2024/06/04 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 4, 2024

 

ඉර උදාව – පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - සවස 03.16 -04.50
සුබදිශාව – නැඟෙනහිර

මේෂ

ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යයි. නිතර ආගමික සහන පතන බවක් පෙනේ.

වෘෂභ

වගකීම් බහුල කරයි. අමතර මුදල් වියදම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන දිනයකි.

මිථුන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. අසල්වැසි සුහදතාවයට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

වරින්වර හටගන්නා සෙම් ආමාරුවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.

සිංහ

තනතුරු වෙනසක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. ඉක්මන් කෝපය තමාට අවාසිදායක බවක් ගෙන දේ.

කන්‍යා

නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැති දිනයකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත්වන්න. දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි බවක් පෙනේ.

තුලා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු කරයි.

ධනු

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරයි. නිතර දරුවකුගේ කටයුතු හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්විය යුතු දිනයකි.

මකර

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා වැයපස අධිකවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

කුම්භ

විශේෂ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

වගකීමකින් නිදහස සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කිරීමට සිතන දිනයකි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදු කර ගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.