2024/05/28 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මැයි 28, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය සවස 03.14 -04.48
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි.

වෘෂභ

අමතර ආදායම් මාර්ගවලට කටයුතු උදා කරයි. මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට කටයුතු යෙදීමට ඉඩ ඇති දිනයකි.

කටක

අමතර වගකීම් බහුල කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

සිංහ

අලුත් සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන දිනයකි. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදු කරයි. සහෝදර බැඳීම් අලුත් කරන දිනයකි.

කන්‍යා

වෙහෙසකාරි ගමනකට කටයුතු යෙදේ. ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

තුලා

වෙනදාට වඩා තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවූ ගනුදෙනුවක් සාර්ථක වන දිනයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා උදාසීන ගතිපැවතුම් ඇති කරන බවක් පෙනේ. පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

ධනු

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ. නැතිවු දෙයක් නැවත හිමිකරන දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. අතමිට සරුකරන අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.