2024.06.01 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 1, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 09.00 - 10.34
සුබ දිශාව - දකුණ

 

මේෂ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. අමතර ලැබීම්වලට බාධාගෙන දෙන දිනයකි.

වෘෂභ

ගතට සිතට සුවදායක බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්කරන දිනයකි.

මිථුන

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. ගේ දොර සැනසිල්ල ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි.

කටක

හදිසි තීරණයක් හේතුවෙන් කටයුතුවල වෙනසක් සිදු කරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය වැඩිවන දිනයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වන දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර සිත් අමනාපයක් ඇතිවීමට ඉඩ ඇත. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ් අයගේ ප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත. ළඟම හිතවතකුට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු උදා කරයි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු අධික වීමෙන් අවිවේකී බවක් ඇති කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

මීන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.