2024/06/07 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 7, 2024

 

ඉර උදාව පෙ.ව. 05.54
ඉර බැසීම ප.ව. 06.25
රාහු කාලය උදේ 10.35 - 12.10
සුබ දිසාව දකුණ

 

මේෂ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

සැනසිලිදායක බව අඩු කරන බවක් පෙනේ. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

මිථුන

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. ළඟම හිතවතකුගෙන් ත්‍යාගයක් හිමිවීමට ඉඩ ඇත. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න.

 

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පියපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. පැරැණි ගනුදෙනුවකින් නිදහස උදා කරන දිනයකි.

කන්‍යා

ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ සැලකිලිමත්වන්න. වගකීම් බහුල දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ. අලුත් සැලසුමකට අත ගසන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදෙන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයට බාධාගෙන දෙන දිනයකි.

මකර

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ අය

පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

 

කුම්භ

සිතේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ. පැවැති අසනීපකාරි බවකින් නිදහස සැලසෙන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තිය දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.