වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ නිවෙසට හා ව්‍යාපාරික ස්ථානයට සිරිකත වඩම්මන මහා ශ්‍රී පද්ම යන්ත්‍රය
ඔබත් නව වසරේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙක්ද? නැතිනම් දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක්ද? රැකියාව අඩපණද? ව්‍යාපාර පාඩු ලබන්නේද? මේ කුමන තත්ත්වයක දී වුවත් ඔබේ පිහිටට එන ඔබ ශීඝ්‍ර දියුණුවක් කරා ගෙන යන්නට මහඟු ආශීර්වාදයක් වන මහා ශ්‍රී පද්ම යන්ත්‍රය අද අපි ඔබ වෙත ගෙන එන්නෙමු. මෙය දුර්ලභ වැඩිමනත් භාවිතයේ නොමැති අතිශය බලසම්පන්න ආරක්ෂණ යන්ත්‍ර රත්නයකි.
මේ යන්ත්‍රය නිවැරැදිව යන්ත්‍ර විද්‍යානුකූලව සකසාගෙන ව්‍යාපාර ස්ථානයක, නිවෙසක තැන්පත් කළහොත් එකී ස්ථානයේ පවතින ඇස් වහ, කට වහ, යක්ෂ, ප්‍රේත, පිශාච ආදී ගුප්ත දෝෂ දුරු වී යස ඉසුරින් ධන ධාන්‍යයෙන් සමෘද්ධිමත් වන බවද ජනතාව, පාරිභෝගිකයන් එම ව්‍යාපාර ස්ථාන කරා ආකර්ෂණය වන බවද එසේම මේ යන්ත්‍ර රත්නය කර පැලඳීමෙන් ඔබට පවතින ග්‍රහ දොස් දුරු වී අණවින කොඩිවින ඇස් වහ කට වහ ආදී සියලු ගුප්ත දෝෂයන් නසා දියුණුව ලැබීම, ආගිය කොතැනත්, සභාවන් හිදීත් ප්‍රමුඛත්වය ලබා අන් අය අතර සුප්‍රසිද්ධිය ලබන්නටත් හැකි බව අපගේ වසර ගණනාවක අත්දැකීම් තුළින් සනාථ කරන්නෙමු.
මේ යන්ත්‍රය සකස් කර ගැනීමේදී ද නියමිත ගුප්ත ශාස්ත්‍ර විධි නොඉක්මවා කටයුතු කිරීම අනිවාර්ය වේ.
යන්ත්‍රය ඇඳීමට ඔබගේ ජන්ම පත්‍රයට සීහෙන ශුභ දිනයක් ශුභ හෝරාවක් සොයාගත යුතුය. එසේම ජප ආරම්භයද එවන් ශුභදිනෙක ශුභ හෝරාවක විය යුතුය.
යන්ත්‍රය ඇඳීමේදී තඹ, රන් හෝ රන් ආලේපිත තඹ පත්‍රයක් භාවිත කිරීම උචිත වේ. පහත සටහනේ පරිදි යන්ත්‍රය සියලුම රේඛා ද්විත්ව රේඛාවෙන්, එසේම රේඛා එකිනෙක ඛණ්ඩනය නොවන ලෙස සමචතුරස්‍ර හැඩ ඇතිව ඇඳෙන්න.
මේ යන්ත්‍රය ජීවම් කිරීමේදී යන්ත්‍ර දිෂ්ටිය සඳහා ශ්‍රී රාම දිෂ්ටිය / නවග්‍රහ දිෂ්ටිය උචිත වේ.
ඉහත දක්වා ඇති පරිදි නිවැරැදිව මේ මහා ශ්‍රී පද්ම යන්ත්‍රය සකසාගෙන ඔබගේ ව්‍යාපාර ස්ථානයේ නිවෙසේ දියුණුව වර්ධනය කරගෙන ධන ධාන්‍ය සමෘද්ධිය සපිරි දිවි පෙවෙතක් ලැබුවා වූ 2025 නව වසරේ උදාකර ගන්න.
දිෂ්ටි -
ඕං ශ්‍රී රාම් ඊශ්වර බ්‍රහ්ම සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ඨි වා වා නවනාථ නවග්‍රහ ශ්‍රී විෂ්ණු අයියනාරායණේ දිෂ්ඨි වා වා කන්දස්වාමි මුළු දෙවොල් ගිනිපත්තිනි දැඩිමුණ්ඩ රාමේ දිෂ්ඨි වා වා දේව රජ්ජුරු හනුමා පත්රකාලී මන්ත්‍ර දිෂ්ඨි වා වා බලෙල වීරමුණ සැඩකම්බිලි උඩයක්ඊරලා මෝහිණී දිෂ්ඨි වා වා කල්ලන්බේරිය සරස්වතී ජල මේඝ කාලී සිරියාදේවි අංජන කුමාරි දිෂ්ඨි වා වා මල්මදන මහසෝන් වටුක පිල්ලි සූනියන් යක්ෂයා දිෂ්ඨි වා වා දෙමළ භාෂා සැම යක්ෂ යක්ෂණියෝ සහස්රකෝටි මල දේවතාවෝ දිෂ්ඨි වා වා පර්වත අහස පොළව මුළු සක්වළෙහිම ගස් ගල් වෙවුලුවා වර වර යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් පිදේනි දිෂ්ඨිලා වර වර ආවේශවී වර වර ප්‍රාණ වර වර දිෂ්ඨි වර වර නෑගී වර වර මා කෙරේ වර වර විගස වර වර ඕං වර වර සැනෙන් වර වර දිෂ්ඨි දිෂ්ඨි වර වර නමං
ජපය -
ඕං හ්රීං ආකාරකාලී විකාරකාලී දේව කාලී භද්‍ර කාලී බ්‍රහ්ම කාලී වාරුන්ගේ වාඩීවා කාලී උම්මා වා ඩීවා කාලී කාරී තීරී වා වා කාරී බෝරී වාඩී වා වා කාරී බෝරී වාඩී වා වා කාලී ඕං කාලී වා වා නාල් මේද පුඩරු කායි සුලී නීලී පොත්තී කාලී මහා කාලී වර කුඩා කාලී වර වජ්ජ්‍ර කාලී වර නීල කාලී වර නාග කාලී වර බහිරව කාලී වර උග්‍ර කාලී වර අංජන කාලී වර වා වා උම්මේ වදුරු කාලී තෙද පත්තිනි කාලී සකල කාලී නායක් කාලී වාරූම් ජීවන් උම්මා ජීවන් ඒක සත්ත ජීවන් මන්ත්‍ර යන්ත්‍ර තන්ත්ර ජීවන් (යන්ත්‍රය පලඳින්නාගේ නම මෙතැනට යොදන්න) අද බලා වර වර සර්වකාලී දිෂ්ඨි ඒස්වාහං