි.. සිතේ ව්‍යාකූල බවක් ඇතිවන අතර මුදල් අඩුපාඩුකම් පිළිබඳ සිතේ දුකක් ඇතිවන දිනයකි.

වෘශ්චික

ස්ථිර අදහස් ඇතිව කටයුතු කිරීමට බලයි. පී‍්‍රතිය ගෙන දෙන කරුණු යෙදෙන අතර, පැවැති තත්ත්වයට වඩා යම් දියුණු තත්ත්වයක් ඇතිව කටයුතු කළ හැකි දිනයකි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි.

ධනු

සැලසුම් කීපයක් සාර්ථක කරයි. කරගෙන යන කටයුතුවල දියුණුවක් දැකිය හැකියි. ඇසුරු කරන අය සමඟ කරන කටයුතුවලදී පරිස්සම් විය යුතු ය. දුරදිග බලා කටයුතු කරන්න.

මකර

කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතියද සැනසීමද ලැබෙනු ඇත. ලැබීමට ඇති මුදලක් ලැබෙන දිනයකි. බලාපොරොත්තු ඉටුවන අතර පී‍්‍රතිමත්ව කටයුතු කිරීමට ලැබේ.

කුම්භ

සුළු සුළු ලාභ ලැබෙනු ඇත. පී‍්‍රතිමත්ව කාලය ගත වේ. වියදම් වැඩි දිනයකි. වැඩිහිටියන්ගෙන් තම කටයුතුවලට උදව් උපකාර ලැබේ.

මීන

අන් අයගේ දෝෂාරෝපණයන්ට ලක්වනු ඇත. මුදල් අතින් අගහිගකම් මතුවේ. තම හොඳ නමට කැළැල් ඇතිවේ. නිවෙසින් පිටව සිටීමට පවා කරුණු ගෙනදෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.