වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
දෙසැම්බර් 20-26 අතර උපන් ඔබ...
දෙසැම්බර් 20
(පෞද්ගලික අංකය 2)
ඔයාගේ පුද්ගලික අංකය තුළ සඳුගේ බලය කැපී පේනවා. මාස රාශියෙන් ගුරුගේ බලයත් අන්තර් ගතයි. ඔයා වගේ අයව ජනතාව තම නායකයා ලෙස පිළිගන්නට සැදී පැහැදී සිටිනවා. අභ්‍යන්තරව ඇති ආත්මාර්ථකාමී ගති හා තණ්හාව ඉවත් කළහොත් දේවත්වයෙන් පිදුම් ලැබීමට පවා වාසනාව පවතිනවා. ලෞකික තලයට වඩා ඔබේ හිත සමීප වන්නේ අධ්‍යාත්මික අංශයටයි. මේ නිසා අනාගතය පෙර දැකීමේ හැකියාව, අනාවැකි පළකිරීම වගේම ආගම හා දර්ශනයට සම්බන්ධ අංශවලට ඔයාගේ හැකියාවන් බැඳී තියෙනවා. ඔයාගේ හැකියාවන් මුදල් කරන්න නම් ප්‍රබල පුද්ගල පෞරුෂයක් ඔයාගේ පසුපසින් සිටිමින් හොඳ මාර්ගෝපදේශයක් ලබා දිය යුතුයි. සංචාරයට ඉතා ප්‍රියයි. ඉන්දීය යොවුන් ගායන, රංගන ශිල්පීණි නෂ්රියා නිෂාම් (1994) කියන්නෙත් ඔයා වගේම යහපත් උත්සාහයෙන් ජීවිතය ජය ගන්නට වැර දරන චරිතයක්.
දෙසැම්බර් 21
(පෞද්ගලික අංකය 3)
ඔයාගේ පෞද්ගලික අංකය ඇතුළෙ සඳු හා රවි බලවත්ව විද්‍යාමාන වෙනවා. ඒ වගේම මාස රාශි බලයෙන් ගුරු පෙනී සිටිනවා. පෙර පින් සහිතව ඉපදෙන දක්ෂ මිනිසුන් අතරට තමයි ඔයාව වැටෙන්නේ. ලෝකය හා ලෝකයෝ ගැන ඔයාගේ පරිණත බව හා අවබෝධය වැඩි වූ තරමට තමයි ඔයාගේ ජී්විතයත් බැබළෙන තත්වයකට ළඟා වන්නේ. ජීවිත කාලය තුළ විවිධ අභියෝග රැසකට මැදි වෙන්නත් සිදු වෙනවා. එහෙම වුණත් ඒ සෑම අභියෝගයක්ම ජය ගන්නටත් ඔයා උපතින්ම ගෙනා වාසනා බලය හේතු වෙනවා. අන්‍යයන් හට ඇසුරට වඩාත් සමීප චරිතයක් හැටියටයි ඔයාව දැනෙන්නේ. කවදා හරි දවසක ඔයා සතු දැනුම් සම්භාරය තමයි ඔයාගේ ජීවිතය වඩාත් ඔපවත් කරවන්නේ. ජීවිතයේ පළමු කාල පරිච්ඡේදයට වඩා සිවු වැනි දශකය පනිද්දී ඔයා හරි ක්‍රියාශීලී, ප්‍රබල තත්වයකට පත් වෙනවා. ගරු නම්බු වගේම උසස් තනතුරු වලට හිමිකම් ලබනවා. වයස 50 න් පසු ජීවිතයට පෙර සූදානමත් වැදගත්. යොවුන් රංගන ශිල්පීනී නෙහාරා පීරිස් (1988) අයත් වන්නේත් ඔබේ පෞද්ගලික අංකයටමයි.
දෙසැම්බර් 22
(පෞද්ගලික අංකය 1/4)
ඔයාගේ පෞද්ගලික අංකය සඳු විසින් තමයි රවි හා යුරේනස්ට අයත් බලය ඉස්මතු කරන්නේ. ගුරු තමයි මාස රාශි බලයෙන් ඔපවත් කරන්නේ. ඔයාට අසාමාන්‍ය පරිපාලන ශක්තිය හා උපාය ඥානය පවතිනවා. ඒත් ඇසුරු කරන්නන් ඔයාව රවටා ලාභ ප්‍රයෝජන ලබන්න හදනවා. අංක 4 හිමියන්ගෙන් මුදල් ඉපයීම පහසු ඔයාලට. ව්‍යාපාරවලින් ලාභ ලැබීම වගේම ප්‍රභූ ඇසුරත් ඔයාට හිමියි. ලෝකයාට ඔයාව හරියට කියවා ගන්න සමත් වෙන්නේ නෑ. සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කිරීමට ඔයා එඩිතර වෙනවා. ප්‍රබල ස්වාධීන ගති ලක්ෂණ පෙන්නුම් කරන නිසාම කලත්‍රයා සමඟ පවා සහයෝගීතාවයක් පවත්වා ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. බුද්ධිය මෙහෙයවා කරන ශාස්ත්‍රීය කටයුතුවලින් මුදල් ඉපයිය හැකියි. ඒ වගේම ඕනෑම මොහොතක ඔයාට ඇති වෙන මුදල් අවශ්‍යතා ඔයා විශ්වාස කරන විදිහටම කොහොම හරි ඉටු වෙනවා. ඉන්දීය ගණිතඥ සිරිනිවාස රාමනුජන් (1887) මහතා කියන්නේ ඔයාගේ උපන් දිනයේම හිමිකරුවෙක්.
දෙසැම්බර් 23
(පෞද්ගලික අංකය 5)
ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණයට සඳු හා ගුරු යන ග්‍රහ සංයෝග හේතු වෙලා. මාස රාශි බලයෙනුත් ගුරු හවුල් වෙලා. ඔයාට උසස් අයගේ ගෞරවය හා වන්දනය පවා හිමියි. දැඩි විනයගරුක බවත් දුගීන් කෙරෙහි ආදරය, කරුණාව, දයාව හා සෙනෙහස වැනි උසස් මානව ගුණාංග පිරිපුන්ව තිබෙන තාක් ඔයාගේ නාමය ඉහළින්ම වැජැඹෙනු ඇති. එක මොහොතක් එක ඉරියව්වක හෝ එක සිතුවිල්ලක පසුවන්නට හැකියාවක් ඔයාට නෑ. ජීවිත කාලයේ දී එක පාරක් හරි මාරක රිය අනතුරකට මැදි වන්න ඉඩ ඇති නිසා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. අමුතු ආකාරයේ ආයෝජනවලින් ඔයා සාර්ථක වෙන්නෙත් හරි පුදුම විදිහට. උත්සාහ කළොත් වෛද්‍ය හෝ නීති අංශයන්ගෙන් පවා සාර්ථක විය හැකියි. නිතරම අනුන්ව උපහාසට පත් කරන ස්වභාවයකුත් පවතී. හොඳ ආකර්ෂණයක් ඇතත් වඩා සාර්ථක වන්නේ මැදිවියේ සිදුවන විවාහයක් පමණයි. ජපානයේ අකිහිටෝ අධිරාජ්‍යා (1933) වගේම මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න (1986) ඔයාගේ උපන් දිනයට හිමිකම් පෑ ප්‍රබල චරිතයි.
දෙසැම්බර් 24
(පෞද්ගලික අංකය 6)
ඔයාගේ පෞද්ගලික අංකය හදන්න සඳු හා රවි-යුරේනස් යන සංයෝජනයන් දායක බව පැහැදිලි වෙනවා. ඒ වගේම මාස රාශි බලයෙනුත් ගුරුට නතුවෙලා. උපශාන්ත පෙනුමක් ඔයාට ගේනවා. ඒ වගේම අනෙක් අංක 6 හිමියන්ට වඩා තම කාර්යය ඉටුකර ගැනීමට සමත්. ජීවිත කාලය තුළදී ඉහළ නිලතල ආදියත් ඔයා පස්සෙන් ලුහුබැඳ එනු ඇති. උසස් අයගේ අනුග්‍රහයත් නොඅඩුවම ලැබෙනු ඇති. සරල සිතුම් පැතුම් සහිත ප්‍රීතිමත් මනසක් ඔයාට උපතින්ම හිමියි. හේතුවක් ඇතත් නැතත් උත්සවයකට සුදුසු ආකාරයට එදිනෙදා හැඳ පැලැඳ ඉන්නයි හිත. හිත මිතුරු සැමට ඉහළින්ම ආදර සත්කාර කිරීමෙන් ද මහත් සතුටක් ලබනු ඇති. කාන්තාවකට නම් බොහෝ විට ආදායම් මාර්ග දෙකක් හා විවාහ දෙකක් පෙන්නුම් කරනවා. ඒ විවාහයන්ගෙන් දරුවන් දෙදෙනෙකුත් හිමි බව පේනවා. බොහෝ විට දෙවැනි විවාහය සිදු වන්නේ විදේශයකින් හෝ ඈත පළාතකින්. සංචාරයට ඉතා ප්‍රිය අතර එහිදී හඳුනා ගන්නා අය සමඟ පවා දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාමත් ඔයාගේ චරිතය තුළ සුවිශේෂී වනවා. ඉන්දියාවේ 10 වැනි ජනාධිපති අතල් බිහාරි වජ්පායි (1924) හා මෙරට ව්‍යවසායක දිනේෂ් සපරමාදු (1965) යන මහත්වරු ඔයාගේ උපන් දවසටම අයත් දෙදෙනෙක්.
දෙසැම්බර් 25
(පෞද්ගලික අංකය 2/7)
ඔයාගේ පෞද්ගලික අංකය නිමවන්නේ සඳු හා බුධ යන ග්‍රහ සුසංයෝගයෙන්. ඒ අතරම ගුරුගේ බලයටත් ඔයා ධනාත්මකව නිරාවරණය වෙලා. බොහෝ විට ආගමික නායකයන්, අධිකරණ නායකයන් හෝ සභා නායකයන් වැනි අය ඔයාගේ උපන් දිනයෙන් උපත ලබනවා. වන්දනීය තත්ත්වයෙන් යුතු නායකත්වයකට ඔයාට නිරායාසයෙන්ම ළඟා විය හැකියි. තමා විශ්වාස කරන ආගම-දහම පමණක් නිවැරැදි ලෙස ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන ස්වභාවයත් තමාට සැබෑම හිතවත් අය දෙස පවා වපරැසින් බැලීමත් ඔයාගේ තත්ත්වයට යම් නිෂේධානාත්මක බලපෑමක් ගෙනදේවි. ආර්ථික අංශයෙනුත් සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගන්නවා. ඒවා රැඳීලා තියෙන්නෙත් අසාමාන්‍ය ක්‍රමවලට බද්ධ වෙලයි. වියපත් කාලයේදී අනුන්ගේ ගුරුහරුකම් අනුගමනය නිසා විශාල මුදල් පාඩුවකුත් සිදුවේවි. නින්දත් විවේකයත් හරි හැටි නැති වුණොත් සෞඛ්‍ය තත්ත්වය පවා අවදානමකට ලක්වේවි. ජේසු සමිදාණන් ක්‍රි.පූ 4-6 ශතවර්ෂ අතර කාලයේදී මේ දිනයේ බෙත්ලෙහෙමෙහි උපත ලද බව සඳහන් අතර ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී හේමසිරි ලියනගේ (1942) මහතාත් අයත් වන්නේ අද දින උපත සමරන පිරිසටයි.
දෙසැම්බර් 26
(පෞද්ගලික අංකය 8)
සඳු හා සිකුරු විසින් තමයි ඔයාගේ පෞද්ගලික අංකයෙන් පෞරුෂත්වය ඔප් නංවලා තියෙන්නේ. මාස රාශි බලයෙනුත් ගුරු ඔයාට වක්‍ර ආශිර්වාදයක් වෙලා. වයස 17 න් පසු බොහෝ විට දෙමාපියන්ගේ දැඩි බලපෑමක් නොවේ. ජීවිත කාලය තුළ දී විටින් විට අනුන්ගේ වැරදි අඩුපාඩුවලට වන්දි ගෙවන්න වන්නෙත් හරිම පුදුම විදිහටයි. අනුන්ගේ යහපත වෙනුවෙන් ලෝභ නැතිව වියදම් කළත් තමන් වෙනුවෙන් ශතයක් වියදම් කරන්නේ නෑ. දියුණු බුද්ධියක් හිමි අතරම හාස්‍යජනක දේටත් හිත ඇදී යනවා. ඉහත සුවිශේෂි දිනයේ ජන්ම ලාභය නිසා සුවිශේෂි ආත්ම ශක්තියක් හා ජවයක් ඔයාට එකතු වෙනවා. කුඩා කාලයේ පටන්ම දහසකුත් එකක් දුෂ්කරතාවයන්ට මුහුණ දීමෙන් තමයි ඔයාගේ ජීවිතයට මනා පන්නරයක් ලැබෙන්නේ. ආර්ථික වශයෙන් ජයග්‍රහණ පවා හිමියි. ජීවිත කාලය තුළදී ඇගයීම්වලට පාත්‍ර වුවද තමාගේ සුළු අපරික්ෂාකාරී බවක් නිසා සියල්ල නිමේශයකදී කණපිට හැරීමට ඉඩ තිබෙනවා. ඔබට හිමි හොඳම ආයෝජනය වන්නේ රජයේ බැංකුවක ස්ථිර තැන්පතුවක ආයෝජනය විතරමයි. ඉතිහාසය තුළ නමත් රැන්ඳූ පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන (1896) මහත්තයව අමතක කරලා මේ උපන් දිනේ ගැන නම් කතා කරන්න බැරි ගානයි.
විශේෂ ස්තූතිය -
අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා
හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන