වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
දෙසැම්බර් 27-31 අතර උපන් ඔබ...
දෙසැම්බර් 27
(පෞද්ගලික අංකය 2/7)
මෙදින උපත ලබන ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කරන්න සහයෝගය දීලා තියෙන්නේ සඳු හා නෙප්චූන් විසින්. මාස රාශි බලය තුළ ගුරු/ශනි යන ග්‍රහ බලපෑමේ සම්මිශ්‍රණයක් පැවතිය හැකියි. පෙනුමින් ශාන්තයි. පර්යේෂණාත්මක කටයුතු සිදු කරන්නත් දැණුම රැස් කරන්නත් ඔයා ළැදි වෙනවා. බාධක සැලසුම් ක්‍රියාත්මක කරන්නට රුසියෙක්. සමිති සමාගම් නිලතල භාවිත කර අනික් අයගෙන් වැඩ ගන්නත් ඔයා හරි කැමැතියි. කෙනෙක් කළ වරදක් හිතේ තියන් ඉන්නෙත් නයෙක් ගානට. ජීවිතයේ පළමු කාල පරිච්ඡේදය ඉතා පීඩාකාරී වේවි. වයස 35න් පස්සේ හැකියාවන් ඇගයීමට ලක් කරමින් සමාජය තුළ බැබැළවීම ඇරඹෙනවා. ප්‍රබල සංවිධාන ශක්තියකුත් ඔයා තුළ ඉස්මතු වෙනවා. අසාමාන්‍ය අනතුරුවලට මුහුණ පෑමේ අවදානමක් ද පවතිනවා. සාමාජීය වශයෙන් යහපත් විවාහයක් පෙන්නුම් කළත් විවාහයෙන් පසු යම් අසතුටුදායක අත්දෑකීමකටත් මුහුණ දීමට විය හැකි බැවින් කල්පාකාරී වන්න. වයස 60 න් පසු ආර්ථික කටයුතුවල අඩාළ වීමක් පෙන්නුම් කරනවා. කාර්ය බහුලතාවය යම් පමණකට පාලනය කර නොගත්තොත් හෘද රෝග අවදානමක් ඉස්මතු වේවි. සුප්‍රසිද්ධ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ (1961) ඔයාත් එක්කම උපන් දිනය සමරන කෙනෙක්.
දෙසැම්බර් 28
(පෞද්ගලික අංකය 1)
අංක විද්‍යාවේ හැටියට උපන් මාසයෙන් ඇත්තටම ඔයාට බලපවත්වන්නේ ජනේරුවට හිමි ශනිගේ බලයයි. පෞද්ගලික අංකය පෝෂණය කර තිබෙන්නේ සඳු හා ශනි සංයෝගයක්. හැබැයි සූර්යයාගේ ශක්තිය ඔයාට ආකර්ෂණය වන්නේ අඩුවෙන්. ඔයා නිරතුරුව සිනහමුසු මුහුණින් පසුවෙන චරිතයක්. ලලනා ගති පවා පිරිමියකුට වුණත් යම් පමණකට හරි හිමි වෙනවා. ඒ වගේම බොහෝ විට රැවටිලිවලට පවා හසු වෙනවා. ආදරයේ කඩා වැටීම්වලින් ඉදිරි කටයුතු ද අතර මඟ නැවතීමේ අවදානම සහිතයි. අනාගතයේ දියුණු තත්ත්වයකට එන්නට නම් පමණට වඩා මිනිසුන් විශ්වාසයට ගැනීම නතර කළ යුතු වෙනවා. ඔයාව ජීවිතයේ දෙවැනි පරිච්ඡේදයේ දී අනිවාර්යයෙන් ම ජයග්‍රාහී චරිතයක වශයෙන් ඉස්මතු වේවි. වඩා නිර්මාණශීලීත්වය හා කල්පනාකාරී බව නිසා භාර ගන්නා ඕනෑම කටයුත්තක් සර්ථක කර ගැනීමට ඔයාට වාසනාව උදා වෙනවා. කිසිම හේතුවක් නිසා ජීවිතයේ මූලික අරමුණින් ඔයා බැහැර නොවීම ගරු කටයුතුයි. කලාව ඔස්සේ ජනතා කටයුතුවලට බලපෑම් කිරීමට වගේම කලින් කලට අපකීර්තිමත් සිදුම්වලට මැදිව ප්‍රසිදධියට පත් වෙන ස්වභාවයක්ද දැකිය හැකි වෙනවා. ඇමෙරිකාවේ 28 වැනි ජනපති වුඩ්රෝ විල්සන් (1856) මහත්තයත් ඔයාගේ පෞරුෂයට සමාන සුප්‍රකට පුද්ගලයෙක්.
දෙසැම්බර් 29
(පෞද්ගලික අංකය 2)
ඔයාවත් උපන් මාසයෙන් අයත් වෙන්නේ ශනි කාල සීමාවට. පෞද්ගලික අංකය පෝෂණය කරන්නේ සඳු හා කුජ විසින්. ජීවිතය හැම විටම අභියෝගාත්මතක චාරිකාවක් වන බව නොකියාම බෑ. එහි සාර්ථක අසාර්ථකභාවය ඔයා මතමයි රඳා පවතින්නේ. මොකද කියනවා නම් මොනදේ හිමි වෙලා තිබුණත් ජීවිතයේ මොකක් හරි වචනයෙන් කියන්න බැරි අඩුවක් ඔයාලගෙන් බොහෝ දෙනෙක්ට තියෙන නිසයි එහෙම කියන්නේ. ඔයාලාව වටහා ගැනීමට වඩා සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳන එක ලේසියි කියලා කතාවට කියනවා. යාළුවෝ හැමෝම එකතුවෙලා ඔයාව රවට්ටන්න එනවා කියලමයි ඔයා නිතරම දොස් කියන්නේ. හැබැයි සතුරෙකුට හරි ගහනවා නම් ගහන්නේ කටින් හිනාවෙලා, දතින්. සුප්‍රකට මෝහන චිකිත්සකයන් වෙනුවෙන් ඔයාගේ උපන් දිනය කියාපු දවසක්. සැලසුම්වල පොඩි පසුබෑමක් වෙනකොටම ඔයා පසු බැහැලත් අහවරයි. ත්යාගශිලිභාවයත් උසස්. මුදල් අවශ්‍ය වෙලාවට කොහෙන් හරි ලැබෙයි යන විශ්වාසය නිසා මුදල් රැස් කරන්නෙත් නෑ. අධික තෙහෙට්ටුව නිසා මානසික අවපීඩනයට ළක් වීමත්, යම් යම් වගකීම් අමතක කර ලබනා විවේකය තුළින් නැවත සහනයක් ලබනා පුරුද්දත් කැපී පේනවා. ප්‍රවීණ සිනමා ශිල්පියකු වූ රොබින් තම්පෝ (1930) මහත්තයත් ඔයාගේ උපන් දිනේමයි.
දෙසැම්බර් 30
(පෞද්ගලික අංකය 3)
ඔයාගේ පෞද්ගලික අංකයෙන් ගුරුටත් මාස රාශියෙන් ශනි බලයටත් නතු වූ අයෙක් වෙනවා. බොහෝ විට සිතුවිලි ලොවක නිමග්නව ඉන්නයි කැමැති. තියුණු බුද්ධිය හා දුර දක්නා නුවණ නිසා සිතට එන සිතුවිලි සමුදායන් බලපෑම්වලින් තොරව නිදහසේ ක්‍රියාවට නංවන්නට සමත් වෙනවා. ආත්ම තෘප්තිය පමණක්ම සිතා වැඩ කරන ඔයා ගරු ගාම්භීර දිවි පෙවෙතකට ළැදියි. රහස් පරීක්ෂකයන් හැටියට ඔයා වැනි අය සුපිරියි. ආක්රමණශීලීභාවයත් කැපී පෙනේ. ජීවිතයේ හැම කටයුත්තකදීම බලය පාවිච්චි කරවන බව පැහැදිලියි. ස්වකීය උත්සහාය හා අධිෂ්ඨානය නිසා සාර්ථකත්වයට පත් වනු ඇති. අධිකාරී බලයක් සහිතව ජනතාව සමඟ කරන කටයුතුවලින් වඩා සාර්ථක වනු ඇත. තමන්ගේ සිතැඟියාවන් අනුව ක්‍රියාත්මක මහා පරිමාණ සැලසුම්වලින් සාර්ථක වනු ඇත. හිඟමන් යදින අයට ඔයා කොහෙත්ම කැමැති නෑ. සාමූහිකව ජන ප්රජාවකට එක වර උදවු උපකාර කරන්නයි ඔයා සතුටු. දිළිඳු ජනයා ආර්ථික හා සාමාජීය වශයෙන් ඉහළට ඔසවා තැබීමේ වැඩ පිළිවෙළ සඳහා ඔයා මූලිකත්වය ගන්නවා නේද? අහලා තියෙනවාද තර්ජිනී ශිවලිංගම් (1978) ගැන. අඩි 6 යි අඟල් 10 ක උස එයා ජාතික දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වගේම ඔයාගේ උපන් දින සගයෙක් වෙනවා.
දෙසැම්බර් 31
(පෞද්ගලික අංකය 1/4)
ඔයාගේ පෞද්ගලික අංකයට සම්මාදම් වෙලා තියෙන්නේ ගුරු හා රවි/යුරේනස් යන ග්‍රහා බලවේගයන්. මාස රාශි බලය ශනිගේ කාලයට අයත්ව පවතිනවා. ඔයාගේ උපන් දිනය විප්ලවීය අදහස්වලින් යුතු සුවිශේෂි උපන් දිනයක්. එය සැම විටම හිත හා සම්බන්ධ වෙනවා. චිත්ත ශක්තියෙන් අනූන බවත් සූක්ෂම බුද්ධියත් හිමි ඔයා හුදෙකලාවේ ඉන්නයි වැඩියෙන්ම කැමැති. ලාභ-අලාභ නොතකා අන් අය වෙනුවෙන් ඉදිරිපත් වීම ඔයා සතු බෝසත් සිරිතක්. ඒ වගේම කෙතරම් ප්‍රබල විරුද්ධවාදියකු හරි ලෙහෙසියෙන් මෙල්ල කර ගැනීමට තියෙන්නෙත් පුදුම හැකියාවක්. අතිශයින් ස්වාධීන බව නිසා අනුන්ගේ සැලසුම් වල කොටස් කරුවෙක් වීමට අකැමැතියි. කලත්‍රයා හා සමීප නෑයන් නිසාත් අපහසුතාවයට පත් වන බවක් පෙන්වන්නේ. පෑනෙන් හරි කඩුවෙන් හරි බලය පතුරුවන්න ඔයා විසින් උත්සාහ දරනු ඇත. ජනතා කටයුතු වෙනුවෙන් කැපවෙන්නත් ඔයා කැමතියි. අතට එනවාට වඩා වේගයකින් මුදල් දෝතින් ගිලිහී යන්නේ හොඳ හිත විතරක් ම ඉතිරි කර දීලයි. අනාගතයේදී ආර්ථික අපහසුතා මතු වීමත් මේ නිසා පැහැදිලියි. ප්‍රචණ්ඩත්වයට හා අනතුරුවලට ජීවිත කාලය තුළ නිතර මැදි විය හැකියි. බර ඉසුලුම් ශුරී චින්තන විදානගේ (1981) මහත්තයාත් ඔයාට සමාන පෞරුෂයක් ඇති වඩා ප්‍රකට චරිතයක්.
පාරවිද්‍යා පර්යේෂක එස්.පී.එන් සේනානායක
විශේෂ ස්තූතිය -
අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා
හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන