2024.06.03 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.24
රාහු කාලය - උදේ 07.27 -09.02
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවක් පෙනේ.

වෘෂභ

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. උසස් අයගෙන් උපකාර හිමිවන දිනයකි.

මිථුන

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා වැයපස අධික කරන දිනයකි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

කටක

වරින් වර ඇති කරන සෙම් රෝගයකින් පීඩා අත් කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන බවක් පෙනේ. ගේ දොර කටයුතු ප්‍රමාද කරන දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන බවක් පෙනේ. වියදම් අධිකවන දිනයකි.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට හෝ මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘශ්චික

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. නිතර ඇතිවන කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.

මීන

ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත් කරයි. පැරැණි ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.