වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
නිවෙසට වින කටින වේධ දෝෂ මොනවාද?
ක්‍රිශාන්ති
උඩගම
කර්තෘතුමියනි,
නිවෙසක ප්‍රධාන දොර ඉදිරියේ කණුවක් හෝ ගසක් තිබීම සුදුසු නොවන බව මා හිතවතෙක් දිනක් මා හට පැවසුවා. මේ ගැන සොයා බැලූ මා හට එය නිවසට වින කටින වේධ දෝෂයක් බව දැනගන්නට ලැබුණා. එවැනි තවත් බොහෝ වින කටින වේධ දෝෂ ඇති බව විපරම් කරන විට හමුවුණා. මේ දෝෂ මොනවාද යන්න සුබසෙත පුවත්පත මඟින් පහදා දෙන්නේ නම් මැනවි.
*******************
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
සුබ ග්‍රහයන් සෑම විටම සුබ පල දෙනවාද?
සුබ ග්‍රහයන් අසුබ වන අවස්ථා පිළිබඳව තඹුත්තේගම අයිරංගනී මහත්මිය ඇසූ පැනයට ජ්යෝතිෂවේදීනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ.
ඡ්‍යොතිෂයේදී සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් සුබ ග්‍රහයන් වශයෙන් හඳුන්වනු ලැබේ. මේ සුබ ග්‍රහයන් වුවත් අසුබපල උදාකර දෙන අවස්ථා කොතෙකුත් ඇත. මේෂ ලග්නයෙන් උපන් අයට බුධ සිකුරු පාපයන්වේ. සිකුරු මාරක ග්‍රහයාද වේ. මේෂ ලග්නය වී කටක, සිංහ, කන්‍යා යන නවාංශකයක ඉපදී ඇත්නම් ගුරු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති බැවින් සුබ පල අත්කර නොදෙනු ඇත. තුලා, වෘශ්චික, ධනු නවාංශකයකින් ඉපදී ඇත්නම් සඳු ග්‍රහයා සුබපල අත්කර නොදෙනු ඇත. 64 වැනි නවාංශකාධිපති ග්‍රහයාද සඳු ග්‍රහයා බැවින් මහ දශා, අතුරුදශා කාලයන්හි අසුබ පල ඇති කරයි.
වෘෂභ ලග්නයෙන් ඉපදී ඇත්නම් ගුරු, සිකුරු, සඳු පාපයෝ වෙති. ගුරු අටවැන්න වූ ආයු ස්ථානයත් එකොළොස්වැන්නත් අධිපති බැවින් මාරක වේ. වෘෂභ ලග්නය සිකුරුට අයත් වීමත්, හයවැන්න අධිපති වීමත් නිසා ලග්නාධිපති වූ සිකුරුට මාරක පල දීමේ පාපයා වේ. තුන්වැන්න වූ ආයුෂ ස්ථානය අධිපති බැවින් සඳු පාපයා වේ. මිථුන ලග්නයේ අයට ගුරු ග්‍රහයා පාපයෙක් වීමත් බාධක ග්‍රහයා මෙන්ම 64 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වීමත් නිසා සුබ පල අත්කර ගෙන නොදෙනු ඇත. මේෂ,වෘෂභ, මිථුන නවාංශකයකින් ඉපදී ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපති නිසා බුධ ග්‍රහයා සුබ පල අත්කර නොදෙනු ඇත.
කටක ලග්නයෙන් ඉපදී ඇති අයට බුධ සිකුරු පාපයො වෙති. කටක ලග්නය වී තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින්ද ඉපදී ඇත්නම් බුධ 22 වැනි දෙර්කාණාධිපති බැවින් සුබ පල අහිමි කරයි. මකර, කුම්භ, මීන නවාංශකයක් හිමිව ඇත්නම් 22 වැනි දෙර්කාණාධිපති සිකුරු වීමත් 64 වැනි දෙර්කාණාධිපති සිකුරු වීමත් 11 වැන්න අධිපතිකමනිසා බාධක ග්‍රහයා වීමත් නිසා සිකුරු ග්‍රහයාද සුබ පල අහිමි කරයි.
සිංහ ලග්නයෙන් ඉපදී ඇත්නම් බුධ සිකුරු දෙදෙනා පාපයෝය. එකොළොස් වැන්න සහ දෙවැන්න අධිපති වීම නිසා බුධ මාරක වෙයි. කටක, සිංහ, කන්‍යා නවාංශකයකින් ඉපදී ඇත්නම්22වැනි දෙර්කාණාධිපති වීම මත ගුරු යහපත් පල නොදෙයි. තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින් ඉපදී ඇත්නම් සඳු ග්‍රහයා 22වැනි දෙර්කාණාධිපති වීම මත මහ දශා, අතුරු දශාවලදී යහපත් පල උදා නොකරයි.
කන්‍යා ලග්නයෙන් උපන් අයට සඳු, ගුරු පාපයෝ වෙති. සඳු 11 අධිපති බැවින් මාරක වේ. ගුරු හතර අධිපති වීමත්, හතට අධිපති වීම නිසාත් බාධක ග්‍රහයා වීමත් කටක, සිංහ, කන්‍යා නවාංශකයකින් ඉපදී ඇති අයට 22 වැනි දෙර්කාණාධිපති වීමත් නිසා අසුබ පල දෙයි. තුලා ලග්නයෙන් ඉපදී ඇති අයට ගුරු පාපයකු වන අතර ( තුන හය අධිපති බැවින්) තුලා, වෘශ්චික, ධනු නවාංශයකින් ඉපදී ඇත්නම් අට අධිපති වීම නිසා 22 වැනි දෙර්කාණාධිපතිභාවය හිමිවීම මත සුබ පල අහිමි කරයි. මකර, කුම්භ, මීන නවාංශකයකින් ඉපදී ඇත්නම් බුධ ග්‍රහයා 22වැනි දෙර්කාණාධිපති වීම මත අසුබපල අහිමි කරයි.
ඔබ වෘශ්චික ලග්නෙන් ඉපදී ඇත්නම් බුධ, සිකුරු පාපයෝ වන අතර බුධ අටවැන්න හා එකොළොස් වැන්න අධිපති බැවින් බුධ මාරක වෙයි. හත, දොළහ අධිපති බැවින් සිකුරු සුබ පල ගෙන නොදේ. කටක, සිංහ, කන්‍යා නවාංශකයකින් ඉපදී ඇත්නම් බුධ 22 වැනි දෙර්කාණාධිපති වීම නිසා අසුබ පල අත්කර දෙයි.
ධනු ලග්නයෙන් උපන් අයට එකම පාපයා සිකුරු වෙයි. ඒ හය, එකොළහ අධිපති බැවිනි. මේෂ, වෘෂභ, මිථුන නවාංශකයකින් ඉපදී ඇත්නම් අට අධිපති සඳු 22වැනි දෙර්කාණාධිපති වීම මත සුබ පල අහිමි කරයි. තුලා, වෘශ්චික, ධනු නවාංශකයකින් ඉපදී ඇත්නම් ලග්නාධිපති වුවත් 22 වැනි දෙකර්ණාධිපති වීම මත ගුරු අසුබ පල දෙයි.
මකර ලග්නයෙන් උපන් අයට ගුරු, සඳු අසුබ පල දෙයි. තුන, දොළහ අධිපති බැවින් ගුරු හා මේෂ, වෘෂභ මිථුන නවාංශකයකින් ඉපදී 22 වැනි දෙර්කාණාධිපති වීම මත ගුරු අසුබ පල දෙයි.
කුම්භ ලග්නයෙන් උපන් අයට ගුරු, සඳු අසුබ පල දෙන පාපයෝ වෙති . තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින් ඉපදී ඇත්නම් බුධ 22 වැනි දෙර්කාණාධිපති බැවින් අසුබ පල උදාකරයි. මේෂ, වෘෂභ, මිථුන නවාංශකයකින් ඉපදී ඇත්නම් සිකුරු 22 වැනි දෙර්කාණාධිපති බැවින් සුබ පල නොදෙනු ඇත.
මීන ලග්නයෙන් උපන් ඔබට සිකුරු, බුධ අසුබ පල දෙන පාපයෝ වෙති. තුන, අට අධිපති බැවින් සිකුරු පාපයා වේ. හතර සහ හත අධිපති වීම නිසාත්, 64 වැනි දෙර්කාණාධිපති වීමත් නිසා අසුබ පල අහිමි කරන අතර මකර, කුම්භ, මීන නවාංශකයකින් ඉපදුණු අයට 22 වැනි දෙකර්ණාධිපති වීමත් මත බුධ අසුබ පල දෙයි.
මේ සුබ ග්‍රහයකු උච්ච, මූල ත්‍රිකෝණ, ස්වකේෂ්ත්‍ර මිත්‍ර රාශී ගතව සිටියේ නම් අසුබ පල දීම අඩු වෙයි. නියම වශයෙන් ශුභ ග්‍රහයකුගේ දෘෂ්ටි ලැබුවේ නම් ද අසුබ පල දීම අඩුවනු ඇත.
ඡ්‍යොතිෂවේදීනී
ගීතිකා සමරතුංග