වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ඡ්‍යොතිෂය සමඟ බැඳුණු පැරැණි සිංහල චිත්‍රපට ගීත
අපගේ සිංහල චිත්‍රපට ගීත සමුච්චය තුළ එක් රැස්වී ඇති ගීත කන්දරාව දහස් ගණනකි. එකල සමාජයේ පැවැති ඡ්‍යොතිෂය පිළිබඳ අදහස් ද සමහර පැරැණි සිංහල චිත්‍රපට ගීතවලින් විකාශය වූ ආකාරයද එහිදී අපට දක්නට හැකි වන්නේය.
වර්ෂ 1948 දී ප්‍රථම වරට තිරගත කළ “කපටි ආරක්ෂකයා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඡ්‍යොතිෂ් සිං නමැති මහත්මයෙකි. ජනපි‍්‍රය ගීත කිහිපයක්ම ඇතුළත් වූ එම චිත්‍රපටයේ එක් ගීතයක අපල කාලයක්’ පිළිබඳ අදහසක් කියවේ.
ජාකොබ් – “පරණ කාලෙ අපෙ සීයල ආච්චිලත් සමඟ දීග කාපු ලෙසට ගෙන යමු අපි ජීවිත මුස්පේන්තු නැතිව
සුපිනා – දැන් හරි නෑ ඔය කෝලම්
ජාකොබ් – ඒයි බොලන් බාසාවෙන් මෙපමණ කල් ඇමුණු මාලෙ
කෝලම් වුණෙ මන්ද සුපිනො
ළං වුණාද අපල කාලෙ
සුපිනා – දෙයියො දනී එහෙම වුණොත්
විරිදු තාලයට ගැයෙන මේ ගීතයේ අපල කාලයක් ගැන කියවෙන යෙදුම ඡ්‍යොතිෂ අර්ථයක් ලෙස දැක්විය හැකිය. නරක කාලය යහපත් නොවන කාලවකවානුවක් යනුවෙන් අපල කාලයක් ලෙස හැඳින්වීමට අප පුරුදුව සිටින්නෙමු. මෙම ගීතයේම තවත් කොටසක කියවෙන්නේ කේන්දර කතාවකි.
සුපිනා – “ කේන්දරේ මගෙ තිබුණා
කවද නමුත් සැප විඳින්න.
මෝරපු මොළයක් ඇති ගුරුතුමෙක් එක්ක
පැනල යන්න.....”
සුපිනාට අනාගතයේදි සැප විඳීමට කාලය උදාවන බව ඇයගේ කේන්දරයේ සඳහන් වී ඇති බව ගී පදයෙන් කියවේ. එමෙන්ම ඇය යන්නේ මෝරපු මොළයක් ඇති ගුරුතුමෙක් සමඟය. චිත්‍රපටයට ගීතය ගායනා කරන්නේ එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තය. ගීතය රචනා කර ඇත්තේ ජී. එල්. ජේ. නන්දන කීර්ති මහතාය.
වැරදුණුූ කුරුමානම සිංහල චිත්‍රපටය පළමුවෙන්ම ප්‍රදර්ශනය කළේ වර්ෂ 1948 දීය. එය අධ්‍යක්ෂණය කළේද ඡ්‍යොතිෂ් සිං මහතාය. ගීත 12ක් ඇතුළ් වූ එම චිත්‍රපටයේ ගීතයකද නක්ෂත්‍ර යෙදුමක් දක්නට ලැබේ.
බබයියා – පායන සඳ වටකර තරුව වගේ
මූණෙ පෙනේ දිලිසෙන ආලේ
ආදර බර කෝමළ ගමන නිසා
හිත වැටුණා ඔබෙ හොඳ කාලේ
තාලෙට අඩිය තියමු පම් පම් ගා
ෂෝක් එකේ බැඳල කසාදේ
ඒ දැක ගැහැනු පිරිමි අපේ දිහා
රවල බලයි මගෙ සුදු මැණිකේ......”
මෙරායා – මගෙ හොඳ කාලේ – සිකුරා නළලේ
අද මගෙ බඹරේ – කැරකේ වැල්ලේ
බබයියා – ඉස්තිර ආලේ – තව මෝරන්නේ
කපුකම මාගේ – සුන්වී යන්නේ
ග්‍රහමඬුල්ලේ නමගිය ග්‍රහයෙක් වන සිකුරු කාලය පැමිණීම බොහෝ කොටම ඉතා වාසනාවන්ත සහ යහපත් බව නැකත් ශාස්ත්‍රයේ විස්තර වේ.
චිත්‍රපටයට ගීතය ගායනා කළේ එඩී ජයමාන්න සමඟ ජෙමිණි කාන්තාය. ගීත රචකයා වූයේ ජී.එල්. ජේ. නන්දන කීර්තිසූරින්ය.
එවැනි පද ඇතුළත් තවත් ගීතයක් “සීදේවි” චිත්‍රපටයෙන්ද අපට අසන්නට ලැබිණ. 1951 වර්ෂයේදී ප්‍රථමයෙන්ම තිරගත වූ එහි අධ්‍යක්ෂක වරයා වූයේ සිරිසේන විමලවීර මහතාය.
“නිදි මර මර දුටු සීනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
ලලලා -ලලලා -ලලලා
සිකුරා මගෙ අද මුහුණ බැලුවේ
මගෙ හොඳ කාලේ මට අද ලැබුවේ
ගීතයේ සඳහන් වන සිකුරු ග්‍රහයා නවග්‍රහ මණ්ඩලයේ “රූමත් මනාලිය” ලෙසද හඳුන්වා ඇති බවද පෙනේ.
1951 වර්ෂයේ තිරගත වූ “සැඟවුණු පිළිතුර” චිත්‍රපටයද සිලෝන් තියටර්ස් සමාගමේ නිෂ්පාදනයක් විය. එහි අධ්‍යක්ෂවරයා වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාය. ගීත 13ක් ඇතුළත් වූ සැඟවුණු පිළිතුර චිත්‍රපටයේ එක් ගීතයක ගුරු , සිකුරු, උදාවක් ගැන සඳහන් වේ.
හොඳ කාලේ දිනුම් ලබාලා
වැඩි චන්දේ හොරෙන් දමාලා
මගෙ ඡන්ද ලකුණ ගොළුබෙල්ලා
දැන් කාලෙ හොඳා
ගුරු – සිකුරු උච්ච මගෙ කේන්දරේ
මැතිතුමා – මැතිතුමා......”
නැකැත් ශාස්ත්‍රයේ දක්වන්නේ ගුරු සහ සිකුරු ජන්මියාට බොහෝ ආහාරපාන ලබා දෙන බවය.
ජයග්‍රහණයක් අපේක්ෂා කරන අවස්ථාවක ගුරු – සිකුරු කේන්දරයේ උච්චවී ඇති බව ගීතයේ සඳහන් වේ. මෙම ගීතය ගායනා කළේ බර්ටම් ප්‍රනාන්දු ගායකයාය. ගීතය රචනා කළේ සී. වීරසේකර සූරීන්ය.
සීමාසහිත සිනමාස් සමාඟම නිෂ්පාදනය කළ “වරද කාගෙද” චිත්‍රපටය ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනය වූයේ වර්ෂ 1954 දීය. එහි එක් ගීතයකද සිකුරු උදාවූ හොඳ කාලයක් ගැන විස්තර වන්නේය.
මාගරට් – සිකුරා ලබයි. කාලේ හොඳයි
ඒවී මංගල යෝගේ ඒවී මංගල යෝගේ
දෙදෙනා – රතු ළූනුයි මිරිසුයි වාගේ දෙන්නා
ළඟදි කමු දීගේ – හයි ළඟදි කමු දීගේ
මෙම ගීතයෙන් කියවෙන්නෙ සෝමපාල සහ මාගරට් යන දෙදෙනාගේ ආදර සම්බන්ධය පිළිබඳ කතාවකි. එකල පිටු පසට කර කොණ්ඩ බැන්ද පිරිමින් සෝමපාල ලා යන විකට නාමයෙන් සමාජයේ හැඳින්වූ අතර කොණ්ඩ කැපූ (ඩොංකි) තරුණියන් හැඳින්වූයේ ‘මාගරට් ලා’ නමින්ය. යහපත් කාලයක් උදා වීමත් සමඟ ඔවුන් සතුටුවන්නේ මාගරට්ට සිකුරුගේ බැල්ම වැටී ඇති බැවින්ය.
‘ගැහැනු ගැට’ චිත්‍රපටය පළමුවෙන්ම 1959 වර්ෂයේදී ප්‍රදර්ශනය කරනු ලැබිණ. සිලෝන් තියටර්ස් සමාගමේ නිෂ්පාදනයක් වූ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඡ්‍යෝකිෂ් සිට සහ ටී. සෝමසේකරන් යන මහත්වරුය.
තරුණිය :– “විනේද චිත්තේ –
හොඳ මල් පල ගත්තේ
සිකුරා නැටුවා අල්ලේ
ඉතාම ළං වේ මංගල යෝගේ
ගැහැනිය ගේ පින කුණු මුල්ලේ
අද හෙට වාගේ මඟුලක් අහලා
මනාලයෙක් අද ඒවි’
මෙම ගීතයේ ඇතුළත් වන්නේ සිකුරා අල්ලේ නැටූ කතාවකි. එමෙන්ම මංගල යෝගයක් ගැන මෙන්ම විවාහ අපේක්ෂාවක් පිළිබඳ අදහසක්ද මෙම ගීතයේ පළ වේ.
“වේල් පළන්දා කනකර අන්දා
කසාද බන්දා දේවී....”
ඒ අයුරු මෙම ගීතයේ මංගල පෝරුවේදී සිදු කරන සිරිත් කිහිපයක් ගැනද ප්‍රකාශ වේ. කරට මාල පැළඳවීම, මංගල අෂ්ටක කීම යනාදි කාර්යයන් එහිදී විශේෂ වේ. ඡ්‍යොතිර්විද්‍යාවේ පෙන්වා දෙන්නේ මංගල පෝරුවේ චාරිත්‍ර නිවැරැදිව නැකත අනුවම සිදු කළ යුතු බවය.
‘ගැහැනු ගැට’ චිත්‍රපටයේ තවත් ගීතයකින් ඇසෙන්නේ සිකුරු ග්‍රහයා සිනාසුණ කතාවක්ය.
‘සිකුරා සිනා වුණා මගේ දිහා බලා
අදින් හෙටින් වගේ හොඳක් යෙදේවි//
දුසිම් ගණන් ඒවී මනාලයන් පේවී
පබාවතී වගේ මමත් බඳින්න පොරකාවී
මඟුල් නැකත් බලා සුදු සේල අන්දලා
මනාලයාට මාව කසාද බන්දලා//
සිකුරා සිනා වුණා.......”
මෙම ගීතය ගායනා කළේ ජී.එස්.බී. රාණි ගායිකාවය. ගීතය ප්‍රබන්ධ කළේ සිසිර කුමාර මානික්කආරච්චි සූරීන්ය.
“පුරුෂ රත්නය” චිත්‍රපටය ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනය කළේ වර්ෂ 1959 දීය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඒ.එස්. නාගරාජන් මහතාය. එහි එක් ගීතයකද ඇතුළත් වන්නේ සිකුරු උදා වීම වාසනාවක් බවය.
අරුමසේන – පිපී දිලේ ලතා මලේ
ශි‍්‍රයාව මුහුණේ
මගේ සිතේ ඇඳී ඇතී සුදා ඔයානේ
මල්ලිකා – කැපී පෙනෙයි සරා සඳේ
ශි‍්‍රයාව මුහුණේ
මගෙ සිතේ ඇඳී ඇතී සුදා ඔයානේ
අරුමසේන – සිකුරා ආව වගේ හොඳයි
දසා කාලෙ මගේ
ඒ අනුව සිකුරු ග්‍රහයා කේන්ද්‍රවල එක් එක් ලග්නවලට පිවිසීමෙන් විවිධ වූ සුබ අසුබ ප්‍රතිඵල ගෙන දෙන බව පැවසේ ගීතය ගායනා කළෝ ජී.එස්. බී. රාණි සහ එඩී යාපා යුවළය.
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතා 1952 වර්ෂයෙහි නිෂ්පාදනය කළ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටය ප්‍රථමයෙන්ම ප්‍රදර්ශනය කළේ 1952 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේදීය. එහි ඇතුළත් වූ ගීතයකද හොඳ කාලයක් උදා වීම ගැන අදහසක් පළවේ.
මැන්චී “ලැබිච්චි හෝ ලැබිච්චි
ලැබිච්චි දිග කලිසම අඳිනා ජෙන්ටල් මෑන්
කෙටීම පෙලීම ඉවීම නැත ආයේ
මල් මල් ගවුමක් ඇඳලා බැඳලා
යනවා අපි පාරේ
කවුරුත් පාහේ ආසා වේවි ජෝඩුව හරි ජාති
මා පී‍්‍රති හොඳ කාලය ආවා හරි වාසි......”
හොඳ කාලය ළඟා වූ විට කාගේ වුවත් අපේක්ෂාවන් ඉටු වන බව කියැවේ. මෙම ගීතය ගායන කළේ ලැටීෂියා පීරිස්ය. පද රචකයා හර්බට් ඇම්. සෙනෙවිරත්න සූරීන්ය.
චිත්‍රපටයකට රූ ගත කළ ප්‍රථම සිංහල නවකතාව වූයේ ඩබ්ලිව්. ඒ.සිල්වා සූරීන් රචනා කළ කැලෑහඳ නවකතාවයි. එම නවකතාව චිත්‍රපටයට නැඟුවේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න මහතාය. එහි එක් ගීතයක සඳහන් වන්නේ පරණ පිනක මහිමයෙන් කෙනෙකුට හොඳ කාලයක් උදා වූ බවය.
අන්දා - “පරණ පිනක් මගෙ
හිසේ කඩා ගෙන වැටුණා
හොඳ කාලේ දෝ මේ වාසනාව රජ කරනා
කාර් එකෙ නැඟිලා අපි අද කොළඹට යන්නේ
හොඳ සැලුන් එකක් මම හිතුනොත්
මිළයට ගන්නේ
මුළු ගමටම එතකොට ලෝඩ් වගේ
මම ඉන්නේ
හොඳ කාලේ දෝ මේ වාසනාව රජ කරනා.......”
පරණ පිනක් යනු ඉහත උපතකදි කරන ලද යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයකි. පිනෙන් ලැබෙන්නේ හොඳ දෙයක් බව ධර්මයේද සඳහන් වේ. උමතු විශ්වාසය (1952) චිත්‍රපටයේ ඇතුළත් තවත් ගීතයක සඳහන් වන්නේ දසාව හොඳ බවත් නැකත සුබ බවත්ය.
ලිසි – මම මනමාලි ඔබේ පේ‍්‍රම ලොවේ
පාමු රැඟුම්
හෝ ලොවේ පාමු රැඟුම්
දසාව හොඳය අපේ පාමු රැඟුම්–
හෝ පාමු රැඟුම්
සාපින් – තියාල දකුණු කකුල පෙරට
අනේ ගෙදර යමන්
හෝ අනේ ගෙදර යමන්
නැකතක් සුබලු බොලේ හනික යමන්
හෝ හනික යමන්
ලිසි – දෙවියෙක් වාගෙ මෙයා ආවා නේ
මාව සොයා
මගෙ හොඳ කාලෙ තමා හීනෙ හොඳයි
දැකපු මෙමා
මෙම චිත්‍රපට ගීතයේ සඳහන් වන්නේ මොවුන්ට උදා වී ඇති දසාවත්, යෙදී ඇති නැකතත් ඉතා යහපත් බවය. මෙම යුග ගීතය චිත්‍රපටයට ගායනා කළෝ එඩී ජයමාන්න සහ මේබල් බ්ලයිත්ය. ගීතය ලියුවේ හර්බට් ඇම්. සෙනෙවිරත්න සූරීන්ය
එස්.එම්. නායගම් මහතා 1955 වර්ෂයේදි නිෂ්පාදනය කළ ‘මාතලන්’ චිත්‍රපටය සිනමා ලෝලීන් අතර අතිශය ජනපි‍්‍රය වූ චිත්‍රපටයක් වූයේය. එහි එක් ගීතයක සඳහන් වන්නේ හඳ රාහු මුඛයේ ගිලුණ කතාවකි.
ආලෝකය නැති වී අන්ධකාරය පැතිරීම යහපත් නොවන්නේය. ජීවිතයට ලැබිය යුතු සතුට, සොම්නස, පී‍්‍රතිය සැනසුම අහිමි වීමෙන් වන අභාග්‍යය හඳ රාහු මුඛයේ වැටුණාක් මෙන්ම ඇතිවන විපතක් ලෙස මෙම ගීතයේ සඳහන් වේ.
මේ අනුව විමසා බැලීමේදි අපගේ පැරණි සිංහල චිත්‍රපට ගීත අතර ඡ්‍යොතිෂයට සම්බන්ධ කරුණු ඇතුළත් ගීත රාශියක්ම සොයා ගත හැකි බව පැහැදිලිවම පෙනී යන්නේය. එමෙන්ම එම චිත්‍රපට ගීත එදා මෙන්ම අදත් අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රය බවද කිව හැකිය.