වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නවීන විද්‍යාවට ගුරුහරුකම් දුන් පෙරදිග ශාස්ත්‍ර
බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය බඳින ලද්දේ බටහිර ජාතිකයන් නොව පෙරදිග ගණිත විද්‍යාඥයන් බව බුද්ධිඝෝචර අයුරින් පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.
මෙහි දැක්වෙන කරුණු හොඳින් වටහා ගැනීමට මෙය කියවන පාඨක ඔබට ගණිත විද්‍යා දැනුම අවබෝධය යම් තරමකට තිබීම පහසුවක් වනු ඇත. සම්ප්‍රදායික ඡ්‍යොතිෂ ලිපියකට වඩා ගණිත විද්‍යාවට බරව ලියා ඇත්තේ බටහිර විද්‍යාඥයන් නවීන විද්‍යාව මැවූ මහා බ්‍රහ්මයන් පිරිසක් ලෙස වන්දනාමාන කරන්නන්ට ඉපැරණි පෙරදිග ඡ්‍යොතිෂය, ආයුර්වේදය ආදියේ ඇති ගාම්භීරත්වය හා වටිනාකම පෙන්වාදීමට හොඳම ක්‍රමය එය බැවිනි.
පෙරදිග දාර්ශනික මත හා විද්‍යාත්මක නියම යුරෝපයේ ප්‍රචලිත වීම මුල් කාලයේ දී තරමක් ප්‍රමාද විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ ඒවා පැරැණි බයිබලයේ සඳහන් කරුණුවලට පටහැනිවීමයි. රජුගේ බලය ද අභිබවා සිටි පල්ලියෙන් ද බයිබලයට නොගැළපෙන මතවාද පළකළ අයට එරෙහිව මරණ දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවම් වැනි දැඩි දඬුවම් නියම විය. ලැවොයිසියර්, සිනෝ ගැලීලියෝ උදාහරණ වේ. එහෙත් ත් 15 වැනි සියවසේ අගභාගය වන විට යුරෝපයේ සිදු වූ විද්‍යා පුනරුදය සමඟ ඇති වූ සමාජ විප්ලව නියා මේ තත්ත්වය යම්තාක් දුරට බිඳ වැටුණි. අවසානයේ සියල්ල නවීන විද්‍යාවට අනුකූලව සංස්කරණය විය. එමෙන්ම පෙරදිග බටහිර යා කළ සේද මාවත හරහා අරාබි වෙළෙඳුන් හා වෙනත් සංක්‍රමණ හරහා පෙරදිග දැනුම බටහිරට නිදහසේ සංක්‍රමණය විය. මෙසේ සංක්‍රමණය වූ පෙරදිග දැනුම අතර ඡ්‍යොතිෂය හා ආයුර්වේදය ප්‍රධාන තැනක් ගත්තේ ය. එම පෙරදිග ශාස්ත්‍ර දැනුම සිද්ධාන්ත බටහිර ජාතියන් විසින් වරෙක වඩාත් ප්‍රායෝගිකව නියම වටිනාකම ලබා දෙමින් ද තවත් විටෙක අමු අමුවේ භාවිත කර හා සොරා ගනිමින් තමන්ගේ නම් දමා ගනිමින් ද එම පෙරදිග දැනුම ආශ්‍රයෙන් නවීන විද්‍යාවේ ප්‍රධාන අංග කිහිපයක්ම සපුරාගත් බව ඔබ ද දන්නවා ඇත.
පෙරදිගින් බටහිරට ලැබුණ දායාද අතරින් දෙවියන්ගේ තෑග්ග ලෙස අදටත් සලකන දෙයක් ඇත. ඒ වෙත කිසිවක් නොව ශුන්‍යය හෙවත් බින්දුවයි. අරාබි වෙළෙඳුන් හරහා බටහිරට සංක්‍රමණය වූ පෙරදිග ගණිත ඉලක්කම් (හින්දු අරාබි ඉලක්කම්) සමඟ ලැබුණු බින්දුව හෙවත් ශූන්‍යය යනු නවීන විද්‍යාව නමැති සාගරය නිර්මාණය කළ දිය බිඳුවක් වැනිය. එහි ආගමනයත් සමඟ එතෙක් නිසි සම්මතයක් නොමැතිව අවුල් වූ නූල් බෝලයක් සේ අක්‍රමවත්ව වල් බිහිව තිබූ බටහිර ගණිතය නවීන විද්‍යාවට සුදුසු මාර්ගයට පිවිසුණි. වැදගත්ම කාරණය වූ බටහිර නොතිබූ ශූන්‍යය සංකල්පය පෙරදිග අම්බරයේ උදාවීම සිදු වූ ආකාරය වර්තමානය වන විට යටපත් වී ඇත. ඇත්තටම එය බටහිරයෝ විසින් යටපත් කර ඇත. හින්දු අරාබි ඉලක්කම්වල ඉතිහාසය එම සංකල්ප බිහි කළ ප්‍රධාන ශාස්ත්‍රඥයන් කවුරුන්ද යන්නට සඳහනක් අන්තර්ජාලයේද නැත. මේ වැදගත් ඉතිහාසය තොරතුරු පසුවට තබා පෙරදිග ශූන්‍යය බටහිර විද්‍යාවේ සිදුකළ පෙරළිය හැකි තරම් කෙටියෙන් කතාබහ කරමු.
ශූන්‍යය හෙවත් බින්දුව ප්‍රථමයෙන්ම පෙරළිකාර ලෙස භාවිත කළේ ජ්‍යාමිතියේ පියා ලෙස සැලකෙන ගී‍්‍රක ජාතික රෙනේ ඛිතාරිට්. ඔහු විසින් ධන, ඍණ සංඛ්‍යා මායිම් වන ලෙස ශූන්‍යය මූලය කොටගෙන ඛණ්ඩාංක අක්ෂය නිර්මාණය කිරීම සමඟ එතෙක් වෙනස් මාර්ගවල ගමන් කළ ජ්‍යාමිතිය හා වීජ ගණිතය එකට අත්වැල් බැඳගත් අතර ගණිතය හා විද්‍යාව එකිනෙකට යා කළ පාලම බවට ද මේ කැටිසියානු ඛණ්ඩාංක පද්ධතිය පත්විය.
ශුන්‍යය ලැබීමට පෙර රෝම ඉලක්කම් අතර සිරවී සිටි බටහිර ගණිතඥයන් පසුව ඉතා ශීඝ්‍රගාමි විය. සම්මත අංකනය, වැඩි කිරීම, බෙදීම ලඝු ගණක භාවිතය 10 පාදයේ සංඛ්‍යා ඇසුරින් වඩාත් ශීඝ්‍රව හා විනෝදව පාසල් සිසුන් පවා ගණිත කටයුතු කිරීම සිදු විය. පෙරදිග ශූන්‍යය නොලැබෙන්නට ආලෝකයේ ප්‍රවේගය කඩදාසි කොළයක ලියා ගැනීමට පවා නොහැකිවන අතර නව ගණිත විද්‍යා ක්ෂේත්‍ර රාශියක් ඒ හරහා බිහි විය.
ශුන්‍යය, බටහිර විද්‍යාවේ පෙරළියක් ඇති තවත් විශේෂ අවස්ථාවක් වූයේ නවීන විද්‍යාවේ සෑම අංශයක්ම පිරිවැය, භාවිත කරන වැදගත් ගණිත ක්ෂේත්‍රයක් වූ කලනය (අවකලනය හා අනුකලනය) බිහිවීම සම්පූර්ණයෙන්ම ශූන්‍යය පාදක වී ඇති බැවිනි. කලනයේ ජ්‍යාමිතික හා විජිය විශ්ලේෂණ අයිතිය ඇති අයිසැක් නිවුටන් හා විල්හෙල්ම් ලයිබ්ගිස්ට් දෙදෙනාටම ස්පර්ශ ලක්ෂයේ අනුක්‍රමණය ධන අගය හරහා ශුන්‍යයට එළඹීමේ සීමාකාරී අගය ලෙස අවතුලය සංගුණිතයක් එක්ස් අක්ෂය පිරිවැය ඇති වර්ගඵලය හා විවික්ත සන්තතික අගයන්ගේ එකතුවක් ලෙස අනුකලනයත් ජ්‍යාමිතිකව හා විජිය ලෙස අර්ථ දැක්වීමට මූලිකය වූයේ ශූන්‍යයයි.
ඉහතින් දැක්වූයේ ශූන්‍යය භාවිතයෙන් බිහි වූ ප්‍රධානම ගණිත භෞතික ක්ෂේත්‍ර කිහිපයකි. ඊට අමතරව ශූන්‍යය නිසා හෙළි වූ ගණිත විද්‍යා රහස් බොහොමයකි. අලුතින් බිහිවූ විද්‍යා ක්ෂේත්‍ර රාශියකි. ඉන් කිහිපයක් කෙටියෙන් පහත දැක්වේ. රසායන විද්‍යාවේ පරමානුක ක්‍රමාංක අංකනය කිරීමේදී සහ නව මූල ද්‍රව්‍ය සංයෝග නිර්මාණය කිරීමට දායක වීම.
ඉලෙක්ට්‍රොනික හා පරිගණක තාර්කික විශ්ලේෂණයේදී 0, 1 පාදනය
ජීව භෞතික නිර්මාණයන්ට අබිරහස් ලෙස දායක වී ඇති ස්වරිණමය නීතිය (ෆිබෝනාච්චි ශ්‍රේණිය) ආරම්භක අගය
ක්වොන්ටම් විද්‍යාවේ අභිරහස් ශූන්‍යතා ශක්ති මට්ටම පිළිබඳ හා එහි රහස අවබෝධ කර ගැනීමට දායක වීම.
ඉලෙක්ට්‍රෝනික් කේතකරණයේදී හා තොරතුරු තාක්ෂණයේ දී පණිවුඩ හුවමාරු ස්ථරයන් වෙන් කිරීමට (දේශීය 0, විදේශීය 00)
විශේෂ සාපේක්ෂතාවාදයේ දී ‘විචලනය වන මූලය’ සංකල්පය අයින්ස්ටයින් ගේ චින්තය තුළ ඇති කිරීමට දායක වීම.
ජීව, භෞතික, රසායන විද්‍යාවාද (පරමානුක වාදය, සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් වාදය....) රාශියක මූලික උපග්‍රහණයන් සමඟ සෘජුවමට සම්බන්ධ වීම.
නවීන විද්‍යාවේ මුලිකාංග බිහිවීමට පෙරදිගින් ලැබුණු දායාද අතර ඉලක්කම් පද්ධතිය පමණක් නොව තවත් දැනුම් සම්භාරයක් විය. ඒ අතරින් ප්‍රධාන ලෙස පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර චලිතය, ගුරුත්වාකර්ෂණය, උපග්‍රහයන්, එන්නත් ආදියට පසුකාලීනව යොදා ගත් පෙරදිග ආයුර්වේද රහස්, බුදුදහමේ දැක්වෙන හේතුඵල වාදය හා ලෝක ධාතු නිර්මාණය හා විනාශ වීමේ මූලධර්මයන් රවි, සඳු මූලික කරගත් සූර්ය චන්ද්‍ර මාස කැලැන්ඩර් ක්‍රමය, දැක්විය හැකිය.
ගුරුත්වාකර්ෂණය සංසිද්ධිය ලොවට හඳුන්වාදීමේ ගෞරවය මහා විද්‍යාඥ අයිසැක් නිවුටන්ට හිමිය. ස්වකීය “පින්සිපියා” කෘතියෙන් නිවුටන් පවසන ආකාරයට 1665 වසරේ ලන්ඩනය පුරා පැතිර ගිය මහාමාරිය වසංගතය සමඟ ට්‍රිනිටි විද්‍යාලය වැසී යෑමත් සමඟ වුල්ස්ත්‍රෝප් නිවෙසේ ගෙවත්තේ විවේකයෙන් සිටියදී ඇපල් ගසකින් ඇපල් ගෙඩියක් වැටෙනු දැක මතු වූ සිතුවිල්ලෙන් ගුරුත්වාකර්ෂණය බිහිවී ඇත. නමුත් වැඩිදුර කරුණු සොයා බැලීමේ දී නිවුටන් වාසය කළ 17 වැනි ශතවර්ෂයේ මැද කාලයේ වසර 600කට පමණ පෙර ඉන්දියාවේ විසූ භාස්කර් ආචාර්ය විසින් රචිත “සිද්ධාන්ත ශිරෝමනී” නම් ඡ්‍යොතිෂ මූල ග්‍රන්ථයෙන් විශාල ග්‍රහයන් අතර එකිනෙකාට ආකර්ෂණ බලයක් ඇතිවීමත් එම ආකර්ෂණ බලය නිසා එම ග්‍රහයන්ගේ පෘථිවියට සාපේක්ෂ ස්ඵුටයන් වෙනස්වීම ගණනයට ක්‍රමවේදයක්ද සටහන් කර ඇත. ඇපල් ගසක් හැදීමට තරම් නොවූ දේශගුණයක් හිමි වුල්ස්ත්‍රොෆ්හි ඇපල් ගසකින් ඇපල් වැටීමේ කතාව ‘පින්සිපියා’ කෘතියේ කතා රසය මතු කළ ප්‍රබන්ධයක් ලෙස සඳහන් කළ හැකිය. රාජකීය විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති ලෙස ලොව දිනූ නිවුටන්ගේ එම බොරුවට එංගලන්ත රජුගෙන්ද සහාය ලැබී ඇත. කෙසේ වුවද පෙරදිග විද්‍යා නියමය සොරා ගත්තද නිවුටන් ඒවාට නියම වටිනාකමක් ලබා දී ඇත. නවීන විද්‍යාවේ මහා බ්‍රහ්මයකු ලෙස අදටත් නිවුටන් ගරු බුහුමන් ලබන්නේ එබැවිනි. තමාට සහය දුන් පෙරදිග ශාස්ත්‍රීය දැනුමට ගරු කිරීමටද නිව්ටන් වගබලා ඇත. ඡ්‍යොතිෂයෙන් (නක්ෂත්‍ර විද්‍යාවෙන්) ස්වාභාවික හා පුද්ගල අනාවැකි පැවසිය හැකි බවට හේලිගේ වල්ගා තරුව සොයාගත් එඩ්මන්ඩ් හේල සමඟ ලන්ඩන් නුවරදී සිදුකළ අති ප්‍රසිද්ධ වාදය (නිවුටන් ඡ්‍යොතිෂය සත්‍ය බවට තර්ක කර ඇත) මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැක. කෙසේ වුවද මේ වාදයෙන් පසු ලන්ඩන් වැසියන් ද දෙපිල බෙදී වාද විවාද, ගුටි බැට හුවමාරු සිදු කිරීම හේතුවෙන් ඡ්‍යොතිෂය පිළිබඳ ප්‍රසිද්ධ වාද තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කිරීමටද රජුට සිදුවිය.
අවසාන වශයෙන් පෙරදිගින් බටහිරට ලැබුණු ඉලක්කම් පද්ධතිය ආයුර්වේද රහස්, ග්‍රහ චලිත තොරතුරු ආදිය පෙරදිග මූලාරම්භ වූ ආකාරය ගැනද සඳහන් කළ යුතුය. හින්දු අරාබි ඉලක්කම් යන්නට වඩා වැඩි යමක් අන්තර්ජාලයෙන් ලබාගත නොහැකි නමුත් ශුන්‍යය සංකල්පය ක්ෂිතිජය හෙවත් තිරයට සම්බන්ධයක් ඇත. පෙරදිග ඡ්‍යොතිෂවේදීන් අංශක 0 හැඳින්විය. යොදා ගත් සුන් + අංශ සුන්‍යංශ යන වදනින් මෙය මතුවී ඇත. අංශක 360 අහස් ගෝලය බෙදා නැඟෙනහිර ක්ෂිතිජය දක්වන අංකනයයි. ශුන්‍යය හා බැඳී ඇති ගණිත නියම කිහිපයකම අයිතිය ඇති බ්‍රහ්මගුප්ත නම් ගණිතඥයා විසින් ඉන්දියානු රජකුගේ රාජකීය ඡ්‍යොතිෂවේදියාය. ස්වර්ණමය නීතිය සඳහා බටහිර ෆිබෝනාච්චි නම දා ගත්තද එහි නියම අයිතිය බ්‍රහ්ම ගුප්ත සතුය. මේ ආකාරයෙන්ම අතීතයේ සිටි පෙරදිග ගණිත විද්‍යාඥයන්ගෙන් වවැඩි පිරිසක් නක්ෂත්‍ර විද්‍යාඥයන් හෙවත් ඡ්‍යොතිෂවේදීන් ය. බටහිරයන් නවීන විද්‍යාවට යොදා ගත්තේ ඔවුන්ගේ අද්විතීය ශාස්ත්‍ර ඥානයයි.