2024.06.06 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - දහවල් 01.42 - 03.17
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

වෘෂභ

සිතට සතුට සැනසීම ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස උදා කරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

මිථුන

පවුලේ වගකීමක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ.

කටක

නොසැලකිලිමත් බව හේතුවෙන් පාඩු කීපයක් සිදු කරයි. දරුවකුගේ් ඉදිරි සැලසුමකට වෙහෙසීමට සිදුවෙයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. සුළු සුළු සීරීම් කැපීම් වැනි අනතුරුදායක තත්ත්වයක් සිදුවීමට ඉඩ ඇත. ඇවිදිලි වැඩිකරන දිනයකි.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකුට ඇප උපස්ථාන කිරීමට කටයුතු උදා කරන දිනයකි.

තුලා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන බවක් පෙනේ. අන් අය අතර කැපී පෙනෙන දිනයකි.

වෘශ්චික

වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. පොත පත කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

පැවැති උදාසීන ගති මඟහැරී යයි. පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු යෙදේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් ඇති කරන දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ. විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

මීන

මෙතෙක් කරගෙන ගිය වැඩකටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. දුර ගමනකට වෙහෙසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.