වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
රට රටවල නත්තල් අසිරිය
බෙත්ලෙහෙමේදී උපත ලද ජේසු සමිඳාණන්ගේ උපත සමරමින් ලොවපුරා දේවමෙහෙයන් පැවැත්වේ.
එදා බෙත්ලෙහෙමේ කුඩා ගවහලකදී උපත ලද සාමයේ කුමරුන් වෙනුවෙන් බෙත්ලෙහෙමේ පවත්වන අසිරිමත් දේවමෙහෙයන් සඳහා දසදහස් ගණන් බැතිමතුන් එක්රොක් වේ. ලොවපුරා සිටින කිතුනු ජනතාව සීතල උඳුවප් මාසයට පැමිණෙන නත්තල සැමරීමට බලා සිටින්නේ අතීතයේ සිට පැවතෙන නත්තල් සම්ප්‍රදායන් රකිමින් ඒ වත්පිළිවෙත් ඉටු කිරීමටය. ජේසුතුමන්ගේ උපත සිදුවූයේ බෙත්ලෙහෙමේදීය.
ඒ සිදුවන උපත සිහිපත් කිරීම සඳහා කිතුනු බැතිමතුන් සිය නිවෙස්වල හෝ මිදුලේ හෝ දේවස්ථානවල පුංචි ගවලෙනක අනුරුවක් සකස් කිරීම ඈත අතීතයේ සිටම පැවතෙන සිරිතකි. එය ඉතාලියේ ග්රෙකියෝහි අසීසියේ ශාන්ත ෆැන්සිස් විසින් 1223දී අරඹන ලද බවද සඳහන් වේ. මේ අතර ඉතාලියේ ක්‍රිස්තියානි භක්තිකයකු වූ ජෝන් නැමැත්තා විසින් ගවලෙන ප්ලාස්ටික්වලින් නිර්මාණය කොට ඇත. ඉන් අනතුරුව ආජන්ටිනාවේ විවෘත ලෙනක් ඉදිකරනු ලැබුවේය. එය අද පවා නැරඹීමට අවස්ථාව උදාවී තිබේ.
බෙත්ලෙහෙම ජේසු බිලිඳුන්ගේ උපත සමරණ නත්තල් දින කාගෙත් සිතට නැඟෙන ස්ථානයකි. එදා බෙත්ලෙහෙමේ කුඩා ගවහලකදී අප සාමයේ කුමරුගේ උපත සිදු විය. බෙත්ලෙහෙමේ පැවැත්වෙන අසිරිමත් දේව මෙහෙයට දස දහස් ගණනින් බැතිමතුන් සහභාගී වේ. ජේසු බිලිඳුන් උප්පත්තිය ලැබූ ගවලෙන අද අලංකාර දෙවි මැඳුරකි.
බැසිලිකා දෙව් මැදුර ක්‍රිස්තු ධර්මයේ හදවත ලෙස සලකනු ලබන රෝමයේ වතිකානු නුවර බැසිලිකා දෙව්මැදුර පාප්වහන්සේ වැඩවෙසෙන ස්ථානයයි. නත්තල් දිනවලදී බැසිලිකා දෙව් මැදුර ක්රිස්තුභක්තිකයන්ගෙන් පිරී යන ස්ථානයකි. සෑම වසරකම දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී දොළහට පැවැත්වෙන දිව්‍ය පූජාව පවත්වනු ලබයි. එම වෙලාවටම ලොවපුරා පිහිටි අනෙකුත් දේවස්ථානවලද නත්තල් දිව්‍ය පූජා පැවැත්වේ.
නත්තල් ගසද නත්තල් දින දේවස්ථානවල මෙන්ම නිවෙස්වලද දක්නට ලැබෙන අලංකාරවත් වූ සෙල්ලම්බඩුවලින් හා තෑගිභෝගවලින් පිරුණු ගසකි. එය මීට වසර 470කට පමණ පෙර ජර්මනියේදී දැක ගන්නට ලැබී ඇත. එය ජර්මන් ජාතික බොනිෆස් අගරදගුරුතුමා විසින් සෑදූ බවටය ඉතිහාසයේ ලියැවී ඇත්තේ. නත්තල් ගස මුදුනේ තාරකාවලින් අලංකාරවත් කරනු ලබන්නේ ජේසු උපත හෙළිකළ ශාස්ත්‍රවන්තයන් දුටු තාරකාවන් පිළිබිඹු කිරීමට යැයිද කියති.
ලොව උසම නත්තල් ගස සාදනු ලැබුවේ 1950දී වොෂින්ටයේ නෝත්ගේට් නම් සාප්පු සංකීර්ණයේ නිර්මාණය කළ ගසයි.
අඩි 221කුත් සෙ.මී. 67 උස එය සාදනු ලැබුවේ ඩග්නස් පීර් නැමැත්තා විසිනි. අනතුරුව හෝලිපදුරු සහ නත්තල් ගස හැම නිවෙසකම පාහේ තැබීමේ සිරිතක් ඇති විය. ඉන් සාමය, සතුට, අර්ථවත් කෙරෙන අතරම නත්තල් ගස නිසා මායාකාරීන් බියවැද්දීමටත් ගෙරවීමෙන් හා විදුලි කෙටීමෙන් නිවස ආරක්ෂා කර ගැනීමටත් හැකි බව කියති.
නත්තල් පත
අද මෙන් තැපැල් පහසුකම් නොතිබු අවධියක ඊජිප්තු වැසියන් ඔබට සුබ නත්තලක් වේවා යැයි මැටි පුවරුවල ගල්වල කොටා යවා පසුව නත්තල් පත ක්‍රමවත් ලෙස සකස් කොට යවා ඇත්තේ 1843 දී එංගලන්තයේදීය. එහෙත් අමෙරිකාවේ නත්තල් පත වෙනත් ආකාරයක සැලැස්මකින් මුද්‍රණය වී ඇත. එය 1874දී මුද්‍රණය කර ඇත්තේ ජර්මන් ජාතික ලුවිස්ෆ්රෑන්ග් විසිනි.
නත්තල් සීයා නත්තල් කාලයට දරු දැරියන්ට අමතක නොවන කෙනෙක් වෙයි. ඒ ගෙදරට එන මහමඟදී හමුවන හා දේවස්ථානවලදී පොඩිත්තන්ට තෑගි භෝග දෙන නිසාය. ප්‍රංශයේ මේ නත්තල් සීයා හඳුන්වන්නේ පිරිනොයෙල් යනුවෙනි. (Father of Christmas) නැතහොත් නත්තලේ පියා හැටියටයි. ලොව ප්‍රථම නත්තල් සීයා ලෙසින් ප්‍රසිද්ධියට පත්වූයේ තුර්කියේ මයිරා නගරයේ විසූ නිකුලස් පිතුමාය. ඔහු රෝගාබාධයන්ගෙන් අසරණවූවන් බේරා ගනිමින් හා දුප්පතුන්ට ආධාර උපකාර කරමින් මුදල් දෙමින් මහඟු සේවාවක් කළ පියතුමෙකි.
කිතුනු භක්තිකයන්ට වන අසාධාරණකම් ගැන පවා විරුද්ධව කටයුතු කළ නිකුලස් පියතුමා වරෙක සිරභාරයට පවා පත්වූ කෙනෙකි. වයස් ගතවූ නිකුලස් බිෂොප්තුමා තම සියලුම ධනය දුප්පතුන්ට බෙදාදී ක්‍රි.ව. 341 දෙසැම්බර් මස හයවන දින ස්වර්ගස්ථ විය.
ගී‍්‍රසිය -
ගී්රසියේ නත්තල් උත්සවයේදී නිකුලස් පියතුමා ද මහත් ඉහළින් සැමරේ. ගී්රක වැඩිහිටියන් නත්තල් සමයේදී ගී ගයමින් ගම්වැසියන්ට සුබ පතමින් වියළි පලතුරු හා රසකැවිලි බෙදා දෙමින් තෑගි භෝග ලබාදීම ද සිරිතකි.
ඩෙන්මාර්කය -
නත්තල උදාවන මැදියම් රැයේදී ඩෙන්මාර්ක් වැසියෝ බත්වලින් පුඩිමක් සාදනු ලබන අතර එහි එක ආමන්ඩ් ඇටයක් සඟවති. එම පුඩිම පවුලේ අය හා හිතවතුන් එකට ආහාරයට ගනු ලබන අතර පුඩිමේ ඇති ආමන්ඩ් ඇටය හමුවූ තැනැත්තාට ඉදිරි වසරේ වාසනාව උදාවන බවට විශ්වාස කෙරේ.
ඉරාකය -
නත්තල් දින රාත්‍රී ක්‍රිස්තියානි පවුල් එකට එක්වේ. එහිදි කුඩා ළමයකු ජේසු බිලිඳාගේ උපත පිළිබඳව කතාවක් කියති. රැස්ව සිටින වැඩිහිටියන් ඉටිපන්දම් දල්වාගෙන ඒ ළමයාගේ කතාවට සවන් දී සිටිති. කතාව අවසානයේ කටු අතු දැමූ ගිනිමැලයක් ගසා වටේට යමින් ගී ගයති. එම ගිනි මැලය අවසානයේ කටු අතු අළු බවට පත්වුණොත් ඉදිරි වසර සුබ බවට විශ්වාස කෙරේ. ගිනි මැලය නිවී ගිය පසු තුන්පාරක් ගිනිමැලය උඩින් පනිමින් සුබ ප්‍රාර්ථනා කරති.
පෝලන්තය -
මෙහි නත්තල සමරනු ලබන්නේ විජිලිය නම් සම්ප්‍රදායික උත්සවයට ප්‍රධාන තැනක් දෙමිනුයි. නත්තල් දින උදාවීමට පැය 24ට පෙර උපවාසයක යෙදෙන ඔවුන් එය අවසන් කරන්නේ විශාල නත්තල් උත්සවයක් පැවැත්වීමෙන් පසුවයි. මෙහි ජීවත්වන කිතුනුවන් එම උත්සවයෙන් පසු බෙත්ලෙහෙමේ පෑයු තරුවට ගරු කිරීමක් වශයෙන් එදින රාත්‍රියේ පළමු තරුව උදාවනතුරු ආහාර ගැනීමෙන් වැළකී සිටිති.
බ්‍රසීලය -
බ්‍රසීලයේ දේවස්ථාන, නිවෙස්වල සහ කඩසාප්පුවල ප්රෙසිපියෝ මිටියක් ප්‍රදර්ශනයක තබා ඇත. ප්රෙසිපියෝ යනුවෙන් හඳුන්වනුයේ පිදුරුය. ජේසු බිලිඳා උපත ලද ගමන්ම පිදුරු යහනක සැතපීම සිහිකිරීමයි එහි අදහසය.
චීනය -
නිවෙස්වල කඩදාසිවලින් සෑදූ ලන්තෑරුම් එල්ලා අලංකාර කරති. චීන දරුවන් ඉතා අගේ කොට සලකන නත්තල් සීයා හඳුන්වනු ලබන්නේ මිචින්චුප්ලාවු නමිනි. රජ තුන්කට්ටුවේ පැමිණීම ඉතා ආදරයෙන් සමරන චීන වැසියන් දෙසැම්බර් විසිපස්වැනිදා සිට ජනවාරි හයවැනිදා දක්වා නත්තල සමරති. ඔවුන්ද පැවතෙන නත්තල් චාරිත්‍රයක් ලෙස කඩසාප්පුවල හා නිවෙස්වල පොසිපියෝ මිටියක් ප්‍රදර්ශනය කරති.
බ්‍රිතාන්‍ය -
නත්තල් භෝජන සංග්‍රහයේදී නත්තල් පුඩිමටද හිමිවන්නේ ප්‍රධාන තැනකි. මේ නත්තල් පුඩිම සෑදීමේදී පවුලේ සියලු දෙනාම එය හැඳිගෑමට අමතක නොකරති. එසේ එක්ව පුඩිම හැඳිගෑමෙන් නව වසරේ අලුත් අදහස් ඉටුවන බව විශ්වාස කරති.
බ්‍රිතාන්‍යයේ නත්තල් චාරිත්‍ර රැසක් ඉටුකරනු ලබන රටකි. නත්තල් දින රාත්‍රියේ සියලු කෑම්බීම්වලින් යුත් කෑම බන්දේසියක් මිදුලේ තබති. එහි අදහස වන්නේ වෙහෙසට පත්ව එන මරියතුමිය සඳහා බවයි. එදිනම විශාල ලී කොටයකට ගිනි තබති. ඉන් බලාපොරොත්තු වන්නේ තම ජීවිත ආලෝකමත්වීම හා තම මුතුන් මිත්තන්ට ආලෝකය ලබා දීමත්ය. ගිනි තබන පද ලී කොටයේ අඟුරු සුරැකිව තබා ගැනීමෙන් පේ‍්‍රත උපද්‍රව හා සතුරු කරදර තුරන් වී යන බවට ද විශ්වාස කෙරේ. එමෙන්ම නත්තල් දින මැදියම් රත්‍රි කාලයේදී ඇපල් අනුභව කිරීමෙන් වසර පුරාම නිරෝගීව සිටිය හැකි බවද කියති.
ඉරානය -
පර්සියාව නමින් හැඳින්වූ මේ ප්‍රදේශය රජතුන්කට්ටුව වාසය කළ බවට විශ්වාස කරන ඔවුන් නන්තල ආරම්භ කරන්නේ දෙසැම්බර් පළමුවැනිදා සිටය. ඔවුන්ද දෙසැම්බර් පළමුවැනිදා සිට ආහාර අනුභව නොකොට උපවාස කාලයක් ආරම්භ කරති. එය නිමාවට පත්වන්නේ හරාසා නමින් හඳුන්වනු ලබන කුකුªළුමස් ස්ටුවක් සාදා ආහාරයට ගැනීමෙන් පසුවය.
නෝර්වේ -
නත්තල් උත්සවය, පවුලේ සමගිය හා වැඩිහිටි ආදර්ශය සංකේතවත් කරන උත්සවයක් ලෙස සලකති. නත්තල් දින සැන්දෑවේ පවුලේ සියලුදෙනා එක්ව සාදන ලද නත්තල් ගස වටා වාඩිවී පවුලේ ප්‍රධානියා විසින් කියවනු ලබන ශුද්ධ වූ මතෙව්තුමාගේ නත්තල් කතාවලට සවන්දී සිටිති.
රුසියාව -
රුසියාවේ නත්තල් උත්සවය සඳහා සකස් කරනු ලබන ප්‍රධාන ආහාරය වන්නේ කුත්යා රොටියයි. එය සාදනු ලබන්නේ ධාන්‍ය වර්ග එක් කිරීමෙනි. මේ රොටි කෑමෙන් සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඊට අමතරව කැඳවලින් ගව ඔරුවක්ද පැණිවලින් ජේසු බිලිඳුන්ද නිර්මාණය කරති. මෙදින ඔවුන් නත්තල් පී‍්‍රතිය භුක්ති විඳින්නේ ඩගලැග් නමින් සාදන ලද බිස්කට් කෑමෙනි.
ජේසු සමිඳුන්ගේ අසිරිමත් උපත සිහිකෙරෙන නත්තල මුළු ලොවම සමරනු ලබන්නේ මහත් භක්තියෙනි. වතිකානුවේ පිහිටි බැසිලිකා දෙව් මැදුරේ පවත්වනු ලබන දේව මෙහෙය දෙසැම්බර් මස 24 වැනිදා රාත්‍රී 12ට පවත්වනු ලබති. එම දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්තුමා විසිනි. ශ්‍රී ලංකාවේ නත්තල සමරනු ලබන්නේද දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රියෙහි පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුවය. සෑම දේවස්ථානයකට ම එම වෙලාවට පවත්වනු ලබන දේව මෙහෙයන්ට ක්‍රිස්තු භක්තියෝ විශාල වශයෙන් සහභාගි වෙති.
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ
ආයුර්වේද වෛද්‍ය
වසන්ත පද්ම කුමාර