2024.06.10 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - උදේ 07.27 - 09.02
සුබ දිශාව - උතර

 

මේෂ

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. අමතර ගමන් බිමන් යෙදීමට ඉඩ තිබේ.

වෘෂභ

සිතේ චංචල ගතියක් ඇති කරන දිනයකි. අනාථ අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව සැලසේ. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි.

මිථුන

නිතර නිතර අදහස් වෙනස් කරන බවක් පෙනේ. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි.

දුර ඥාතියකුගේ හමුවීමක් සිදු කරයි.

කටක

පොත පත කියවීමට ආශාවක් දක්වයි. එහෙත් ඉගනීමට තරමක බාධක ඇතිවීමට ඉඩ ඇත. සෙම් දෝෂයක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් ප්‍රමාද කරයි.

සිංහ

අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

කන්‍යා

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති අවිවේකී බවක් මඟහැරී යන දිනයකි.

තුලා

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු එකතුවීමට හේතු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි.

මකර

දුර බැහැර ගමනකට සැලසුමක් ඇති කර ගනී. ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

කුම්භ

සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟ හැරී යන දිනයකි.

මීන

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.