2024.06.02 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - සවස 04.49 - 06.23
සුබ දිශාව - දකුණ

 

මේෂ

අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා දරුවන්ගේ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දිනයකි. පවුලට අලුත් ඥාතියකු එක්වන බවක් පෙනේ.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

කටක

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. වියදම් අධිකවන කටයුතු කීපයක් යෙදේ.

සිංහ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොවන බවක් පෙනේ. නිතර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

තුලා

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. එමෙන්ම හදිසි ගමන් කීපයකට කටයුතු සූදානමක් ඇති කර ගනී. අවිවේකී දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

පැවැති ගැටලු කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් සාර්ථකවන දිනයකි.

මකර

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරන දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්වන කරුණු කීපයක් යෙදේ. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.