2024/05/29 බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 29, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.23
රාහු කාලය දහවල් 12.08 - 01.42
සුබ දිශාව – දකුණ

 

මේෂ

විශේෂ සැළසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර යෙදෙන අමතර ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

පවුලේ වගකීම වැඩි කරයි. වරින්වර ආගමික සහන පතන දිනයකි. මුදල් පරිහරනයේදී සැලකිලිමත්වන්න.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත්කරන දිනයකි. වෙනදාට වඩා පී‍්‍රතියෙන් ගතකරන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

පීඩාකාරි ලෙස කටයුතු කීපයක් යෙදේ. සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. වගකීම් බහුල දිනයකි.

සිංහ

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු සිදුකරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන දිනයකි.

කන්‍යා

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගන්නා දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

වෘශ්චික

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගනී.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තානවයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

මකර

නොසිතූ සිත් කලකිරීමක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු කරන බවක් පෙනේ. වියදම් අධික වන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. උදරගත ආබාධයකින් සුවය හිමිකරයි.

මීන

ලැබීම් අතින් යහපත් දිනයකි. නොගැළපෙන ඇසුරකට කටයුතු උදාකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.