වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඉනාවකින් දිනන ආදරය කල් පවතීද?
පිළිසඳරක යෙදෙන ඔවුනොවුන් පිළිබඳව යම්බඳු අවබෝධයක් තිබීම වැදගත් වන්නකි. හරවත් අර්ථවත් ගමනක් යාමට, ජීවිතයේ සංවේදී බවට, තැන්පත් තුලනාත්මක බවට සකස් කරගත යුතු වූවාක් මෙන් සමාජ විරෝධී ප්‍රතික්‍රියා පිළිබඳව, සමාජයීය ප්‍රතික්‍රියා පිළිබඳව සමාජයීය ප්‍රතිචාරය මැන දැන ගැනීමේ බුද්ධියක් ඔබ සතුවිය යුතුය.
කෙබඳු ආකාර ජීවිතයක වුව ද වැදගත්කම ඇති උදාර පඨවි ගති ස්වභාවයක් ඉක්මවීමෙන් මිනිසා මිනිස්කමෙන් දුරු වී වියරු වෙයි. මේ තත්ත්වය අනුව සුරා සූදුව, අනාචාර, දුරාචාර, පාපතර, අමනුෂ්‍ය, ම්ලේච්ඡ ක්‍රියාදාමයන්ට යොමුවෙයි. ඔහු හෝ ඇය, සමාජයට හිංසා පීඩාකාරී වන අතර ඇසුර ලබන පරිසරයේ උදවු උපකාර සහයෝගය ද නොමඟටම යොමු කෙරෙනු ඇත.
”ඉනාවට ඇවිත් දොලබිලි ගන්න යකු
නාමල් බුලත් සිහිනෙන් කවන යකු
ගුණකර කියමි මුණිගුණ අසම යකු
වුණු වින කපන් ආපිට යන්න යකු”
ආදරයෙන් අත්වැලක් බැඳ ගැනීමට ලෙන්ගතු සෙනෙහස වැදගත් වෙයි. විශේෂයෙන්ම තරුණ තරුණියන් ඔවුනොවුන් බැඳීම් ඇතිකර ගැනීමෙහිලා යම් යම් ගුරුකම් ප්‍රයෝජනයට ගනු ලබන අවස්ථා ද ඇත. හිසකෙස්, නිය, දත්, මළ මූත්‍රා, ශුක්‍ර, ලේ, රහසඟ කෙස් ආදියෙන් ගෙන සාදනු ලබන ඉනාව අවශ්‍ය කෙනාට කෑමකින් හෝ බීමකින් ශරීරගත කරනු ලබයි. කැපීම් හැර පැන්නවීම් ආදියෙන් සිතැඟියාවන් ඉටු කරනු ලබයි.
ගැහැනු උදවිය හිස පීරා දමන කෙස්, කපා දමන නියපොතුවලට කෙලගසා දමන සිරිතක් ගමේ ගොඩේ වර්තමානයේද සුලබව පෙනීයන්නකි. කැලේ කොටි නැත යැයි සිතීම බොළඳ හැඟීමකි.
ඉනා බෙහෙත් ශරීරගත වීමෙන් මතුවන රෝග ලක්ෂණ, කෙටියෙන් මතුවන රෝග ලක්ෂණ, අවබෝධ කරගැනීමෙන් යහපත සැලසෙනවා ඇත. නඩුහබ, සතුරු කරදර, පළිගැනීම්, දඬුවම්දීම්, ස්ත්‍රී - පුරුෂ වශී කර්ම මූලික කොට මෙම ඉනා බන්ධන සකස් කෙරෙයි. මේ එලෙස ප්‍රයෝජනයට ගන්නා වශි බන්ධන කිහිපයකි.
මදන දිෂ්ඨි වශිය, පැණිරස වශිය, බුලතේ වශිය, දෑසේ වශිය, මල්මදන වශිය, රත්මලේ වශිය, නූල්පොටේ වශිය, මල්මදන දේවි වශිය. මෙවැනි වශී ගුරුකම් ගණනාවක් ඇත. ධනය, නිලය, බලය, කුලය, වයස, රූපය මුල් කරගත් ආදර සම්බන්ධතා සඳහා ඉහළින්ම මේ කටයුක්ත කෙරෙයි.
ගුප්ත විද්‍යාධරයකු ලෙස ක්‍රියා කරන මා වෙතට මෙවැනි ඉනාවන් කුසට දී යම් යම් රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින පිරිස් කොතෙකුත් පැමිණ ඇත. ජන සමාජයේ කැපී පෙනෙන රූමතුන්, රූමතියන් ස්ථිර ලෙසම මේ වශී බන්ධනවලට හසුවනු දැකිය හැකිය. ඔබත් යම් බදු ඉනාවකට යොමු වූවා යැයි සැකයක් ඇත්නම් මේ රෝගාබාධ ගැන විමසිලිමත් වන්න.
නින්ද නොයෑම, ක්ලාන්තය, කෑම අරුචිය, නිතර නිතර අජීර්ණ, අමියා රෝග, බඩ පිපුම, බඩේ පපුවේ දැවිල්ල, කැස්ස, උගුර කට වේළීම, පිපාසය, හන්දිපත් රුදාවේදනා, මානසික අසහනකාරි තත්ත්වය, සෙම් සොටු නිතර ගැලීම ආදී රෝග ලක්ෂණ මතු කරයි. පාපතර ගතිවලින් පිරිපුන් උදවිය මෙකී කාරණය කෙරෙහි බෙහෙවින් යොමුවන බැව් පෙනී යයි.
කාලය ගත වන්නට වන්නට ඉනා බේත් විසෙන් බඩවැලේ විවිධ ආබාධ හට ගැනීමට හේතුවෙයි. පිළිකා රෝග පවා සෑදේ. කෙනකුගේ කැමැත්ත, අනුග්‍රහය, අනුබලය ශරීරයට අහිතකර ගුප්ත බලවේග තුළින් ලබා ගැනීමට වඩා සාධාරණව යුක්තසහගතව මනුෂ්‍යත්වය මත පදනම් විය යුතු බැව් මෙයින් පැහැදිලි වෙයි. ඉනා බේත් කවා කලක් සිනා සිසී රස වින්දනය කළත්, තෘප්තිමත් වුවත් ආයුෂ අඩුවීම, සිහිවිකල වීම, උමතු රෝගියකු ලෙස ජීවිතය කෙළවරවීම ආදී රෝග ලක්ෂණ මතු කරයි.
දායාදය රජයන සමාජයක ගේ දොර ඉඩකඩම්, යාන වාහන, දැන උගත්කම්, තනතුරු, නම්බුනාම, රැකියා, වැටුප්, බලවත් ඥාතීන් පිරිස් ආදිය පිළිබඳව සලකා ආවාහ විවාහ කටයුතු නිසි හෝ අනිසි ලෙස කරනු පෙනෙයි. එහෙත් හැඟීම් හා ශාරීරික බල දුබලතා අනුවත් අතීත ක්‍රියා කලාපයන් නිසාත් කලක් ගත වනවිට වාදභේද (රණ්ඩු සරුවල්) නොරිස්සුම් විසපානය පැනයාම් ආදිය සිදුවිය හැකිය.
ඔබටත් ශරීරයට මෙවැනි විසක් දී ඇත්නම් මා සඳහන් කළ රෝග ලක්ෂණ තිබේනම් මේ පිළිවෙත කර බලන්න. ඔබටත් තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන්
රුවන්වැලි මහ සෑ වහන්සේගේ පිහිටෙන්
සියලුම රහතුන් වහන්සේලාගේ ආශීර්වාදයෙන්
සියලුම රහත් තෙරණින් වහන්සේලාගේ
ආශීර්වාදයෙන්
සියලුම දෙවියන්ගේ පිහිටෙන්
නව ග්‍රහ මණ්ඩලයේ පිහිටෙන්
මා කර ගත් කුසල්වල බලයෙන්
මෙය මට දිව්‍ය ඖෂධයක් වේවා
දිව්‍ය ඖෂධයක් වේවා
දිව්‍ය ඖෂධයක් වේවා
මෙයින් මා නිදුක් වේවා
සුවපත් වේවා
දීර්ඝායුෂ ඇති වේවා
මාගේ ශරීරයේ ඇති සියලුම රෝගාබාධ සුවපත් වේවා සාදු සාදු සාදු
උදේ පාන්දර බුදු පහන තිබා හිස් බඩ තැඹිලි ගෙඩියකට සුදු හඳුන්, ඉඟිනි ඇට කුඩු ස්වල්පයක් දමා මේ බලගතු ගාථාවෙන් හත්වරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිරිත් කොට බොන්න. උදේ 5.50 ත් 6.18 ක් අතර හිමිදිරියේ උදාවන සුබ බ්‍රහ්ම මුර්තයේදී සිදු කරනවා නම් ඉතා සුබයි.