වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
හෙළයේ මහා බලගතු උපුල්වන් දෙවියෝ

පසළොස්වන සියවස තෙක්ම අපේ දේශීය ප්‍රධානතම දෙවියෙක් වූද මහා බලගතු තේජස් හිමි මේ දෙවියන් මහා භාරත වාසී බැව්ද පැරණි ලියකියවිලිවල සඳහන්ව තිබේ.
එහෙත් මුණිදාස කුªමාරණතුංග, ගණනාථ ඔබේසේකර, මහාචාර්ය දැරණියගල, පියසේන කහඳගහ වැනි පුරාවිදුදරයන්ගේ අදහස නම් ලාංකික සම්භවයක් ඇති දෙවියකු බවයි. අෂ්ටාදශ පූරාණයේද සඳහන්ව තිබේ.
කිහිරුලි, කිහිරූලි, උත්පලවන්න, උත්පලදන්ත, උපුල්දත් යන නාම ධාරී වේ.
බුදුන් වහන්සේ මාර පරාජය කරන අවස්ථාවේද මේ දෙවියන් එතැන සිටි බව පැහැදිලිය.
බෞද්ධ දෙවියෙකි. පැරකුම්බා සිරිතේ දක්වා තිබේ. අලුත් නුවර දේවාලයක්ද උපුල්වන් දෙවියන්ට සාදා ඇත. කෝකිල සන්දේශයේ 23 පැදියද පරෙවි සංදේශයේ 206 වැනි කවිය ද උපුල්වන් දේව කතාව දිග හැරේ. විෂ්ණු දෙවියන් යැයි ද සමහර තැන්වල දක්වා තිබේ. ශිලා ලේඛනයන්හිද උපුල්වන් දෙවියන් ගැන විස්තර කොටා තිබේ. පරණවිතාන ශූරීන්ගේ මතය නම් පුරාණ හින්දු ආර්යන්ගේ වරුණ දෙවියන් බවකි. තිසර හා කෝකිල සංදේශ කාව්‍යවල උපුල්වන් දෙවියන් වැනුම් ඇත.
උපුල්වන් සුරිඳුට අස්න සදන් නේ
මල්ගෙන සුවඳින් යහන් තනන් නේ
අවුලා පහනුත් නිති පුද දෙන් නේ
සෙල්ලම් කර දැඩි මුණ්ඩ වඳින් නේ
මාර යුද්ධ ගැන සඳහන් පද්‍යයකි. උපුල්වන් දෙවියන්ගේ දෙවොලට පුද පූජා තබා ආයාචනා කර සිටින්නේ ගම්තුලානයේ සතුට, සොම්නස ඉතිරේවා සෞභාග්‍යය ලැබේවායි පතමින්ය. තෙද බලැති උපුල්වන් දෙවියෝ දේව පුරාණයේ වැදගත්ම දේව සංකල්පයක් බැව් සඳහන් කර තිබේ. බැතිමතුන්ගේ ආදර ගෞරවයට උපුල්වන් දෙවිඳු පත්වී ඇත්තේය.